1 තෙසලෝනික 3:12-13 - Compare All Versions
1 තෙසලෝනික 3:12-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ වෙත ඇති අපගේ ප්‍රේමය යම් සේ ද, එලෙස ඔබගේ ප්‍රේමයත් ඔබ එකිනෙකා කෙරෙහි හා අන් සැම කෙරෙහි වැඩි වී පිරී ඉතිරී යන්නට ස්වාමින්වහන්සේ මග සලසන සේක්වා! එසේ අප ස්වාමින්වහන්සේ වන යේසුස්වහන්සේ, උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයින් සමඟ එන කල, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ අබියස ඔබ ශුද්ධත්වය තුළ දෝෂ රහිත ව සිටින පිණිස, උන්වහන්සේ ඔබේ හදවත් ශක්තිමත් කරන සේක්වා!
1 තෙසලෝනික 3:12-13 SROV (Sinhala Revised Old Version)
අප නුඹලාට ප්‍රේමකරන්නාක්මෙන්ම ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් එකිනෙකා කෙරෙහිත් අනික් සියල්ලන් කෙරෙහිත් නුඹලාගේ ප්‍රේමය වැඩිකර, එයින් නුඹලා පුරවා, මෙසේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමඟ එන කල නුඹලාගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිරකරනසේක්වා.
1 තෙසලෝනික 3:12-13 NRSV (Sinhala New Revised Version)
අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් සමිඳාණන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත්, අන් සියල්ලන් කෙරෙහිත්, ඔබගේ ප්‍රේමය පිරී ඉතිරී යන්නට සලස්වන සේක් වා! අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමඟ වඩින විට, ඔබගේ සිත් අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ව ද, නිදොස් ව ද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක් වා!
1 තෙසලෝනික 3:12-13 SNRV (Sinhala New Revised Version 2018)
අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් සමිඳාණන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත්, අන් සියල්ලන් කෙරෙහිත්, ඔබගේ ප්‍රේමය පිරී ඉතිරී යන්නට සලස්වන සේක් වා! අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමඟ වඩින විට, ඔබගේ සිත් අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ව ද, නිදොස් ව ද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක් වා!
1 තෙසලෝනික 3:12-13 NIV (New International Version)
May the Lord make your love increase and overflow for each other and for everyone else, just as ours does for you. May he strengthen your hearts so that you will be blameless and holy in the presence of our God and Father when our Lord Jesus comes with all his holy ones.