2 1 වංශාවලිය 1:9-11
2 1 වංශාවලිය 1:9-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, දෙවියන්වහන්ස, දැන් මගේ පියා වූ දාවිත්ට ඔබ දුන් පොරොන්දුව ස්ථිර කරනු ලැබේවා! මන්ද පොළොවේ දූවිලි වැනි වූ අධිකතර ජනතාවක් කෙරෙහි ඔබවහන්සේ මා රජකමට පත් කළ සේක. මේ ජනතාවට මග පෙන්වන පිණිස දැන් මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද ඔබවහන්සේගේ මේ අති මහත් ජනතාව ආණ්ඩු කළ හැක්කේ කවරකුට දැ?” යි පැවසී ය. දෙවියන්වහන්සේ, සාලමොන් අමතමින්, “ඔබේ හදේ තිබුණේ මෙය බැවින්, ඔබ වස්තුව, ධනය, ගෞරවය හෝ ඔබට වෛරකරන්නන්ගේ ජීවිතයවත්, අඩු වශයෙන් දීර්ඝායුවත් නො ඉල්ලා, මගේ ජනයාට රජකම් කිරීමට මා විසින් පත් කළ ඔබට, ඔවුන් ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවත්, දැනගැන්මත් ඉල්ලූ බැවින්
2 1 වංශාවලිය 1:9-11 Sinhala Revised Old Version (SROV)
දැනුදු දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිරවේවා. මක්නිසාද ගණනින් පොළොවේ ධූලි මෙන් වූ සෙනඟක් කෙරෙහි ඔබ මා රජකොට පත්කළසේක. එබැවින් මා මේ සෙනඟ ඉදිරියෙහි යන එන පිණිස මට ප්‍රඥාවත් දැනගැන්මත් දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මහත්වූ සෙනඟ විනිශ්චයකරන්ට කාට පුළුවන්දැයි දෙවියන්වහන්සේට කීවේය. දෙවියන්වහන්සේ සාලමොන්ට කථාකොට: මේක නුඹේ සිතේ තිබී, නුඹ වස්තුවවත් සම්පත්වත් ගෞරවයවත් නුඹට වෛරවෙන්නන්ගේ ජීවිතවත් ඉල්ලන්නේ නැතුව, දීර්ඝායුසද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාරදුන් මාගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ප්‍රඥාවද දැනගැන්මද ඉල්ලූ නිසා
2 1 වංශාවලිය 1:9-11 Sinhala New Revised Version (NRSV)
දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක. එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය. දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා
2 1 වංශාවලිය 1:9-11 Sinhala New Revised Version 2018 (SNRV)
දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක. එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය. දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා
2 1 වංශාවලිය 1:9-11 New International Version (NIV)
Now, LORD God, let your promise to my father David be confirmed, for you have made me king over a people who are as numerous as the dust of the earth. Give me wisdom and knowledge, that I may lead this people, for who is able to govern this great people of yours?” God said to Solomon, “Since this is your heart’s desire and you have not asked for wealth, possessions or honor, nor for the death of your enemies, and since you have not asked for a long life but for wisdom and knowledge to govern my people over whom I have made you king