2 1 වංශාවලිය 24:17-27 - Compare All Versions

2 1 වංශාවලිය 24:17-27 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යෙහෝයාදාගේ මරණයෙන් පසු, යූදා නිලධාරීහු අවුත්, රජුට ගරු බුහුමන් දැක්වූහ. ඔහු ඔවුන්ට සවන් දුන්නේ ය. ඔවුහු තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහය අත්හැර දමා, අෂේරා කණුවලටත්, දේවතා පිළිමවලටත් සේවය කළහ. ඔවුන්ගේ වරද නිසා දේව උදහස යූදා සහ යෙරුසලම පිට පැමිණියේ ය. එහෙත් ස්වාමින්වහන්සේ ජනතාව ආපසු තමන්වහන්සේ වෙත හරවා ගැනීමට ඔවුන් අතරට දිවැසිවරුන් එවූ සේක; ඔවුන්ට එරෙහිව ඔවුන් සාක්ෂි දුන් නමුදු ඔවුහු කන් නුදුන්හ. එවිට දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ පූජක යෙහෝයාදාගේ පුත් සෙකරියා පිට පැමිණි කල, ඔහු ජනයාට ඉහළින් සිටගෙන, “දෙවියන්වහන්සේ මෙසේ පවසන සේක: ‘නුඹලා ස්වාමින්වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන්ද? එබැවින් නුඹලා සඵල වන්නේ නැත. මන්ද නුඹලා ස්වාමින්වහන්සේ අත් හළ නිසා උන්වහන්සේ ද නුඹලා අත් හළ සේකැ’ යි” පැවසී ය. එහෙත් ඔවුහු ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කොට, රජුගේ අණ පරිදි ස්වාමින්වහන්සේගේ ගෘහ මළුවේදී ඔහුට ගල් ගසා මරා දැමූහ. මෙසේ යෝවාෂ් රජු සෙකරියාගේ පියාණන් වූ යෙහෝයාදා තමාට දැක් වූ කරුණාව අමතක කරමින්, ඔහුගේ පුතා මරා දැම්මේ ය. ඔහු මිය යද්දී, “ස්වාමින්වහන්සේ මේ බලා පළි ගන්නා සේක්වා” යි පැවසී ය. වසර අවසානයේ අරාම් හමුදාව යෝවාෂ්ට එරෙහිව ආවේ ය. ඔවුහු යූදාවට හා යෙරුසලමට පැමිණ, ජනයා අතරේ වූ ජනයාගේ අධිපතීන් සියල්ලන් විනාශ කර, ඔවුන්ගේ කොල්ලය දමස්කයේ රජු වෙත යැවූහ. අරාම් හමුදාව පැමිණියේ ටික දෙනකුගෙන් සමන්විත ව වුව ද ස්වාමින්වහන්සේ අති විශාල හමුදාවක් ඔවුන් අතට හසුකර දුන්නේ, යූදා තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත්හැරිය නිසා ය. මෙසේ ඔවුහු යෝවාෂ් පිට විනිශ්චයේ දඬුවම පැමිණ වූහ. ඔහු ඔවුන් වෙතින් ඉවත් ව ගියේ බරපතළ ලෙස ඔහු තුවාල ලැබ සිටියදී ය. රජුගේ සේවකයෝ පූජක යෙහෝයාදාගේ පුත්‍රයාගේ ලේ ගැන ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කොට, ඔහුගේ ඇඳේදී ම මරා දැමූහ. ඔහු මළේ ය. ඔවුහු දාවිත් පුරයේ ඔහු භූමදාන කළහ. එහෙත් ඔවුන් රජවරුන්ගේ සොහොන්වල ඔහු භූමදාන කළේ නැත. ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කළේ අම්මොනීය ස්ත්‍රියක වූ ෂිමෙයාත්ගේ පුත් සාබාද් හා මෝවබීය ස්ත්‍රියක වූ ෂිම්රීත්ගේ පුත් යෙහෝසාබාද් ය. ඔහුගේ පුතුන්ගේ තොරතුරු ද ඔහු සම්බන්ධ බොහෝ කියමන් ද දෙවියන්වහන්සේගේ ගෘහය යළි ගොඩ නැගීමේ කටයුතු ද ගැන රජවරුන්ගේ අටුවා පොතේ ලියැවී ඇත. ඔහුගේ පුත්‍ර අමසියා ඔහුගෙන් පසු රජකමට පත් විය.

බෙදාගන්න
2 1 වංශාවලිය 24 SCV

2 1 වංශාවලිය 24:17-27 SROV (Sinhala Revised Old Version)

යෙහෝයාදා මැරුණු පසු යූදාහි අධිපතීහු ඇවිත් රජුට වැන්දෝය. එවිට රජ ඔවුන්ට ඇහුම්කන්දුන්නේය. ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය අත්හැර අෂේරා කණුවලටත් පිළිමවලටත් සේවයකළෝය. ඔවුන්ගේ මේ වරද නිසා යූදාද යෙරුසලමද පිටට උදහස පැමිණියේය. නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හරවන පිණිස උන්වහන්සේ ප්‍රොපේතවරුන් ඔවුන් අතරට එවූ සේක; ඒ ප්‍රොපේතවරුන් ඔවුන්ට අවවාදකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. දෙවියන්වහන්සේගේ ආත්මය යෙහෝයාදා පූජකයාගේ පුත්‍රවූ ශෙකරියා කෙරෙහි පැමිණියේය; ඔහු සෙනඟට ඉහළින් නැගිට සිට ඔවුන්ට කථාකොට: දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-නුඹලා ස්වාමීන්වහන්සේගේ ආඥා කඩකරන්නේ මක්නිසාද? නුඹලාට සඵලයක් නොවන්නේය. නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා උන්වහන්සේත් නුඹලා අත්හැරියසේකැයි කීවේය. ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය. මෙසේ යෝවාෂ් රජ ඔහුගේ පියවූ යෙහෝයාදා තමාට කළ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරීය. ඔහු මැරෙද්දී කථාකොට: ස්වාමීන්වහන්සේ මේක බලා ප්‍රතිඵල දෙනසේක්වයි කීවේය. ඊළඟ අවුරුද්දෙහි සිරියවරුන්ගේ සේනාව ඔහුට විරුද්ධව ආවෝය. ඔව්හු යූදාටත් යෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකරදමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට ඇරියෝය. සිරියවරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙක්ව පැමිණි නමුත්, යූදාවරුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා ස්වාමීන්වහන්සේ ඉතා මහත් සේනාවක් ඔවුන් අතට පාවාදුන්සේක. මෙසේ ඔව්හු යෝවාෂ් කෙරෙහි දඬුවම් පැමිණෙවුවෝය. ඔහු බොහෝ තුවාලවී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගියාට පසු, ඔහුගේ සේවකයෝ පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයන්ගේ ලේ ගැන ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුගේ ඇඳේදී ඔහු මැරුවෝය, මෙසේ ඔහු මළේය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළ නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝය. ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකළ අය නම්: අම්මොනිය ස්ත්‍රියෙක් වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ සාබාත් සහ මෝවබිය ස්ත්‍රියෙක් වන ෂිම්රීත්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ය. ඔහුගේ පුත්‍රයන් ගැනද ඔහු පිට තබනලද බරේ මහත්කම සහ දෙවියන්වහන්සේගේ ගෘහය දෙවනු ගොඩනැගීම ගැනද රාජාවලි අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.

බෙදාගන්න
2 1 වංශාවලිය 24 SROV

2 1 වංශාවලිය 24:17-27 NRSV (Sinhala New Revised Version)

ජෙහෝයාදා මියගිය පසු ජුදාහි අධිපතීහු අවුත් රජුට ආචාර කළහ. එවිට රජ ඔවුන්ට සවන් දුන්නේ ය. ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අත්හැර දමා අෂේරා කප් කණුවලටත්, පිළිමවලටත් සේවය කළෝ ය. ඔවුන්ගේ මේ වරද නිසා ජුදා දේශය ද ජෙරුසලම ද පිට දේව උදහස පැමිණියේ ය. එහෙත්, ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හරවන පිණිස උන් වහන්සේ දිවැසිවරුන් ඔවුන් අතරට එවූ සේක. ඒ දිවැසිවරුන් ඔවුන්ට අවවාද කළ නමුත්, ඔව්හු ඇහුම්කන් නුදුන්හ. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ජෙහෝයාදා පූජකයාගේ පුත් ශෙකරියා පිට පැමිණියේ ය. ඔහු සෙනඟට ඉහළින් නැඟිට සිට ඔවුන්ට කතා කොට, “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? නුඹලාට යහපතක් නොවන්නේ ය. නුඹලා සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා උන් වහන්සේත් නුඹලා අත්හැරිය සේකැ’ ”යි කීවේ ය. ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ දී ඔහුට ගල් ගැසුවෝ ය. මෙසේ ජෝවාෂ් රජ ශෙකරියාගේ පිය වූ ජෙහෝයාදා තමාට පෙන් වූ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරී ය. ඔහු මැරෙද්දී කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙය බලා ප්‍රතිවිපාක දෙන සේක්වා”යි කීවේ ය. ඊළඟ අවුරුද්දෙහි සිරියන්වරුන්ගේ සේනාව ජෝවාෂ්ට විරුද්ධ ව පැමිණියේ ය. ඔව්හු ජුදා දේශයටත්, ජෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකර දමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට යැවූ හ. සිරියන්වරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙකු ව පැමිණි නමුත්, ජුදාවරුන් තම පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හළ නිසා, සමිඳාණන් වහන්සේ ඉතා විශාල සේනාවක් ඔවුන් අතට පාවා දුන් සේක. මෙසේ ඔව්හු ජෝවාෂ්ට සුදුසු ලෙස දඬුවම් දුන්හ. ඔහු බොහෝ තුවාළ වී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගිය පසු, ඔහුගේ සේවකයෝ පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයන්ගේ මරණය ගැන ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ඇඳේ දී ඔහු මැරුවෝ ය. මෙසේ ඔහු මියගියේ ය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළ නමුත්, රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝ ය. ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කළ අය නම්, අම්මොනිය ස්ත්‍රියක වන ෂිමෙයාත්ගේ පුත් සාබාද් සහ මෝවබිය ස්ත්‍රියක වන ෂිම්රීත්ගේ පුත් ජෙහෝශාබාද් ය. ඔහුගේ පුත්‍රයන් ගැන ද, ඔහු පිට තබන ලද විශාල වගකීම සහ දෙවියන් වහන්සේගේ මාලිගාව දෙවනුව ගොඩනැඟීම ගැන ද රාජාවලී අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.

බෙදාගන්න
2 1 වංශාවලිය 24 NRSV

2 1 වංශාවලිය 24:17-27 SNRV (Sinhala New Revised Version 2018)

2 1 වංශාවලිය 24 SNRV

2 1 වංශාවලිය 24:17-27 NIV (New International Version)

After the death of Jehoiada, the officials of Judah came and paid homage to the king, and he listened to them. They abandoned the temple of the LORD, the God of their ancestors, and worshiped Asherah poles and idols. Because of their guilt, God’s anger came on Judah and Jerusalem. Although the LORD sent prophets to the people to bring them back to him, and though they testified against them, they would not listen. Then the Spirit of God came on Zechariah son of Jehoiada the priest. He stood before the people and said, “This is what God says: ‘Why do you disobey the LORD’s commands? You will not prosper. Because you have forsaken the LORD, he has forsaken you.’ ” But they plotted against him, and by order of the king they stoned him to death in the courtyard of the LORD’s temple. King Joash did not remember the kindness Zechariah’s father Jehoiada had shown him but killed his son, who said as he lay dying, “May the LORD see this and call you to account.” At the turn of the year, the army of Aram marched against Joash; it invaded Judah and Jerusalem and killed all the leaders of the people. They sent all the plunder to their king in Damascus. Although the Aramean army had come with only a few men, the LORD delivered into their hands a much larger army. Because Judah had forsaken the LORD, the God of their ancestors, judgment was executed on Joash. When the Arameans withdrew, they left Joash severely wounded. His officials conspired against him for murdering the son of Jehoiada the priest, and they killed him in his bed. So he died and was buried in the City of David, but not in the tombs of the kings. Those who conspired against him were Zabad, son of Shimeath an Ammonite woman, and Jehozabad, son of Shimrith a Moabite woman. The account of his sons, the many prophecies about him, and the record of the restoration of the temple of God are written in the annotations on the book of the kings. And Amaziah his son succeeded him as king.

බෙදාගන්න
2 1 වංශාවලිය 24 NIV