2 1 වංශාවලිය 20:3-4
2 1 වංශාවලිය 20:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෙහෝෂාෆාට් භයපත් ව ස්වාමින්වහන්සේ සොයන්නට අදිටන් කර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්රකාශ කළේ ය. ස්වාමින්වහන්සේගෙන් පිළිසරණ සොයන්නට යූදා ජනයා එක් රැස් වූහ; ඔවුහු ස්වාමින්වහන්සේ සොයන්නට හැම යූදා නගරයකින් ම පැමිණියහ.
2 1 වංශාවලිය 20:3-4 Sinhala Revised Old Version (SROV)
එවිට යෙහෝෂාපාට් භයවී, ස්වාමීන්වහන්සේ සොයන්ට සිත යොමුකර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්රකාශකෙළේය. ස්වාමීන්වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස යූදාවරු රැස්වූවෝය. යූදාහි සියලු නුවරවලින් ඔව්හු ස්වාමීන්වහන්සේ සොයන්ට ආවෝය.
2 1 වංශාවලිය 20:3-4 Sinhala New Revised Version (NRSV)
එවිට ජෙහෝෂාපාට් බිය වී, සමිඳාණන් වහන්සේට යැදීමට ඉටාගෙන ජුදා මුළුල්ලෙහි උපවාසයක් ප්රකාශ කෙළේ ය. සමිඳාණන් වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස ජුදාවරු රැස් වූවෝ ය. ජුදාහි සියලු නගරවලින් ඔව්හු සමිඳාණන් වහන්සේට යැදීමට ආවෝ ය.
2 1 වංශාවලිය 20:3-4 Sinhala New Revised Version 2018 (SNRV)