2 1 වංශාවලිය 33:11-16

2 1 වංශාවලිය 33:11-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් ස්වාමින්වහන්සේ ඔවුනට එරෙහිව අසිරියාවේ රජුගේ හමුදා සෙන්පතීන් ගෙන ආ සේක. ඔවුහු මනස්සේ කොකුවලින් අල්ලා, ලෝකඩ දම්වැලෙන් ඔහු බැඳ, බබිලෝනියට ගෙන ආහ. මෙසේ ඔහු පීඩාවට පත් ව සිටියදී ඔහු තමාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පිහිට පතා ආයාචනා කරමින්, තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියේ අතිශයෙන් ම යටත් වූයේ ය. ඔහු උන්වහන්සේට යාච්ඤා කළේ ය. උන්වහන්සේ ඔහුගේ ආයාචනය පිළිගත් සේක්, ඔහුගේ කන්නලව්ව අසා, යෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යටත් යළි ඔහු ගෙනා සේක. ස්වාමින්වහන්සේ, සැබවින් ම දෙවියන්වහන්සේ වග එවිට මනස්සේ දැනගත්තේ ය. දාවිත් පුරය සඳහා මිටියාවතේ ගීහොන් උල්පතට බස්නාහිරින් මත්ස්‍ය දොරටු පිවිසුම තෙක් දිවෙන පිටත තාප්පයක් ගොඩ නැංවී ය. ඔහු එය ඔෆෙල් වටා යන පරිදි ඉතා උසට නැංවී ය. ඔහු යූදාහි සියලු බළකොටු පුරවර තුළ හමුදා සෙන්පතීන් ද සිටුවී ය. විදේශීය දෙවිවරුන් සහ දේව රූප ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් ඉවත් කළ ඔහු, ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද මත හා යෙරුසලමේ ඔහු ගොඩ නගා තිබූ සියලු පුදසුන් ද ඉවත් කර, ඒවා පුරවරයෙන් පිටත හෙළා දැමී ය. ඔහු ස්වාමින්වහන්සේගේ පූජාසනය යළි පිහිටුවා, ශාන්ති පූජා හා ස්තුති දීමේ පූජා ඔප්පු කළේ ය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට මෙහෙ කරන ලෙස ඔහු යූදා ජනයාට නියෝග කළේ ය.

2 1 වංශාවලිය 33:11-16 Sinhala Revised Old Version (SROV)

ඒ නිසා ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධව පැමිණෙවුසේක. ඔව්හු මනස්සේ අල්වා විලංගුවලින්ද දම්වැල්වලින්ද බැඳ බබිලෝනියට ගෙන ගියෝය. ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කොට, තමාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත්වී, උන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට ඇහුම්කන්දී ඔහුගේ කන්නලව්ව අසා යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවුසේක. එවිට ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව මනස්සේ දැනගත්තේය. මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය–දොරටුවෙන් ඇතුල්වන තැන දක්වා ඕපෙල් වටේට ඉතා උසට පවුරක් ගොඩනගා, යූදාහි පවුරු ඇති සියලු නුවරවල සේනාපතීන් සිටෙවුවේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් අන් දෙවිවරුන්ද පිළිමයද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්දෙහිත් යෙරුසලමෙහිත් ඔහු ගොඩනගා තිබුණ සියලු පූජාසනද පහකොට නුවරින් පිටත දැමුවේය. තවද ඔහු ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට ශාන්ති පූජාද ස්තුති පූජාද ඔප්පුකොට, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්ට යූදාවරුන්ට අණකෙළේය.

2 1 වංශාවලිය 33:11-16 Sinhala New Revised Version (NRSV)

ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය. ඔහු තමාගේ විපතේ දී තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කොට, තම පියවරුන්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත් වී, උන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට සවන් දී ඔහුගේ කන්නලව්ව අසා ජෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවූ සේක. එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බව මනස්සේ දැනගත්තේ ය. මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය-දොරටුවෙන් ඇතුළු වන තැන දක්වා ඕපෙල් තාප්පය වටේට ඉතා උසට පවුරක් ගොඩනඟා, ජුදා දේශයෙහි පවුරු ඇති සියලු නගරවල සේනාපතීන් සිටෙව්වේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් අන් දෙවිවරුන් ද පිළිම ද උන් වහන්සේගේ මාලිගාව පිහිටි කන්දෙහිත්, ජෙරුසලමෙහිත් ගොඩනඟා තිබුණු සියලු පූජාසන ද පහකොට ඒවා නගරයෙන් පිටත දැමුවේ ය. තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට සහභාගිකමේ පූජා ද ස්තුති පූජා ද ඔප්පු කොට, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න ජුදාවරුන්ට අණ කෙළේ ය.

2 1 වංශාවලිය 33:11-16 Sinhala New Revised Version 2018 (SNRV)