2 1 වංශාවලිය 20:18-21
2 1 වංශාවලිය 20:18-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යෙහෝෂාෆාට් ඔහුගේ හිස නවා, ඔහුගේ මුහුණ බිමට නමා ගත්තේ ය. සියලු යූදා හා යෙරුසලම් වාසීහු ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, ස්වාමින්වහන්සේ අබියස වැඳ වැටුණහ. කොහාත්ගෙන් ද කෝරාගෙන් ද පැවත එන්නවුන් වූ ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහ හඬින් ප්‍රශංසා කරන්නට නැගිට, සිටගත්හ. අලුයම් උදය නැගුටුණු ඔවුහු තෙකෝවා කාන්තාරයට පිටත් ව ගියහ. ඔවුන් පිටත් ව යන කල යෙහෝෂාෆාට් නැගිට කතා කරමින්, “සවන් දෙන්න මට, යූදාවරුනි, යෙරුසලම් වැසියෙනි, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. එවිට ඔබ ස්ථාවර වනු ඇත. උන්වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. ඔබ සාර්ථක වනු ඇතැ” යි පැවසී ය. ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෙහෝෂාෆාට්, හමුදාවට පෙරටුව යමින්, “ස්වාමින්වහන්සේට ස්තුති පුදන්න. මන්ද උන්වහන්සේගේ නොමියෙන පෙම සදහට පවත්නේ යැ” යි පවසමින්, ස්වාමින්වහන්සේට ගායනා කරන්නන් හා උන්වහන්සේගේ ශුද්ධකමේ අලංකාරය ගැන ප්‍රශංසා කරන්නන් පත් කළේ ය.
2 1 වංශාවලිය 20:18-21 Sinhala Revised Old Version (SROV)
එවිට යෙහෝෂාපාට් මුහුණින් බිමට නැමුණේය. සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද ස්වාමීන්වහන්සේට නමස්කාරකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැඳවැටුණෝය. කොහාතිවරුන්ගේ පුත්‍රයෝද කොරාවරුන්ගේ පුත්‍රයෝද වන ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඉතා මහත් හඬකින් ප්‍රශංසා කිරීමට නැගුටුණෝය. ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය. ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්– ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය.
2 1 වංශාවලිය 20:18-21 Sinhala New Revised Version (NRSV)
එවිට ජෙහෝෂාපාට් බිමට නැමුණේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද සමිඳාණන් වහන්සේට නමස්කාර කරමින් උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. කොහාත්වරුන්ගේ පුත්‍රයන් ද කොරාවරුන්ගේ පුත්‍රයන් ද වන ලෙවීවරු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඉමහත් හඬකින් ප්‍රශංසා කිරීමට පටන් ගත්හ. ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, “ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය. ඔහු සෙනඟ සමඟ සම්මන්ත්‍රණය කොට සමිඳාණන් වහන්සේට ගායනා කරන්නන් පත් කෙළේ ය. ඔව්හු නමස්කාරයට සුදුසු ඇඳුම් ලා ගෙන යුද්ධ සේනාවට පෙරටු ව යමින්, උන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ගැයුවෝ ය.
2 1 වංශාවලිය 20:18-21 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 20:18-21 New International Version (NIV)
Jehoshaphat bowed down with his face to the ground, and all the people of Judah and Jerusalem fell down in worship before the LORD. Then some Levites from the Kohathites and Korahites stood up and praised the LORD, the God of Israel, with a very loud voice. Early in the morning they left for the Desert of Tekoa. As they set out, Jehoshaphat stood and said, “Listen to me, Judah and people of Jerusalem! Have faith in the LORD your God and you will be upheld; have faith in his prophets and you will be successful.” After consulting the people, Jehoshaphat appointed men to sing to the LORD and to praise him for the splendor of his holiness as they went out at the head of the army, saying: “Give thanks to the LORD, for his love endures forever.”