1 තිමෝති 6:6-9
1 තිමෝති 6:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ලද දෙයින් සතුටු වීම සමඟ දේව භක්තිවන්තකම සැබවින් ම මහත් ලාභයකි. මන්ද මෙලොවට අප ගෙන ආ දෙයක් නැත. මෙලොවින් අපට ගෙන යා හැකි දෙයක් ද නැත. එහෙත් අපට කෑම, ඇඳීම ඇත්නම් ඒවායින් අප සෑහීමට පත් වනු ඇත. ධනවත් වීමේ තද උවමනාව ඇත්තෝ පරීක්ෂාවට වැටෙති; උගුලට හසු වෙති; මිනිසුන් විනාශයටත්, නාස්තියටත් කිඳා බස්වන අඥාන වූත්, හානිකර වූත් අනේක තෘෂ්ණාවනට ගොදුරු වෙති.
1 තිමෝති 6:6-9 Sinhala Revised Old Version (SROV)
ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය. මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව. නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.
1 තිමෝති 6:6-9 Sinhala New Revised Version (NRSV)
ලද පමණින් සතුටු වීම සහිත දේව භක්තිය මහත් ලාභයකි. අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය. කන්නට අඳින්නට ඇත්නම්, අපට සෑහෙයි. ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය.
1 තිමෝති 6:6-9 Sinhala New Revised Version 2018 (SNRV)
ලද පමණින් සතුටු වීම සහිත දේව භක්තිය මහත් ලාභයකි. අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය. කන්නට අඳින්නට ඇත්නම්, අපට සෑහෙයි. ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය.
1 තිමෝති 6:6-9 New International Version (NIV)
But godliness with contentment is great gain. For we brought nothing into the world, and we can take nothing out of it. But if we have food and clothing, we will be content with that. Those who want to get rich fall into temptation and a trap and into many foolish and harmful desires that plunge people into ruin and destruction.