2 1 වංශාවලිය 15:1-19
2 1 වංශාවලිය 15:1-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ, ඕදේද්ගේ පුත් අසරියා පිට පැමිණියහ. ඔහු ආසා හමුවට පිටත් ව ගොස්, ඔහු අමතා, “ආසා සහ යූදා හා බෙන්යමින් සියලු ජනයෙනි, මට සවන් දෙන්න. ඔබ ස්වාමින්වහන්සේ සමඟ නම් උන්වහන්සේ ඔබ සමඟ වන සේක. ඔබ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ ඔබට සම්බවනසේක. එහෙත් ඔබ උන්වහන්සේ අත්හරිනවා නම් උන්වහන්සේ ද ඔබ අත්හරිනු ඇත. මන්ද ඉශ්‍රායෙල්වරු දිගු කලක් සැබෑ දෙවියන්වහන්සේ නැතුව, උගන්වන්නට පූජකයකු නැතුව, ව්‍යවස්ථාව ද නැතුව සිටියහ. එහෙත් ඔවුහු තම විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත හැරී, උන්වහන්සේ සෙවූහ. උන්වහන්සේ ද ඔවුන්ට හමු වූ සේක. එකල්හි පිටතට ගිය කෙනාට හා ඇතුළට ආ කෙනාට සාමයක් නො විණ. මන්ද සියලු දේශ වාසීන් පිට මහත් පීඩා පැමිණියේ ය. එක් ජාතියක් විසින් තවත් ජාතියක් ද එක් පුරවරයක් විසින් තවත් පුරවරයක් ද පොඩිකර දැමිණ. මන්ද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්වලින් ඔවුන් කැලඹූ සේක. එහෙත් ඔබ සවිමත් ව සිටින්න. අත් බෙලහීන වන්නට ඉඩ නො දෙන්න. මන්ද ඔබේ වැඩට ඉටු විපාක ලැබෙන්නේ යැ” යි පැවසී ය. ආසා මේ වචන එනම් දිවැසිවර ඕදේද්ගේ පුත් අසරියාගේ දිවැස් වැකිය ඇසූ විගස ධෛර්යවත් වී, මුළු යූදා හා බෙන්යමින් දේශයෙන් ද තමා අල්ලා ගත් එප්‍රායිම් කඳුකරයේ නගරවලින් ද පිළිකුල් සහගත දේවතා පිළිම ඉවත් කර, ස්වාමින්වහන්සේගේ ගෘහයේ පිවිසුම් ශාලාව ඉදිරිපිට තිබූ ස්වාමින්වහන්සේගේ පූජාසනය පිළිසකර කළේ ය. ඔහු යූදා හා බෙන්යමින් සියලු ජනයා ද ඔවුන් අතරේ පදිංචි ව සිටි එප්‍රායිම්, මනස්සේ හා සිමියොන් ජනයා ද එක් රැස් කරවී ය. ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔහු සමඟ සිටිනු දුටු ඔවුහු ඉශ්‍රායෙලයේ සිට ගණනින් විශාල වශයෙන් ඔහු වෙත පැමිණ සිටියහ. ඔවුහු ආසාගේ රාජ්‍ය පාලනයේ පහළොස් වන වසරේ තුන් වන මාසයේ යෙරුසලමට එක් රැස් වූහ. ඔවුහු ගෙනැවිත් තිබූ කොල්ලයෙන් ගවයින් හත්සියයක් ද බැටළුවන් හත්දහසක් ද එම අවස්ථාවේදී ස්වාමින්වහන්සේට පූජා කළහ. ඔවුහු තමන්ගේ මුළු හදවතින් ද මුළු ජීවයෙන් ද තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයන පිණිස ගිවිසුමකට එළැඹුණහ. ඒ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ නො සොයන සියල්ලන් ඔවුන් ලොකු හෝ කුඩා වුවත්, පිරිමි හෝ ගැහැණු වුවත් මරා දමන බවට ය. ඔවුහු මහත් ඝෝෂාව, ඔල්වර හඬ, හොරණෑ නාද හා බැටළු අං නළා හඬ ද ඇතුව ස්වාමින්වහන්සේට දිවුරුමක් ශපථ කළහ. තමන්ගේ මුළු හදින් දිවුළ දිවිරීම පිළිබඳව මුළු යූදා ජනතාව ප්‍රීති වූහ. ඔවුහු දෙවියන්වහන්සේ සොයන පිණිස උත්සුක වූහ. ඔවුන්ට උන්වහන්සේ සම්බ විය. එබැවින් ස්වාමින්වහන්සේ හැම අතින් ම ඔවුන්ට විශ්‍රාමය දුන් සේක. ආසා රජුගේ මව වූ මයකා පිළිකුල් අෂේරා රූප ස්තම්භයක් සෑදූ බැවින්, ආසා රජු මව් බිසෝ තනතුරෙන් ඇය ඉවත් කළේ ය. ආසා එම රූප ස්තම්භය කපා දමා, කිද්‍රොන් නිම්නයේදී එය පුලුස්සා දැමී ය. එහෙත් ඉශ්‍රායෙල් වෙතින් උස් තැන් පුදසුන් ඉවත් නො කරන ලදී. එනමුත් ආසාගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුගේ හදවත මුළුමනින් ම ස්වාමින්වහන්සේට කැප ව තිබුණි. ඔහු තම පියාත්, තමාත් කැප කර තිබූ රිදී හා රන් ද භාණ්ඩ ද දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනාවේ ය. ආසාගේ රාජ්‍යයේ තිස්පස් වැනි වසර දක්වා යුද්ධ ඇති නො විණ.
2 1 වංශාවලිය 15:1-19 Sinhala Revised Old Version (SROV)
තවද දෙවියන්වහන්සේගේ ආත්මය ඕදෙද්ගේ පුත්‍රවූ අසරියා කෙරෙහි පැමිණියේය. ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත. බොහෝ කාලයක සිට ඉශ්‍රායෙල්වරු සැබෑවූ දෙවියන්වහන්සේ ද උගන්වන පූජකයෙක්ද ව්‍යවස්ථාවද නැතුව සිටියෝය. නුමුත් ඔවුන් තමුන්ගේ විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ සෙවූ කල උන්වහන්සේ ඔවුන්ට සම්බවූසේක. ඒ කාලවලදී පිටත ගිය කෙනෙකුටවත් ඇතුළට ආ කෙනෙකුටවත් කිසි සමාදානයක් නැතුව දේශවල සියලු වැසියන්ට මහත් පීඩා පැමුණුණේය. ජාතියක් කරණකොටගෙන ජාතියක්ද නුවරක් කරණකොටගෙන නුවරක්ද පොඩිකරනු ලැබුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන් පෙළූසේක. එහෙත් නුඹලා අත්හෙළා නොගෙන ශක්තිමත් වෙන්න. මක්නිසාද නුඹලාගේ වැඩට විපාක ලැබෙන්නේයයි කීවේය. ආසා මේ වචනය ප්‍රොපේතවූ ඕදෙද්ගේ අනාගතවාක්‍යයද ඇසූ කල ධෛර්ය උපදවාගන, යූදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් මුළු දේශයෙන්ද එප්‍රායිම් කඳු රටින් තමා විසින් අල්ලාගත් නුවරවලින්ද පිළිකුල් දේවල් අහක්කෙළේය; ඔහු ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපය ඉදිරිපිට තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනයද අලුත්වැඩියාකෙළේය. තවද ඔහු සියලු යූදාවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් සමඟ එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද සිමියොන්ගෙන්ද ඇවිත් සිටියාවූ ආගන්තුකයන්ද රැස්කරගත්තේය. මක්නිසාද ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්‍රායෙල්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට එකතුවුණෝය. ආසාගේ රජකම්කිරීමේ පහළොස්වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසයේදී ඔව්හු යෙරුසලමට රැස්වූහ. ඔවුන් ගෙනාවාවූ කොල්ලයෙන් ගවයන් සත් සියයකුත් බැටළුවන් සත් දහසකුත් ස්වාමීන්වහන්සේට ඔව්හු ඒ දවසේ පූජාකළෝය. තවද ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද සොයන්ටත්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොසොයන සියල්ලන් ලොකු වුවත් කුඩා වුවත් පුරුෂයෙක් වුවත් ස්ත්‍රියෙක් වුවත් මරණයට පත්කරන්ටත් ගිවිසුමක් කළෝය. ඔව්හු මහත් හඬද ඝෝෂාවද හොරණෑවලත් නළාවලත් ශබ්දයද ඇතුව ස්වාමීන්වහන්සේට දිවුරුම් දුන්නෝය. සියලු යූදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේ ද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක. ආසා රජුගේ මෑණියන්වූ මයකා විසින් අෂේරාට පිළිකුල් රූපයක් සෑදූ නිසා ආසා ඇය බිසෝකමෙන් අහක්කර, ඇගේ පිළිමය කපාදමා සුණුකර, කිද්‍රොන් ඔය ළඟදී එය පුලුස්සා දැමුවේය. නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් උස්තැන් පහකරනු නොලැබුවේය. එසේ වුවත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී සම්පූර්ණව තිබුණේය. ඔහු තමාගේ පියා විසින්ද තමා විසින්ද කැප කළ රන් රිදී සහ බඩු දෙවියන්වහන්සේගේ ගෘහය ඇතුළට ගෙනාවේය. ආසාගේ රජකම්කිරීමේ තිස්පස්වෙනි අවුරුද්ද දක්වා තවත් යුද්ධ නොවීය.
2 1 වංශාවලිය 15:1-19 Sinhala New Revised Version (NRSV)
තවද, දෙවියන් වහන්සේගේ ආත්මානුභාව ඕදෙද්ගේ පුත් අසරියා කෙරෙහි පැමිණියේ ය. ඔහු ආසාගේ පෙරමඟට ගොස් මෙසේ කී ය: “ආසා සහ සියලු ජුදාවරුනි, බෙන්ජමින්වරුනි, මට සවන් දෙන්න. ඔබ සමිඳාණන් වහන්සේ සමඟ සිටින තුරු උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ උන් වහන්සේ සොයන්නහු නම්, උන් වහන්සේ ඔබ සියල්ලන්ට සම්බ වනු ඇත. ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ද ඔබ අත්හරිනු ඇත. බොහෝ කාලයක සිට ඉශ්රායෙල්වරු සැබෑවන දෙවියන් වහන්සේ ද උගන්වන පූජකයෙකු ද ව්‍යවස්ථාව ද නැති ව සිටියෝ ය. එහෙත්, ඔවුන් තමන්ගේ විපතේ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙස හැරී, උන් වහන්සේ සෙවූ විට ඔවුන්ට උන් වහන්සේ සම්බ වූ සේක. ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය. ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි. එහෙත්, ඔබ දුබල නොවී ශක්තිමත් වන්න. මන්ද, ඔබ හැමගේ වැඩට විපාක ලැබෙන්නේ ය.” ආසා මේ පණිවුඩය ද දිවැසිවර ඕදෙද්ගේ දිවැස් වැකිය ද ඇසූ කල ධෛර්ය උපදවාගෙන, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් මුළු දේශයෙන් ද එප්‍රායිම් කඳු රටින් තමා අල්ලාගත් නගරවලින් ද පිළිකුල් දේව රූප අහක් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපය ඉදිරිපිට තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය ද අලුත් වැඩියා කෙළේ ය. තවද, ඔහු සියලු ජුදාවරුන් ද බෙන්ජමින්වරුන් ද ඔවුන් සමඟ එප්‍රායිම්වරුන්ගෙනුත්, මනස්සේවරුන්ගෙනුත්, සිමියොන්වරුන්ගෙනුත් අවුත් සිටි ආගන්තුකයින් ද රැස් කරගත්තේ ය. මන්ද, ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙකු ඔහුට එක් වූ බැවිනි. ආසා රජකමට පත් වූ පහළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ දී ඔව්හු ජෙරුසලමට රැස් වූ හ. ඔවුන් ගෙනා කොල්ලයෙන් ගවයන් සත්සියයකුත්, බැටළුවන් සත්දහසකුත් සමිඳාණන් වහන්සේට ඔව්හු ඒ දවසේ පූජා කළෝ ය. තවද, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද සොයන්නත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොසොයන සියල්ලන්, ලොකු කෙනෙකු වුවත්, කුඩා කෙනෙකු වුවත්, පුරුෂයෙකු වුවත්, ස්ත්‍රියක වුවත් මරණයට පත් කළ යුතු යයි නියම කරගන්නත් වූ හ. ඔව්හු මහා හඬ ද ඝෝෂා හඬ ද හොරණෑවලත්, නළාවලත් ශබ්දය ද ඇති ව සමිඳාණන් වහන්සේට දිවුරුම දුන්නෝ ය. සියලු ජුදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීති වූ හ. මන්ද, ඔවුන් තමන්ගේ මුළු සිතින් දිවුරා, තමන්ගේ මුළු කැමැත්තෙන් උන් වහන්සේ සෙවූ බැවිනි. සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට තමන් වහන්සේ සොයා ගැන්මට ඉඩ දුන් සේක. උන් වහන්සේ ඔවුන්ට හාත්පසින් ම සාමය ලබා දුන් සේක. ආසා රජුගේ මව වූ මයකා විසින් අෂේරා දේවතාවියට පිළිකුල් රූපයක් සාදනු ලැබූ නිසා, ආසා ඇය බිසෝකමෙන් අහක් කර, ඇගේ පිළිම කප් කණුව කපා දමා, සුණු කර, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමුවේ ය. එහෙත්, ඉශ්රායෙල්වරුන් අතරෙන් ගිරිකුළු දේවාල පහ කරනු නොලැබුවේ ය. එසේ වුවත්, ආසාගේ සිත ඔහුගේ මුළු කාලයේ දී නිර්දෝෂිව තිබුණේ ය. ඔහු තමාගේ පියා ද තමා ද කැප කළ රන් රිදී සහ බඩු භාණ්ඩ දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගෙනාවේ ය. ආසා රජකම් කළ තිස්පස් වන අවුරුද්ද දක්වා තවත් යුද්ධ නො වී ය.
2 1 වංශාවලිය 15:1-19 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 15:1-19 New International Version (NIV)
The Spirit of God came on Azariah son of Oded. He went out to meet Asa and said to him, “Listen to me, Asa and all Judah and Benjamin. The LORD is with you when you are with him. If you seek him, he will be found by you, but if you forsake him, he will forsake you. For a long time Israel was without the true God, without a priest to teach and without the law. But in their distress they turned to the LORD, the God of Israel, and sought him, and he was found by them. In those days it was not safe to travel about, for all the inhabitants of the lands were in great turmoil. One nation was being crushed by another and one city by another, because God was troubling them with every kind of distress. But as for you, be strong and do not give up, for your work will be rewarded.” When Asa heard these words and the prophecy of Azariah son of Oded the prophet, he took courage. He removed the detestable idols from the whole land of Judah and Benjamin and from the towns he had captured in the hills of Ephraim. He repaired the altar of the LORD that was in front of the portico of the LORD’s temple. Then he assembled all Judah and Benjamin and the people from Ephraim, Manasseh and Simeon who had settled among them, for large numbers had come over to him from Israel when they saw that the LORD his God was with him. They assembled at Jerusalem in the third month of the fifteenth year of Asa’s reign. At that time they sacrificed to the LORD seven hundred head of cattle and seven thousand sheep and goats from the plunder they had brought back. They entered into a covenant to seek the LORD, the God of their ancestors, with all their heart and soul. All who would not seek the LORD, the God of Israel, were to be put to death, whether small or great, man or woman. They took an oath to the LORD with loud acclamation, with shouting and with trumpets and horns. All Judah rejoiced about the oath because they had sworn it wholeheartedly. They sought God eagerly, and he was found by them. So the LORD gave them rest on every side. King Asa also deposed his grandmother Maakah from her position as queen mother, because she had made a repulsive image for the worship of Asherah. Asa cut it down, broke it up and burned it in the Kidron Valley. Although he did not remove the high places from Israel, Asa’s heart was fully committed to the LORD all his life. He brought into the temple of God the silver and gold and the articles that he and his father had dedicated. There was no more war until the thirty-fifth year of Asa’s reign.