2 1 වංශාවලිය 10:1-14
2 1 වංශාවලිය 10:1-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රෙහොබොවම් ෂෙකෙම් වෙත ගියේ ය. මන්ද සියලු ඉශ්‍රායෙල්වරු ඔහු රජකමට පත් කරන්නට එහි ගොස් සිටියහ. සාලමොන්ගේ මරණය ඇසූ විගස, නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඊජිප්තුවේ සිට පෙරළා ආවේ ය. (මන්ද ඔහු සාලමොන් රජු වෙතින් ඊජිප්තුවට පලා ගොස් සිටියේ ය.) එබැවින් ඔවුහු යෙරොබොවම් කැඳවා යැවූහ. ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ රෙහොබොවම් වෙත ගොස්, ඔහුට කතා කොට, “ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. එහෙත් දැන් ඒ කර්කශ මෙහෙවර ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කරන්න. එවිට අපි ඔබට මෙහෙ කරන්නෙමු” යි පැවසී ය. රෙහොබොවම් පිළිතුරු දෙමින්, “දින තුනකින් යළි මා වෙත එන්නැ” යි පැවසී ය. එබැවින් ජනයා යන්නට ගියහ. ඉන්පසු රෙහොබොවම් රජු තම පියා වූ සාලමොන්ගේ ජීවිත සමයේ ඔහු ඉදිරිපිට සිටි වැඩිහිටියන්ගෙන් උපදෙස් අසමින්, “මෙම ජනතාවට පිළිතුරු දීමට ඔබ මට දෙන දැනමුතුකම කුමක් දැ” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබ මේ ජනයාට කාරුණික ව, ඔවුන් සතුටු කර, ඔවුන්ට හොඳින් කතා කරන්නේ නම්, ඔවුන් හැමදාට ම ඔබේ සේවකයින් වනු ඇතැ” යි පැවසූහ. එහෙත් වැඩිහිටියන් තමාට දුන් උපදෙස ප්‍රතික්ෂේප කළ රෙහොබොවම් තමා සමඟ හැදුණු වැඩුණු, තමාට සේවය කරන තරුණයින්ගෙන් උපදෙස් පැතී ය. ඔහු ඔවුන් අමතමින්, “ඔබගේ දැනමුතුකම කුමක් ද? ‘ඔබගේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කරන්නැ’ යි මට පවසන මේ මිනිසුන්ට අප පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ” යි ඇසී ය. ඔහු සමඟ වැඩුණු තරුණයින් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. අපගේ වියගහ සැහැල්ලු කරන්නැ’ යි ඔබට පවසන මිනිසුන්ට ඔබ කිව යුත්තේ මෙසේයි. ඔබ කිය යුත්තේ, ‘මගේ පියාගේ ඉඟටියට වඩා මගේ සුළැඟිල්ල ලොකු ය. මගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි’ යි කියන්නැ” යි පැවසූහ. “තුන් වන දින මා වෙත යළි එන්නැ” යි රජු කියා තිබූ පරිදි යෙරොබොවම් සහ මුළු ජනතාව තුන් වන දින රෙහොබොවම් වෙත යළි පැමිණියහ. රජු පරුෂ අන්දමින් ඔවුන්ට පිළිතුරු දුන්නේ වැඩිහිටියන්ගේ උපදෙස ප්‍රතික්ෂේප කරමිනි. තරුණයින්ගේ උපදෙසට අනුව රෙහොබොවම් රජු ඔවුන් අමතමින්, “මගේ පියා ඔබගේ වියගහ බර කළේ ය. මම එය තවත් බර කරන්නෙමි. මගේ පියා ඔබ හික්මවූයේ කසවලිනි. මා ඔබ හික්මවන්නේ ගෝනුස්සන්ගෙනි” යි පැවසී ය.
2 1 වංශාවලිය 10:1-14 Sinhala Revised Old Version (SROV)
තවද රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය. සාලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයේදී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේය. ඔව්හු පණිවිඩයක් යවා ඔහු ගෙන්වාගත්තෝය; එවිට යෙරොබොවම්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඇවිත් රෙහොබොවම්ට කථාකොට: ඔබගේ පියාණෝ අපේ වියගහ බර කළහ. ඒ නිසා ඔබගේ පියාණන්ගේ අමාරු සේවයද ඔහු අප පිට තැබූ ඔහුගේ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයයි කීවෝය. ඔහුද: නුඹලා තුන් දවසකින් නැවත මා ළඟට එන්නැයි ඔවුන්ට කීවේය. සෙනඟ ගියෝය. රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණයකරමින්: මා විසින් මේ සෙනඟට උත්තරදෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඇසුවේය. ඔව්හුද: ඔබ මේ සෙනඟට කරුණාවන්තව, ඔවුන් ප්‍රසන්නකොට, ප්‍රිය වචන ඔවුන්ට කථාකළොත්, ඔවුන් සෑම කල්හිම ඔබගේ මෙහෙකරුවන් වෙනවා ඇතැයි ඔහුට කීවෝය. එහෙත් වැඩිමහල්ලන් ඔහුට දුන්නාවූ දැනමිතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටි තරුණයන් සමඟ මන්ත්‍රණයකරමින්: ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනවැයි මට කීවාවූ මේ සෙනඟට උත්තර දෙන පිණිස නුඹලා මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු සමඟ වැඩුණ තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අපේ වියගහ බරකළහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළ මැනවැයි කියා ඔබට කීවාවූ ඒ සෙනඟට ඔබ කථාකොට–මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ හුළගිල්ල ලොකුය. මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, මම නුඹලාගේ වියගහ වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම වනාහි නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කිය යුතුයයි කීවෝය. තුන්වෙනිදා නැවත මා ළඟට එන්නැයි රජ කී හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනිදා රෙහොබොවම් ළඟට ආවෝය. රජ ඔවුන්ට රළු ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන්ගේ මන්ත්‍රණය අත්හැර, තරුණයන්ගේ මන්ත්‍රණය ප්‍රකාර ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලාගේ වියගහ බරකළහ, මම එය වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කීවේය.
2 1 වංශාවලිය 10:1-14 Sinhala New Revised Version (NRSV)
තවද, රෙහොබෝවම් ෂෙකෙම් නුවරට ගියේ ය. මන්ද, ඔහු රජකමට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම් නුවරට පැමිණ සිටි බැවිනි. සලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයේ දී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේ ය. ඔව්හු පණිවුඩයක් යවා ඔහු ගෙන්වාගත්හ. එවිට ජෙරොබෝවම් ද සියලු ඉශ්රායෙල්වරු ද අවුත් රෙහොබෝවම්ට කතා කොට, “ඔබ පියාණෝ අපේ වියගහ බර කළහ. ඒ නිසා ඔබේ පියාණන්ගේ අමාරු සේවය ද ඔහු අප පිට තැබූ ඔහුගේ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය. ඔහු උත්තර දෙමින්, “ඔබ තුන් දවසකින් නැවත මා ළඟට එන්නැ”යි ඔවුන්ට කීවේ ය. සෙනඟ ද යන්න ගියෝ ය. රෙහොබෝවම් රජ තමාගේ පිය වූ සලමොන් ජීවත් ව සිටිය දී ඔහුගේ සේවයෙහි සිටි ප්‍රජා මූලිකයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්, “මා මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඇසුවේ ය. ඔව්හු කතා කොට, “ඔබ මේ සෙනඟට කරුණාවන්ත ව, ඔවුන් ප්‍රසන්න කොට, ප්‍රිය මනාප වචන ඔවුන්ට කතා කළොත්, ඔවුන් සෑම කල්හි ම ඔබේ මෙහෙකරුවන් වනු ඇතැ”යි ඔහුට කීවෝ ය. එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු, තමාගේ සේවයෙහි සිටි තරුණයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්, “ ‘ඔබේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනවැ’යි මට කී මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය. ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, “ ‘ඔබේ පියා අපේ වියගහ බර කෙළේ ය; එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනවැ’යි ඔබට කී ඒ සෙනඟට කතා කොට, ‘මාගේ පියාගේ තුනටියට වඩා මාගේ හුළැඟිල්ල ලොකු ය. මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ. ‘තුන් වන දා නැවත මා ළඟට එන්නැ’යි රජු කී හැටියට ජෙරොබෝවම් ද මුළු සෙනඟ ද තුන් වන දා රෙහොබෝවම් ළඟට ආවෝ ය. රජ ප්‍රජා මූලිකයන්ගේ අවවාද අත්හැර, තරුණයන්ගේ අවවාද ප්‍රකාර ඔවුන්ට තදින් කතා කොට, උත්තර දෙමින්, “මාගේ පියා ඔබේ වියගහ බර කෙළේ ය, මම එය වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය, මම ඔබට කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කීවේ ය.
2 1 වංශාවලිය 10:1-14 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 10:1-14 New International Version (NIV)
Rehoboam went to Shechem, for all Israel had gone there to make him king. When Jeroboam son of Nebat heard this (he was in Egypt, where he had fled from King Solomon), he returned from Egypt. So they sent for Jeroboam, and he and all Israel went to Rehoboam and said to him: “Your father put a heavy yoke on us, but now lighten the harsh labor and the heavy yoke he put on us, and we will serve you.” Rehoboam answered, “Come back to me in three days.” So the people went away. Then King Rehoboam consulted the elders who had served his father Solomon during his lifetime. “How would you advise me to answer these people?” he asked. They replied, “If you will be kind to these people and please them and give them a favorable answer, they will always be your servants.” But Rehoboam rejected the advice the elders gave him and consulted the young men who had grown up with him and were serving him. He asked them, “What is your advice? How should we answer these people who say to me, ‘Lighten the yoke your father put on us’?” The young men who had grown up with him replied, “The people have said to you, ‘Your father put a heavy yoke on us, but make our yoke lighter.’ Now tell them, ‘My little finger is thicker than my father’s waist. My father laid on you a heavy yoke; I will make it even heavier. My father scourged you with whips; I will scourge you with scorpions.’ ” Three days later Jeroboam and all the people returned to Rehoboam, as the king had said, “Come back to me in three days.” The king answered them harshly. Rejecting the advice of the elders, he followed the advice of the young men and said, “My father made your yoke heavy; I will make it even heavier. My father scourged you with whips; I will scourge you with scorpions.”