1 තිමෝති 1:1-2
1 තිමෝති 1:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේගේ හා අපගේ බලාපොරොත්තුව වන ක්රිස්තුස් යේසුස්වහන්සේගේ නියෝගයෙන්, ක්රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් වෙතින්, ඇදහිල්ලේ මගේ සැබෑ දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අප ස්වාමින්වහන්සේ වන ක්රිස්තුස් යේසුස්වහන්සේගෙන් ඔබට අනුග්රහයත්, දයාවත්, සාමයත් වේවා!
1 තිමෝති 1:1-2 Sinhala Revised Old Version (SROV)
අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේද අපගේ බලාපොරොත්තුව වන ක්රිස්තුස් යේසුස්වහන්සේගේද ආඥාව ලෙස ක්රිස්තුස් යේසුස්වහන්සේගේ ප්රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවාවූ තිමෝතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ ක්රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා.
1 තිමෝති 1:1-2 Sinhala New Revised Version (NRSV)
අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය. දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, වරප්රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!
1 තිමෝති 1:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්රිස්තුස් ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය. දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, වරප්රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!