2 1 වංශාවලිය 22:1-12

2 1 වංශාවලිය 22:1-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යෙරුසලමේ ජනතාව, ඔහු වෙනුවට යෙහෝරාම්ගේ බාල පුත් අහසියා, රජකමට පත් කළහ. මන්ද අරාබිවරුන් සමඟ කඳවුර තුළට පැමිණි ආක්‍රමණිකයින් විසින් වැඩිමහල් පුතුන් සියලු දෙනා මරා දමා තිබිණි. එබැවින් යූදා රජු වූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම් කරන්නට පටන් ගත්තේ ය. අහසියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක් විය. ඔහු යෙරුසලමේ එක් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඇය ඔම්රීගේ මිණිබිරියකි. ඔහු ද ආහාබ්ගේ වංශයේ මාර්ගවල පැවතිණ. මන්ද දුෂ්ටකම් කිරීමට ඔහුට උපදෙස් දුන්නේ ඔහුගේ මවයි. ආහාබ්ගේ වංශය කර තිබූ පරිද්දෙන් ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළේ ය. මන්ද ඔහුගේ පියාගේ අභාවයෙන් පසු ඔහු විනාශයට පත් වන පිණිස ඔහුගේ උපදේශකයින් වූයේ ඔවුන් ය. ඔහු ඔවුන්ගේ උපදෙස් පිළිපැද, ඉශ්‍රායෙල් රජු වූ ආහාබ්ගේ පුත් යෙහෝරාම් සමඟ අරාම්හි රජු වූ හසායෙල්ට එරෙහිව රාමොත්-ගිලියාද්හි යුද්ධ කරන්නට ගියේ ය. අරාම්වරු යෙහෝරාම්ට තුවාල කළහ. එබැවින් අරාම්හි රජු වූ හසායෙල් සමඟ රාමාහි සටනේදී ඔවුන් ඔහුට කළ තුවාල සුව කර ගැනීමට ඔහු යෙස්රෙයෙල් වෙත ආපසු ආවේ ය. ආහාබ්ගේ පුත් යෙහෝරාම් තුවාල ලබා සිටි බැවින්, ඔහු බලන්නට යූදාහි රජු වූ යෙහෝරාම්ගේ පුත් අසරියා, යෙස්රෙයෙල් වෙත ගියේ ය. එහෙත් අහසියා, යෝරාම් බලන්නට යෑම නිසා එමඟින් ඔහුගේ වැටීයාම දෙවියන්වහන්සේ විසින් නියම කෙරිණි. අහසියා පැමිණි කල ඔහු යෙහෝරාම් කැටුව නිම්ෂීගේ පුත් යේහූ මුණගැසෙන පිණිස පිටත් ව ගියේ ය. ආහාබ්ගේ වංශය විනාශ කිරීමට ස්වාමින්වහන්සේ ආලේප කර තිබූ තැනැත්තා ඔහු ය. යේහූ, ආහාබ්ගේ වංශය පිට විනිශ්චය ඉටු කරමින් සිටියදී, යූදා අධිපතීන් ද අහසියාට මෙහෙ කළ අහසියාගේ සහෝදරයින්ගේ පුතුන් ද ඔහුට හමු විණි. ඔහු ඔවුන් මරා දැමී ය. ඉන්පසු ඔහු අහසියා සොයා ගියේ ය. ඔහු සමාරියේ සැඟවී සිටියදී ඔහුගේ මිනිස්සු ඔහු අල්ලා ගත්හ. ඔහු යේහූ වෙත ගෙනෙන ලදුව මරා දැමිණ. ඔවුහු කතා කොට, “මොහු තමන්ගේ මුළු හදින් ස්වාමින්වහන්සේ සෙවූ යෙහෝෂාෆාට්ගේ පුතෙකැ” යි පවසමින්, ඔහු භූමදාන කළහ. එබැවින් රාජ්‍යය ඉදිරියට ගෙන යන්නට කෙනකු අහසියාගේ වංශයේ සිටියේ නැත. තවද අහසියාගේ මව වූ අතලියා තම පුතු මැරුණු වග දුටු කල, නැගිට මුළු යූදා රාජවංශික පවුල ම විනාශ කළා ය. එහෙත් රජුගේ දියණිය වූ යෙහෝෂබත්, අහසියාගේ පුත් යෝවාෂ් රැගෙන, මරන්නට නියම ව සිටි රජ කුමාරයින් අතරෙන් ඔහු හොර රහසේ වෙන් කොට ගෙන ගොස්, ඔහුත්, ඔහුගේ කිරි මවත් යහන් කුටියක් තුළ තැබුවා ය. යෙහෝරාම් රජුගේ දියණිය ද පූජක යෙහෝයාදාගේ බිරිඳ ද වූ යෙහෝෂබත්, අහසියාගේ සහෝදරිය වූ නිසා දරුවා මරන්නට නො හැකි වන පරිදි අතලියා වෙතින් ඔහු සැඟෙවුවා ය. අතලියා දේශය පාලනය කළ අතරතුරේ ඔහු ඔවුන් සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයේ නැවතී, අවුරුදු හයක් සැඟවී සිටියේ ය.

2 1 වංශාවලිය 22:1-12 Sinhala Revised Old Version (SROV)

යෙරුසලමේ වැසියෝ ඔහුගේ බාල පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය. මක්නිසාද අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව සියලු වැඩිමහල් පුත්‍රයන් මැරුවෝය. එබැවින් යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම්කෙළේය. අහසියා හතළිස් දෑවුරුදු වයසේදී රජවී, අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතලියාය, ඈ ඔම්රීගේ දුවෙක්ය. ඔහුද ආහබ්ගේ වංශයේ මාර්ගවල හැසුරුණේය. මක්නිසාද දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුගේ මන්ත්‍රණකාරී වූවාය. ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. මක්නිසාද ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුට මන්ත්‍රණකාරයෝ වූහ. ඔහුත් ඔවුන්ගේ මන්ත්‍රණය ලෙස හැසිර, ආහබ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙහෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාලකළෝය. ඔහු සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව සටන්කරන අතර රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හිදී සුවකරවාගන්න පිණිස ඔහු හැරී ආවේය. යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් රෝගාතුරව සිටි බැවින් ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය. යෝරාම් ළඟට යාම නිසා අහසියාටවූ විනාශය දෙවියන්වහන්සේ කෙරෙන් විය. මක්නිසාද ඔහු ගිය කල ආහබ්ගේ වංශය සිඳ දමන පිණිස ස්වාමීන්වහන්සේ විසින් ආලේපකළාවූ නිම්ෂීගේ පුත්‍රවූ යේහුට විරුද්ධව ඔහු යෙහෝරාම් සමඟ ගියේය. තවද යේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ටකරද්දී යූදාහි අධිපතීන්ද අහසියාට සේවයකළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන්ද සම්බව ඔහු ඔවුන් මැරුවේය. ඔහු අහසියා සොයා ගියේය, ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්වා යේහු ළඟට ගෙනවුත් මැරුවෝය; තවද ඔව්හු කථාකොට: මොහු වනාහි තමාගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ සෙවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රයායයි කියා ඔහු තැන්පත් කළෝය. රාජ්‍යය පවත්වාගන්ට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත. එකල අහසියාගේ මවුවූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු යූදා රාජවංශය නැතිකළාය. නුමුත් රජුගේ දූවූ යෙහෝෂබත් මරනු ලැබූ රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහුද ඔහුගේ කිරි මවද යහන් තුබූ ගබඩාවෙහි සඟවා තැබුවාය. මෙසේ යෙහෝරාම් රජුගේ දූවූ, යෙහෝයාදා පූජකයාගේ භාර්යාවවූ, අහසියාගේ සහෝදරීවූ යෙහෝෂබත් අතලියා විසින් ඔහු නොමරන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවාය. ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.

2 1 වංශාවලිය 22:1-12 Sinhala New Revised Version (NRSV)

ජෙරුසලමේ වැසියෝ රජුගේ බාල පුත් අහසියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය. මන්ද, අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව රජුගේ සියලු වැඩිමහල් පුත්‍රයන් මරා දමා තිබිණි. එබැවින් ජුදාහි රජ වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා රජකම් කෙළේ ය. අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඈ ඔම්රීගේ මිණිබිරියකි. ඔහු ද ආහබ්ගේ වංශයෙන් පැවතෙන්නන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුට උපදෙස් දුන්නා ය. ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේ ය. මන්ද, ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ උපදේශකයෝ වූ හ. ඔහුත් ඔවුන්ගේ අවවාද ලෙස හැසිර, ආහබ්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝරාම් සමඟ සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධයට ගියේ ය. සිරියන්වරු ජෙහෝරාම්ට තුවාළ කළෝ ය. ඔහු සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව සටන් කරන අතර, රාමාහි දී සිරියන්වරුන් විසින් ඔහුට කරන ලද තුවාළ ජෙශ්‍රෙයෙල්හි දී සුව කරවාගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෙහෝරාම් රෝගාතුර ව සිටි බැවින් ඔහු බලන්න ජෙශ්‍රෙයෙල්ට ගියේ ය. ජෙහෝරාම් ළඟට යාම නිසා අහසියාට වූ විනාශය දෙවියන් වහන්සේ කෙරෙන් විය. මන්ද, ඔහු ගිය කල ආහබ්ගේ වංශය වනසන පිණිස සමිඳාණන් වහන්සේ විසින් අභිෂේක කරන ලද නිම්ෂිගේ පුත් ජේහුට විරුද්ධ ව ඔහු ජෙහෝරාම් සමඟ ගියේ ය. තවද, ජේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරද්දී ජුදාහි අධිපතීන් ද අහසියාට සේවය කළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් ද සම්බ වී ඔවුන් මැරුවේ ය. ඔහු අහසියා සොයා ගියේ ය. ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්ලා ජේහු ළඟට ගෙනවුත් මැරුවෝ ය. තවද, ඔව්හු කතා කොට, “මොහු වනාහි තමාගේ මුළු සිතින් සමිඳාණන් වහන්සේ සොයා ගිය ජෙහෝරාම්ගේ පුත්‍රයා ය”යි ඔහු තැන්පත් කළෝ ය. රාජ්‍යය ගෙන යාමට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත. එකල අහසියාගේ මව වූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක, නැඟිට මුළු ජුදා රාජ වංශය නැති කළා ය. එහෙත්, රජුගේ දූ වන ජෙහෝෂබත් මරන්න නියම රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහු ද ඔහුගේ කිරි මව ද යහන් ගබඩාවෙහි සඟවා තැබුවා ය. මෙසේ ජෙහෝරාම් රජගේ දූ වූ, ජෙහෝයාදා පූජකයාගේ භාර්යාව වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂබත්, අතලියා විසින් නොමරනු ලබන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවා ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.

2 1 වංශාවලිය 22:1-12 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 22:1-12 New International Version (NIV)

The people of Jerusalem made Ahaziah, Jehoram’s youngest son, king in his place, since the raiders, who came with the Arabs into the camp, had killed all the older sons. So Ahaziah son of Jehoram king of Judah began to reign. Ahaziah was twenty-two years old when he became king, and he reigned in Jerusalem one year. His mother’s name was Athaliah, a granddaughter of Omri. He too followed the ways of the house of Ahab, for his mother encouraged him to act wickedly. He did evil in the eyes of the LORD, as the house of Ahab had done, for after his father’s death they became his advisers, to his undoing. He also followed their counsel when he went with Joram son of Ahab king of Israel to wage war against Hazael king of Aram at Ramoth Gilead. The Arameans wounded Joram; so he returned to Jezreel to recover from the wounds they had inflicted on him at Ramoth in his battle with Hazael king of Aram. Then Ahaziah son of Jehoram king of Judah went down to Jezreel to see Joram son of Ahab because he had been wounded. Through Ahaziah’s visit to Joram, God brought about Ahaziah’s downfall. When Ahaziah arrived, he went out with Joram to meet Jehu son of Nimshi, whom the LORD had anointed to destroy the house of Ahab. While Jehu was executing judgment on the house of Ahab, he found the officials of Judah and the sons of Ahaziah’s relatives, who had been attending Ahaziah, and he killed them. He then went in search of Ahaziah, and his men captured him while he was hiding in Samaria. He was brought to Jehu and put to death. They buried him, for they said, “He was a son of Jehoshaphat, who sought the LORD with all his heart.” So there was no one in the house of Ahaziah powerful enough to retain the kingdom. When Athaliah the mother of Ahaziah saw that her son was dead, she proceeded to destroy the whole royal family of the house of Judah. But Jehosheba, the daughter of King Jehoram, took Joash son of Ahaziah and stole him away from among the royal princes who were about to be murdered and put him and his nurse in a bedroom. Because Jehosheba, the daughter of King Jehoram and wife of the priest Jehoiada, was Ahaziah’s sister, she hid the child from Athaliah so she could not kill him. He remained hidden with them at the temple of God for six years while Athaliah ruled the land.