2 1 වංශාවලිය 32:6-8
2 1 වංශාවලිය 32:6-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු ජනයා අතරින් සටන්කාමී සෙන්පතීන් පත් කර, පුර දොරටුව අසල පිටියට ඔවුන් රැස් කර, ඔවුන් දිරි ගන්වමින් කතා කළේ ය: “ධෛර්යවත් වන්න, ශක්තිමත් වන්න; අසිරියාවේ රජු මෙන් ම ඔහු සමඟ සිටින මුළු සමූහයා ඉදිරියේ භය වෙන්නවත්, කැලඹෙන්නවත් එපා. මොකද ඔහු සමඟ සිටින්නන්ට වඩා ශ්‍රේෂ්ඨයි අප සමඟ සිටින්නා; ඔහු සමඟ ඇත්තේ මාංසික බාහුවක්; එහෙත් අපට ආධාර දෙන්නටත්, අපේ සටන, සටන් වදින්නටත් අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අප සමඟයි.” යූදා රජු වූ හෙසකියාගේ වචන මගින් ජනයා දිරිගන්වන ලදහ.
2 1 වංශාවලිය 32:6-8 Sinhala Revised Old Version (SROV)
ඔහු සෙනඟ කෙරෙහි යුද්ධාධිපතීන් පත්කොට, නුවර දොරකඩ එළිමහන් තැන් ඔවුන් රැස්කරගන ඔවුන්ට මිත්රකමින් කථාකොට: අෂූර්හි රජුටවත් ඔහු සමඟ සිටින මුළු සමූහයාටවත් භයනොවී නොකැලඹී බලවත්ව සවිව සිටින්න. මක්නිසාද ඔහු සමඟ සිටින්නන්ට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේය. ඔහු සමඟ ඇත්තේ මාංසමය හස්තයක්ය; නුමුත් අපට පිහිටවී අපේ යුද්ධයන් කරන පිණිස අප සමඟ සිටින්නේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යයි කීවේය. සෙනඟ යූදාහි රජවූ හෙසකියාගේ වචන කෙරෙහි විශ්වාසය තැබූහ.
2 1 වංශාවලිය 32:6-8 Sinhala New Revised Version (NRSV)
ඔහු සෙනඟ කෙරෙහි යුද්ධාධිපතීන් පත් කොට, නුවර දොරකඩ එළිමහන් තැන ඔවුන් රැස්කර, ඔවුන්ට මිත්‍ර ලීලාවෙන් කතා කොට, “අසිරියාවේ රජුට වත්, ඔහු සමඟ සිටින මුළු සමූහයට වත් බිය නොවී, නොකැළඹී, බලවත් ව, ධෛර්යවත් ව සිටින්න. මන්ද, ඔහු සමඟ සිටින තැනැත්තාට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේ ය. ඔහුට ඇත්තේ මනුෂ්‍ය බලයකි, එහෙත්, අපට පිහිට වී, අපේ යුද්ධ කරන පිණිස අප සමඟ වැඩ සිටින්නේ, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය”යි කීවේ ය. සෙනඟ ජුදාහි රජ වන හෙසකියාගේ වචනය විශ්වාස කළහ.
2 1 වංශාවලිය 32:6-8 Sinhala New Revised Version 2018 (SNRV)
ඔහු සෙනඟ කෙරෙහි යුද්ධාධිපතීන් පත් කොට, නුවර දොරකඩ එළිමහන් තැන ඔවුන් රැස්කර, ඔවුන්ට මිත්‍ර ලීලාවෙන් කතා කොට, “අසිරියාවේ රජුට වත්, ඔහු සමඟ සිටින මුළු සමූහයට වත් බිය නොවී, නොකැළඹී, බලවත් ව, ධෛර්යවත් ව සිටින්න. මන්ද, ඔහු සමඟ සිටින තැනැත්තාට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේ ය. ඔහුට ඇත්තේ මනුෂ්‍ය බලයකි, එහෙත්, අපට පිහිට වී, අපේ යුද්ධ කරන පිණිස අප සමඟ වැඩ සිටින්නේ, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය”යි කීවේ ය. සෙනඟ ජුදාහි රජ වන හෙසකියාගේ වචනය විශ්වාස කළහ.
2 1 වංශාවලිය 32:6-8 New International Version (NIV)
He appointed military officers over the people and assembled them before him in the square at the city gate and encouraged them with these words: “Be strong and courageous. Do not be afraid or discouraged because of the king of Assyria and the vast army with him, for there is a greater power with us than with him. With him is only the arm of flesh, but with us is the LORD our God to help us and to fight our battles.” And the people gained confidence from what Hezekiah the king of Judah said.