2 1 වංශාවලිය 10:1-19

2 1 වංශාවලිය 10:1-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

රෙහොබොවම් ෂෙකෙම් වෙත ගියේ ය. මන්ද සියලු ඉශ්‍රායෙල්වරු ඔහු රජකමට පත් කරන්නට එහි ගොස් සිටියහ. සාලමොන්ගේ මරණය ඇසූ විගස, නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඊජිප්තුවේ සිට පෙරළා ආවේ ය. (මන්ද ඔහු සාලමොන් රජු වෙතින් ඊජිප්තුවට පලා ගොස් සිටියේ ය.) එබැවින් ඔවුහු යෙරොබොවම් කැඳවා යැවූහ. ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ රෙහොබොවම් වෙත ගොස්, ඔහුට කතා කොට, “ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. එහෙත් දැන් ඒ කර්කශ මෙහෙවර ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කරන්න. එවිට අපි ඔබට මෙහෙ කරන්නෙමු” යි පැවසී ය. රෙහොබොවම් පිළිතුරු දෙමින්, “දින තුනකින් යළි මා වෙත එන්නැ” යි පැවසී ය. එබැවින් ජනයා යන්නට ගියහ. ඉන්පසු රෙහොබොවම් රජු තම පියා වූ සාලමොන්ගේ ජීවිත සමයේ ඔහු ඉදිරිපිට සිටි වැඩිහිටියන්ගෙන් උපදෙස් අසමින්, “මෙම ජනතාවට පිළිතුරු දීමට ඔබ මට දෙන දැනමුතුකම කුමක් දැ” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබ මේ ජනයාට කාරුණික ව, ඔවුන් සතුටු කර, ඔවුන්ට හොඳින් කතා කරන්නේ නම්, ඔවුන් හැමදාට ම ඔබේ සේවකයින් වනු ඇතැ” යි පැවසූහ. එහෙත් වැඩිහිටියන් තමාට දුන් උපදෙස ප්‍රතික්ෂේප කළ රෙහොබොවම් තමා සමඟ හැදුණු වැඩුණු, තමාට සේවය කරන තරුණයින්ගෙන් උපදෙස් පැතී ය. ඔහු ඔවුන් අමතමින්, “ඔබගේ දැනමුතුකම කුමක් ද? ‘ඔබගේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කරන්නැ’ යි මට පවසන මේ මිනිසුන්ට අප පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ” යි ඇසී ය. ඔහු සමඟ වැඩුණු තරුණයින් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. අපගේ වියගහ සැහැල්ලු කරන්නැ’ යි ඔබට පවසන මිනිසුන්ට ඔබ කිව යුත්තේ මෙසේයි. ඔබ කිය යුත්තේ, ‘මගේ පියාගේ ඉඟටියට වඩා මගේ සුළැඟිල්ල ලොකු ය. මගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි’ යි කියන්නැ” යි පැවසූහ. “තුන් වන දින මා වෙත යළි එන්නැ” යි රජු කියා තිබූ පරිදි යෙරොබොවම් සහ මුළු ජනතාව තුන් වන දින රෙහොබොවම් වෙත යළි පැමිණියහ. රජු පරුෂ අන්දමින් ඔවුන්ට පිළිතුරු දුන්නේ වැඩිහිටියන්ගේ උපදෙස ප්‍රතික්ෂේප කරමිනි. තරුණයින්ගේ උපදෙසට අනුව රෙහොබොවම් රජු ඔවුන් අමතමින්, “මගේ පියා ඔබගේ වියගහ බර කළේ ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි” යි පැවසී ය. මෙසේ රජු ජනතාවට සවන් දුන්නේ නැත. මන්ද ස්වාමින්වහන්සේ ෂීලෝනීය අහියා ලවා නෙබාට්ගේ පුත් යෙරොබොවම්ට පවසා තිබූ වචනය සම්පූර්ණ වන පිණිස, මේ ලෙස කාරණා වෙනස් වීම පැමිණියේ දෙවියන්වහන්සේ වෙතිනි. රජු තමන්ට සවන් දීම ප්‍රතික්ෂේප කළ වග දුටු මුළු ඉශ්‍රායෙල් ජනයා රජුට ප්‍රති උත්තර දෙමින්, “දාවිත් සමඟ අපට ඇති පංගුකාරකම කුමක් ද? යෙස්සේගේ පුතා සමඟ අපට මොන උරුමයක් ද? එම්බා ඉශ්‍රායෙල්, නුඹලාගේ කූඩාරම්වලට යනු! එම්බා දාවිත්! ඔබ ඔබේ ම වංශය බලා ගන්නැ” යි පැවසූහ. මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු තම තමන්ගේ කූඩාරම් වෙත ගියහ. එහෙත් රෙහොබොවම්, යූදා නගරවල විසූ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම් කළේ ය. රෙහොබොවම් රජු, බැළ මෙහෙවර බාර ව සිටි හදෝරාම් යැවූ කල, ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා මැරූහ. එවිට රෙහොබොවම් රජු යෙරුසලමට පලා යන පිණිස තම රථයට නැගුණේ ය. මෙසේ ඉශ්‍රායෙල්වරු අද දවස දක්වා දාවිත්ගේ වංශයට එරෙහිව කැරලි ගසමින් සිටිති.

2 1 වංශාවලිය 10:1-19 Sinhala Revised Old Version (SROV)

තවද රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය. සාලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයේදී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේය. ඔව්හු පණිවිඩයක් යවා ඔහු ගෙන්වාගත්තෝය; එවිට යෙරොබොවම්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඇවිත් රෙහොබොවම්ට කථාකොට: ඔබගේ පියාණෝ අපේ වියගහ බර කළහ. ඒ නිසා ඔබගේ පියාණන්ගේ අමාරු සේවයද ඔහු අප පිට තැබූ ඔහුගේ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයයි කීවෝය. ඔහුද: නුඹලා තුන් දවසකින් නැවත මා ළඟට එන්නැයි ඔවුන්ට කීවේය. සෙනඟ ගියෝය. රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණයකරමින්: මා විසින් මේ සෙනඟට උත්තරදෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඇසුවේය. ඔව්හුද: ඔබ මේ සෙනඟට කරුණාවන්තව, ඔවුන් ප්‍රසන්නකොට, ප්‍රිය වචන ඔවුන්ට කථාකළොත්, ඔවුන් සෑම කල්හිම ඔබගේ මෙහෙකරුවන් වෙනවා ඇතැයි ඔහුට කීවෝය. එහෙත් වැඩිමහල්ලන් ඔහුට දුන්නාවූ දැනමිතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටි තරුණයන් සමඟ මන්ත්‍රණයකරමින්: ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනවැයි මට කීවාවූ මේ සෙනඟට උත්තර දෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු සමඟ වැඩුණ තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අපේ වියගහ බරකළහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළ මැනවැයි කියා ඔබට කීවාවූ ඒ සෙනඟට ඔබ කථාකොට–මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ හුළගිල්ල ලොකුය. මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, මම නුඹලාගේ වියගහ වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම වනාහි නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කිය යුතුයයි කීවෝය. තුන්වෙනිදා නැවත මා ළඟට එන්නැයි රජ කී හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනිදා රෙහොබොවම් ළඟට ආවෝය. රජ ඔවුන්ට රළු ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන්ගේ මන්ත්‍රණය අත්හැර, තරුණයන්ගේ මන්ත්‍රණය ප්‍රකාර ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලාගේ වියගහ බරකළහ, මම එය වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කීවේය. මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ෂිලොනිය අහියා ලවා නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු ස්වකීය වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය දෙවියන්වහන්සේගෙන් පැමුණුණේය. සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්නි, නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය. නුමුත් යූදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම්කෙළේය. එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ හදොරාම් යැවුවේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහුට ගල්ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය. මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරළිගැසූහ.

2 1 වංශාවලිය 10:1-19 Sinhala New Revised Version (NRSV)

තවද, රෙහොබෝවම් ෂෙකෙම් නුවරට ගියේ ය. මන්ද, ඔහු රජකමට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම් නුවරට පැමිණ සිටි බැවිනි. සලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයේ දී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේ ය. ඔව්හු පණිවුඩයක් යවා ඔහු ගෙන්වාගත්හ. එවිට ජෙරොබෝවම් ද සියලු ඉශ්රායෙල්වරු ද අවුත් රෙහොබෝවම්ට කතා කොට, “ඔබ පියාණෝ අපේ වියගහ බර කළහ. ඒ නිසා ඔබේ පියාණන්ගේ අමාරු සේවය ද ඔහු අප පිට තැබූ ඔහුගේ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය. ඔහු උත්තර දෙමින්, “ඔබ තුන් දවසකින් නැවත මා ළඟට එන්නැ”යි ඔවුන්ට කීවේ ය. සෙනඟ ද යන්න ගියෝ ය. රෙහොබෝවම් රජ තමාගේ පිය වූ සලමොන් ජීවත් ව සිටිය දී ඔහුගේ සේවයෙහි සිටි ප්‍රජා මූලිකයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්, “මා මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඇසුවේ ය. ඔව්හු කතා කොට, “ඔබ මේ සෙනඟට කරුණාවන්ත ව, ඔවුන් ප්‍රසන්න කොට, ප්‍රිය මනාප වචන ඔවුන්ට කතා කළොත්, ඔවුන් සෑම කල්හි ම ඔබේ මෙහෙකරුවන් වනු ඇතැ”යි ඔහුට කීවෝ ය. එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු, තමාගේ සේවයෙහි සිටි තරුණයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්, “ ‘ඔබේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනවැ’යි මට කී මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය. ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, “ ‘ඔබේ පියා අපේ වියගහ බර කෙළේ ය; එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනවැ’යි ඔබට කී ඒ සෙනඟට කතා කොට, ‘මාගේ පියාගේ තුනටියට වඩා මාගේ හුළැඟිල්ල ලොකු ය. මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ. ‘තුන් වන දා නැවත මා ළඟට එන්නැ’යි රජු කී හැටියට ජෙරොබෝවම් ද මුළු සෙනඟ ද තුන් වන දා රෙහොබෝවම් ළඟට ආවෝ ය. රජ ප්‍රජා මූලිකයන්ගේ අවවාද අත්හැර, තරුණයන්ගේ අවවාද ප්‍රකාර ඔවුන්ට තදින් කතා කොට, උත්තර දෙමින්, “මාගේ පියා ඔබේ වියගහ බර කෙළේ ය, මම එය වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය, මම ඔබට කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කීවේ ය. මෙසේ රජ තෙම සෙනඟට ඇහුම්කන් නුදුන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ෂිලෝහි අහියා ලවා නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ට කිය වූ ස්වකීය වචනය ඉෂ්ට කරන පිණිස ඒ කාරණය දෙවියන් වහන්සේගෙන් පැමිණියේ ය. රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව සියලු ඉශ්රායෙල්වරුන් දුටු කල, ඔව්හු රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක් ද? ජෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත් තුමෙනි, ඔබ ඔබේ ම වංශය බලාගන්නැ”යි කීවෝ ය. මෙසේ සියලු ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට ගියෝ ය. එහෙත්, රෙහොබෝවම් රජ ජුදා නගරවල විසූ ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය. එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වූ හදෝරාම් එහි යැවුවේ ය. ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝ ය. එවිට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය. මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගැසූ හ.

2 1 වංශාවලිය 10:1-19 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 10:1-19 New International Version (NIV)

Rehoboam went to Shechem, for all Israel had gone there to make him king. When Jeroboam son of Nebat heard this (he was in Egypt, where he had fled from King Solomon), he returned from Egypt. So they sent for Jeroboam, and he and all Israel went to Rehoboam and said to him: “Your father put a heavy yoke on us, but now lighten the harsh labor and the heavy yoke he put on us, and we will serve you.” Rehoboam answered, “Come back to me in three days.” So the people went away. Then King Rehoboam consulted the elders who had served his father Solomon during his lifetime. “How would you advise me to answer these people?” he asked. They replied, “If you will be kind to these people and please them and give them a favorable answer, they will always be your servants.” But Rehoboam rejected the advice the elders gave him and consulted the young men who had grown up with him and were serving him. He asked them, “What is your advice? How should we answer these people who say to me, ‘Lighten the yoke your father put on us’?” The young men who had grown up with him replied, “The people have said to you, ‘Your father put a heavy yoke on us, but make our yoke lighter.’ Now tell them, ‘My little finger is thicker than my father’s waist. My father laid on you a heavy yoke; I will make it even heavier. My father scourged you with whips; I will scourge you with scorpions.’ ” Three days later Jeroboam and all the people returned to Rehoboam, as the king had said, “Come back to me in three days.” The king answered them harshly. Rejecting the advice of the elders, he followed the advice of the young men and said, “My father made your yoke heavy; I will make it even heavier. My father scourged you with whips; I will scourge you with scorpions.” So the king did not listen to the people, for this turn of events was from God, to fulfill the word the LORD had spoken to Jeroboam son of Nebat through Ahijah the Shilonite. When all Israel saw that the king refused to listen to them, they answered the king: “What share do we have in David, what part in Jesse’s son? To your tents, Israel! Look after your own house, David!” So all the Israelites went home. But as for the Israelites who were living in the towns of Judah, Rehoboam still ruled over them. King Rehoboam sent out Adoniram, who was in charge of forced labor, but the Israelites stoned him to death. King Rehoboam, however, managed to get into his chariot and escape to Jerusalem. So Israel has been in rebellion against the house of David to this day.