1 තිමෝති 6:12-16
1 තිමෝති 6:12-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් වදින්න. ඔබ කැඳවුම් ලැබුවාවූත්, බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ ඔබ ප්‍රකාශ කළාවූත් සදාතන ජීවනය තරයේ අල්ලා ගන්න. සෑම සියල්ලට ජීවනය දෙන දෙවියන්වහන්සේ ඉදිරියේදීත්, ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් අබියස තම සාක්ෂිය දෙන අතරේ මනා ප්‍රකාශයක් කළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියේදීත් මා ඔබට අණ කරන්නේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ප්‍රකාශ වන තුරු නො කැළැල් ව හා දෝෂයෙන් තොර ව මේ ආඥාව පිළිපදින ලෙසයි. උන්වහන්සේ නිසි කල්හි එය එළිදක්වන සේක. උන්වහන්සේ ආශිර්වාදිත වූ, එක ම පරමාධිපතියාණන් වූ, රජවරුන්ගේ රජ්ජුරුවෝ වූ, ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ වූ තැනැන්වහන්සේ ය. එක ම අමරණීය වූ, අනෙකකුට ළඟා විය නො හැකි ආලෝකයේ වැඩ වසන්නා වූ, කිසිවකුත් දැක නැති, දකින්නට ද නො හැකි තැනැන්වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේවා! ආමෙන්.
1 තිමෝති 6:12-16 Sinhala Revised Old Version (SROV)
ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීම දක්වා නුඹ මේ ආඥාව කැලලක්ද දෝෂයක්ද නැතුව පවත්වන ලෙස, සියල්ල ජීවත්කරන්නාවූ දෙවියන්වහන්සේද පොන්තියුස් පිලාත් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කළාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේද ඉදිරියෙහි නුඹට ආඥාකරමි. ශුභාන්විත එකම අධිපතියාණන්වහන්සේ වන රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව සිටින එකම අමරණීයවූ, කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ, කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවාවූ, දකින්ටත් බැරිවූ තැනන්වහන්සේ ඒ ප්‍රකාශවීම නියම කාලවලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක්‍රමයත් වේවා. ආමෙන්.
1 තිමෝති 6:12-16 Sinhala New Revised Version (NRSV)
ඇදහිල්ල නමැති මහා ධාවනය වීර්යයෙන් දුවන්න. සදාතන ජීවනය අත් කරගන්න. ඔබ එයට කැඳවනු ලැබූයේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියෙහි ඔබේ ඇදහීම නිර්භීත ලෙස සහතික කොට ප්‍රකාශ කළ විට ය. සකල ජීවයට උල්පත වූ දෙවියන් වහන්සේ ද, පොන්තියුස් පිලාත් ඉදිරියෙහි ඇදහීම නිර්භීත ලෙස ප්‍රකාශ කළ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද අබිමුවෙහි මා ඔබට භාර දෙන කටයුත්ත මෙය යි: අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ආගමනය තෙක් මේ ආඥාව කිසි ම දෝෂයක් හෝ කැළලක් හෝ නැති ව පිළිපදින්න. දෙවියන් වහන්සේ එම ආගමනය නියමිත කාලයේ දී එළිදරව් කරන සේක. උන් වහන්සේ වනාහි භාග්‍යවත්, අසහාය අධිපති, රාජාති රාජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන් වන තැනැන් වහන්සේ ය. උන් වහන්සේ පමණක් අමරණීය ය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන් වහන්සේ වසන සේක. කිසිවෙක් කිසි කලෙක උන් වහන්සේ දැක නැත; දකින්නටත් බැරි ය. උන් වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේ වා! ආමෙන්.
1 තිමෝති 6:12-16 Sinhala New Revised Version 2018 (SNRV)

1 තිමෝති 6:12-16 New International Version (NIV)
Fight the good fight of the faith. Take hold of the eternal life to which you were called when you made your good confession in the presence of many witnesses. In the sight of God, who gives life to everything, and of Christ Jesus, who while testifying before Pontius Pilate made the good confession, I charge you to keep this command without spot or blame until the appearing of our Lord Jesus Christ, which God will bring about in his own time—God, the blessed and only Ruler, the King of kings and Lord of lords, who alone is immortal and who lives in unapproachable light, whom no one has seen or can see. To him be honor and might forever. Amen.