2 1 වංශාවලිය 1:1-17

2 1 වංශාවලිය 1:1-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සාලමොන්, දාවිත්ගේ පුත්‍රයා, තම රාජ්‍යයෙහි තමා ම ස්ථාවර කර ගත්තේ ය; ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔහු සමඟ සිටි සේක්, අතිශයෙන් ඔහු උසස් කළ සේක. සාලමොන් දහසකගේ හා සියයකගේ සෙන්පතීන්ට ද විනිසුරුවන්ට ද පියවංශ ප්‍රධානීන් වන ඉශ්‍රායෙල්හි සියලු නායකයින්ට ද යන මුළු ඉශ්‍රායෙල් ජනතාවට කතා කළේ ය. පසුව, සාලමොන් ද ඔහු සමඟ එසේ එක් රැස් වූවෝ ද ගිබෙයොන්හි උස් තැන් පුදසුන වෙත ගියහ. මන්ද ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් විසින් පාළුකරයේ සාදා තිබූ දෙවියන්වහන්සේගේ හමුවීමේ කූඩාරම තිබුණේ එහි ය. දෙවියන්වහන්සේගේ කරඬුව, දාවිත්, කිරියත්-යෙයාරීම් සිට දාවිත් ම ඊට සූදානම් කර තිබූ ස්ථානයට ගෙනැවිත් තිබිණි. මන්ද ඔහු ඒ සඳහා කූඩාරමක් යෙරුසලමෙහි පිහිටුවා තිබිණි; එහෙත් හූර්ගේ පුත්, ඌරීගේ පුත් බෙසලෙල් විසින් සාදා තිබූ ලෝකඩ පූජාසනය, ගිබෙයොන්හි ස්වාමින්වහන්සේගේ මණ්ඩපය අබියස තිබිණි; එබැවින් සාලමොන් හා එක් රැස් වූවෝ එයින් විමසූහ. හමුවීමේ කූඩාරමෙහි ස්වාමින්වහන්සේ අබියස තිබූ ලෝකඩ පූජාසනය වෙත ගිය සාලමොන්, ඒ පිට දවන යාග පූජා දහසක් ඔප්පු කළේ ය. ඒ රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී, “මා, ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක. එවිට සාලමොන් දෙවියන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ මගේ පියාණන් වූ දාවිත්ට ඉමහත් දයා කරුණාව දැක් වූ සේක්, ඔහුගෙන් පසු, රජකමට මා පත් කළ සේක. අහෝ ස්වාමින්වහන්ස, දෙවියන්වහන්ස, දැන් මගේ පියා වූ දාවිත්ට ඔබ දුන් පොරොන්දුව ස්ථිර කරනු ලැබේවා! මන්ද පොළොවේ දූවිලි වැනි වූ අධිකතර ජනතාවක් කෙරෙහි ඔබවහන්සේ මා රජකමට පත් කළ සේක. මේ ජනතාවට මග පෙන්වන පිණිස දැන් මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද ඔබවහන්සේගේ මේ අති මහත් ජනතාව ආණ්ඩු කළ හැක්කේ කවරකුට දැ?” යි පැවසී ය. දෙවියන්වහන්සේ, සාලමොන් අමතමින්, “ඔබේ හදේ තිබුණේ මෙය බැවින්, ඔබ වස්තුව, ධනය, ගෞරවය හෝ ඔබට වෛරකරන්නන්ගේ ජීවිතයවත්, අඩු වශයෙන් දීර්ඝායුවත් නො ඉල්ලා, මගේ ජනයාට රජකම් කිරීමට මා විසින් පත් කළ ඔබට, ඔවුන් ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවත්, දැනගැන්මත් ඉල්ලූ බැවින්, ප්‍රඥාවත්, දැනගැන්මත් ඔබට දෙනු ලැබේ. තවද, ඔබට කලින් සිටි කිසි රජකුට නො තිබුණ, ඔබෙන් පසුව කිසි රජකුට නො ලැබෙන අන්දමේ ධනය, වස්තුව හා ගෞරවයත් මම ඔබට දෙන්නෙමි” යි පැවසූ සේක. එබැවින් සාලමොන්, ගිබෙයොන්හි උස් තැන් පුදසුන වෙතින්, හමුවීමේ කූඩාරම අබියස වෙතින් යෙරුසලමට ආවේ ය. ඔහු ඉශ්‍රායෙල් කෙරේ රජකම් කළේ ය. සාලමොන් අශ්ව-රථ හා අශ්වයින් රැස් කර ගත්තේ ය. ඔහුට රථ එක්දහස් හාරසියයක් හා අශ්වයින් දොළොස් දහසක් වූහ. ඔහු ඒවා, රථගාල් නගරවල ද රජු සමඟ යෙරුසලමේ ද තැබී ය. රජු යෙරුසලමෙහි රිදී හා රන් ගල් මෙන් සුලබ වන්නටත්, දේවදාර ගස්, කඳු බෑවුම්හි සිකමෝර් අත්තික්කා මෙන් බහුල වන්නටත් සැලසී ය. සාලමොන්ගේ අශ්වයින් ඊජිප්තුවෙන් ද කුවේ දේශයෙන් ද ආනයන කෙරිණ. රජුගේ වෙළෙන්දෝ කුවේ දේශයෙන් උන් මිල දී ගත්හ. ඔවුහු රථයක් රිදී ෂෙකෙල් හයසීයක් බැගින් ද අශ්වයකු රිදී ෂෙකෙල් එකසිය පනහක් බැගින් ද ඊජිප්තුවෙන් ආනයන කළහ. ඔවුහු උන් හිත්තිවරුන්ගේ හා අරාම්වරුන්ගේ රජවරුන්ට අපනයන කළහ.

2 1 වංශාවලිය 1:1-17 Sinhala Revised Old Version (SROV)

දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් තමාගේ රජකමෙහි ස්ථිරවිය, ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතාම උසස් කළසේක. සාලමොන් සියලු ඉශ්‍රායෙල්වරුන්ට එනම් සහස්‍රාධිපතීන්ටද ශතාධිපතීන්ටද විනිශ්චයකාරයන්ටද පිය වංශවල ප්‍රධානීන් වූ මුළු ඉශ්‍රායෙල්හි අධිපතීන් සියල්ලන්ටද අණකෙළේය. ඉක්බිති සාලමොන්ද ඔහු සමඟ මුළු සභාවද ගිබියොන්හි තිබෙන උස්තැනට ගියෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් කාන්තාරයේදී සෑදූ දෙවියන්වහන්සේගේ සම්මුඛවීමේ කූඩාරම එහි තිබුණේය. නුමුත් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත් ඊට සූදානම්කළ ස්ථානයට කිරියත්-යෙයාරීම් සිට දාවිත් විසින් ගෙනැවිත් තිබුණේය. මක්නිසාද ඔහු යෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණේය. තවද හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශල්යෙල් සෑදූ පිත්තල පූජාසනය ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරිපිට තිබුණේය. සාලමොන්ද සභාවද ඊට ළඟාවුණෝය. එහි සාලමොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට තිබෙන පිත්තල පූජාසනය පිට දවන පූජාවල් දහසක් ඔප්පු කෙළේය. එදා රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී: මා විසින් නුඹට දිය යුතු කුමක්ද කියා ඉල්ලන්නැයි ඔහුට කීසේක. සාලමොන්ද: ඔබ මාගේ පියවූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකොට පත්කළසේක. දැනුදු දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිරවේවා. මක්නිසාද ගණනින් පොළොවේ ධූලි මෙන් වූ සෙනඟක් කෙරෙහි ඔබ මා රජකොට පත්කළසේක. එබැවින් මා මේ සෙනඟ ඉදිරියෙහි යන එන පිණිස මට ප්‍රඥාවත් දැනගැන්මත් දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මහත්වූ සෙනඟ විනිශ්චයකරන්ට කාට පුළුවන්දැයි දෙවියන්වහන්සේට කීවේය. දෙවියන්වහන්සේ සාලමොන්ට කථාකොට: මේක නුඹේ සිතේ තිබී, නුඹ වස්තුවවත් සම්පත්වත් ගෞරවයවත් නුඹට වෛරවෙන්නන්ගේ ජීවිතවත් ඉල්ලන්නේ නැතුව, දීර්ඝායුසද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාරදුන් මාගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ප්‍රඥාවද දැනගැන්මද ඉල්ලූ නිසා, ප්‍රඥාවත් දැනගැන්මත් නුඹට දුනිමි; තවද නුඹට පළමුවෙන් සිටි කොයි යම් රජකෙනෙකුටවත් නොතිබුණාවූ, නුඹට පසුව කොයි රජ කෙනෙකුටවත් නොලැබෙන තරම් වස්තුවත් සම්පතත් ගෞරවයත් නුඹට දෙන්නෙමියි කීසේක. එවිට සාලමොන් ගිබියොන්හි උස්තැන තිබුණ සම්මුඛවීමේ කූඩාරම වෙතින් යෙරුසලමට ආවේය; ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කෙළේය. තවද සාලමොන් රථද අසරුවන්ද රැස්කරගත්තේය. ඔහු එක්දාස් හාරසියයක් රථද දොළොස් දහසක් අසරුවන්ද ඇතුව සිටියේය. ඔහු ඒවා රථ-නුවරවලද රජු ළඟ යෙරුසලමෙහිද තැබුවේය. ඇරත් රජ රන් රිදී යෙරුසලමෙහි ගල් මෙන්ද, කිහිරි ගස් පාත රටෙහි තිබෙන අත්තික්කා ගස් මෙන්ද ගණනින් වැඩිවෙන්ට සැලැස්සුවේය. සාලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙනලද්දෝය; රජුගේ වෙළෙන්දෝ උන් රැළක් රැළක් වශයෙන් මිල ගණනකට ලබාගත්තෝය. ඔව්හු රථයක් රිදී ෂෙකෙල් හසියය බැගින්ද අශ්වයෙක් එකසිය පනහ බැගින්ද මිසරයෙන් ගෙනාවෝය. එසේම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ගෙනත් දුන්නෝය.

2 1 වංශාවලිය 1:1-17 Sinhala New Revised Version (NRSV)

දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක. සලමොන් සියලු ඉශ්රායෙල්වරුන්ට එනම්, සහශ්‍රාධිපතීන්ට හා ශතාධිපතීන්ට ද විනිශ්චයකාරයන්ට ද පිය වංශවල ප්‍රධානීන් වන මුළු ඉශ්රායෙල්හි අධිපතීන් සියල්ලන්ට ද කතා කෙළේ ය. ඉක්බිති සලමොන් ද ඔහු සමඟ මුළු සභාව ද ගිබියොන්හි ගිරිකුළට ගියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් පාළුකරයේ දී සාදන ලද දෙවියන් වහන්සේගේ සම්මුඛ මණ්ඩපය එහි තිබූ බැවිනි. එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට දාවිත් ඊට සූදානම් කළ ස්ථානයට ඔහු විසින් ගෙනෙනු ලැබ තිබිණි. එසේ වූයේ, ඔහු ජෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණ නිසා ය. තවද, හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් සෑදූ ලෝකඩ පූජාසනය සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරිපිට විය. සලමොන් ද සභාව ද ඊට ළඟා වූ හ. එහි සමිඳාණන් වහන්සේ අබිමුව සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට තිබෙන ලෝකඩ පූජාසනය පිට සලමොන් දවන යාග පූජා දහසක් ඔප්පු කෙළේ ය. එදා රාත්‍රියේ දෙවියන් වහන්සේ සලමොන්ට පෙනී, “මා විසින් නුඹට දෙනු ලැබිය යුත්තේ කුමක් ද කියා ඉල්ලන්නැ”යි ඔහුට වදාළ සේක. සලමොන් කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකමට පත් කළ සේක. දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක. එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය. දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්‍රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා, ප්‍රඥාවත්, දැනගැන්මත් මම නුඹට දෙමි. තවද, නුඹට පළමුවෙන් සිටි කවර රජෙකුට වත් නොතිබුණ, නුඹට පසු ව කවර රජ කෙනෙකුට වත් නොලැබෙන තරම් වස්තුවත්, සම්පතත්, ගෞරවයත් නුඹට දෙන්නෙමි”යි වදාළ සේක. එවිට සලමොන් ගිබියොන්හි ගිරිකුළෙහි තිබුණ සම්මුඛ මණ්ඩපය වෙතින් ජෙරුසලමට ආවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ රජ විය. තවද, සලමොන් රථ ද අසරුවන් ද රැස් කරගත්තේ ය. ඔහුට එක්දහස් හාරසියයක් රථ ද දොළොස්දහසක් අසරුවෝ ද වූ හ. ඔහු ඒවා රථ නවතන නුවරවල ද රජු ළඟ ජෙරුසලමෙහි ද තැබුවේ ය. ඇරත්, රජ රන් රිදී ජෙරුසලමෙහි ගල් මෙන් ද කිහිරි ගස් පාත රටෙහි අත්තික්කා ගස් මෙන් ද ගණනින් වැඩි වන්න සැලැස්සුවේ ය. සලමොන්ට සිටි අශ්වයෝ මිසර හා කූවේ දේශයෙන් ගෙනෙන ලද්දෝ ය. රජුගේ වෙළෙන්දෝ උන් රැළක් රැළක් වශයෙන් නියමිත මිලකට ලබාගත්හ. ඔව්හු රථයකට රිදී කාසි හයසියය බැගින් ද අශ්වයෙකුට එකසියපණහ බැගින් ද ගෙවා මිසර දේශයෙන් ගෙනාවෝ ය. එසේ ම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත්, සිරියාවේ රජුන්ටත් ගෙනවුත් දුන්නෝ ය.

2 1 වංශාවලිය 1:1-17 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 1:1-17 New International Version (NIV)

Solomon son of David established himself firmly over his kingdom, for the LORD his God was with him and made him exceedingly great. Then Solomon spoke to all Israel—to the commanders of thousands and commanders of hundreds, to the judges and to all the leaders in Israel, the heads of families— and Solomon and the whole assembly went to the high place at Gibeon, for God’s tent of meeting was there, which Moses the LORD’s servant had made in the wilderness. Now David had brought up the ark of God from Kiriath Jearim to the place he had prepared for it, because he had pitched a tent for it in Jerusalem. But the bronze altar that Bezalel son of Uri, the son of Hur, had made was in Gibeon in front of the tabernacle of the LORD; so Solomon and the assembly inquired of him there. Solomon went up to the bronze altar before the LORD in the tent of meeting and offered a thousand burnt offerings on it. That night God appeared to Solomon and said to him, “Ask for whatever you want me to give you.” Solomon answered God, “You have shown great kindness to David my father and have made me king in his place. Now, LORD God, let your promise to my father David be confirmed, for you have made me king over a people who are as numerous as the dust of the earth. Give me wisdom and knowledge, that I may lead this people, for who is able to govern this great people of yours?” God said to Solomon, “Since this is your heart’s desire and you have not asked for wealth, possessions or honor, nor for the death of your enemies, and since you have not asked for a long life but for wisdom and knowledge to govern my people over whom I have made you king, therefore wisdom and knowledge will be given you. And I will also give you wealth, possessions and honor, such as no king who was before you ever had and none after you will have.” Then Solomon went to Jerusalem from the high place at Gibeon, from before the tent of meeting. And he reigned over Israel. Solomon accumulated chariots and horses; he had fourteen hundred chariots and twelve thousand horses, which he kept in the chariot cities and also with him in Jerusalem. The king made silver and gold as common in Jerusalem as stones, and cedar as plentiful as sycamore-fig trees in the foothills. Solomon’s horses were imported from Egypt and from Kue—the royal merchants purchased them from Kue at the current price. They imported a chariot from Egypt for six hundred shekels of silver, and a horse for a hundred and fifty. They also exported them to all the kings of the Hittites and of the Arameans.