2 1 වංශාවලිය 15:3-6 - Compare All Versions

2 1 වංශාවලිය 15:3-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද ඉශ්‍රායෙල්වරු දිගු කලක් සැබෑ දෙවියන්වහන්සේ නැතුව, උගන්වන්නට පූජකයකු නැතුව, ව්‍යවස්ථාව ද නැතුව සිටියහ. එහෙත් ඔවුහු තම විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත හැරී, උන්වහන්සේ සෙවූහ. උන්වහන්සේ ද ඔවුන්ට හමු වූ සේක. එකල්හි පිටතට ගිය කෙනාට හා ඇතුළට ආ කෙනාට සාමයක් නො විණ. මන්ද සියලු දේශ වාසීන් පිට මහත් පීඩා පැමිණියේ ය. එක් ජාතියක් විසින් තවත් ජාතියක් ද එක් පුරවරයක් විසින් තවත් පුරවරයක් ද පොඩිකර දැමිණ. මන්ද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්වලින් ඔවුන් කැලඹූ සේක.

බෙදාගන්න
2 1 වංශාවලිය 15 SCV

2 1 වංශාවලිය 15:3-6 SROV (Sinhala Revised Old Version)

බොහෝ කාලයක සිට ඉශ්‍රායෙල්වරු සැබෑවූ දෙවියන්වහන්සේ ද උගන්වන පූජකයෙක්ද ව්‍යවස්ථාවද නැතුව සිටියෝය. නුමුත් ඔවුන් තමුන්ගේ විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ සෙවූ කල උන්වහන්සේ ඔවුන්ට සම්බවූසේක. ඒ කාලවලදී පිටත ගිය කෙනෙකුටවත් ඇතුළට ආ කෙනෙකුටවත් කිසි සමාදානයක් නැතුව දේශවල සියලු වැසියන්ට මහත් පීඩා පැමුණුණේය. ජාතියක් කරණකොටගෙන ජාතියක්ද නුවරක් කරණකොටගෙන නුවරක්ද පොඩිකරනු ලැබුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන් පෙළූසේක.

බෙදාගන්න
2 1 වංශාවලිය 15 SROV

2 1 වංශාවලිය 15:3-6 NRSV (Sinhala New Revised Version)

බොහෝ කාලයක සිට ඉශ්රායෙල්වරු සැබෑවන දෙවියන් වහන්සේ ද උගන්වන පූජකයෙකු ද ව්‍යවස්ථාව ද නැති ව සිටියෝ ය. එහෙත්, ඔවුන් තමන්ගේ විපතේ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙස හැරී, උන් වහන්සේ සෙවූ විට ඔවුන්ට උන් වහන්සේ සම්බ වූ සේක. ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය. ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි.

බෙදාගන්න
2 1 වංශාවලිය 15 NRSV

2 1 වංශාවලිය 15:3-6 SNRV (Sinhala New Revised Version 2018)

බොහෝ කාලයක සිට ඉශ්රායෙල්වරු සැබෑවන දෙවියන් වහන්සේ ද උගන්වන පූජකයෙකු ද ව්‍යවස්ථාව ද නැති ව සිටියෝ ය. එහෙත්, ඔවුන් තමන්ගේ විපතේ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙස හැරී, උන් වහන්සේ සෙවූ විට ඔවුන්ට උන් වහන්සේ සම්බ වූ සේක. ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය. ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි.

බෙදාගන්න
2 1 වංශාවලිය 15 SNRV

2 1 වංශාවලිය 15:3-6 NIV (New International Version)

For a long time Israel was without the true God, without a priest to teach and without the law. But in their distress they turned to the LORD, the God of Israel, and sought him, and he was found by them. In those days it was not safe to travel about, for all the inhabitants of the lands were in great turmoil. One nation was being crushed by another and one city by another, because God was troubling them with every kind of distress.

බෙදාගන්න
2 1 වංශාවලිය 15 NIV