1 තෙසලෝනික 3:1-6
1 තෙසලෝනික 3:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල, ඇතන්ස්හි අප තනි කරනු ලැබීමට කැමති ව, අපගේ සහෝදරයා හා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැතිරවීමේ දෙවියන්වහන්සේගේ හවුල් සේවකයා වූ තිමෝති ඔබ වෙත එවීමු. ඒ ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ධෛර්යවත් කර, ස්ථිර ව සිටුවන්නට ය. එසේ කළේ, ඔබ කිසිවකුත් මෙම දුක්-පීඩාවලින් චංචල නො වන පිණිස ය. ඒ දුක් පීඩා අපට නියම ව තිබෙන වග ඔබ දන්නහු ය. හිංසා පීඩාවනට අප ගොදුරු වන වග අප ඔබ සමඟ සිටියදී නිති ඔබට පැවසීමු. ඔබ දන්නා පරිදි දැන් සිදුව ඇත්තේ එය ම ය. මේ හේතුව නිසා තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල්හි, ඔබගේ ඇදහිල්ල පිළිබඳ තතු විමසා බැලීමට මම තිමෝති පිටත් කර එව්වෙමි. ඒ, පරීක්ෂාකාරයා යම් ලෙසකින් ඔබ පරීක්ෂාවක හෙළා, ඔබ උදෙසා අප දැරූ වෙහෙස අපතේ යාදෝයි මා තැති ගත් නිසා ය. කෙසේ වෙතත් ඔබගේ ඇදහිල්ලත්, ඔබගේ ප්‍රේමයත් ගැන සුපුවත් ගෙන තිමෝති දැන් අප වෙත අවුත් සිටී. ඔබ නිබඳ ව සතුටු සිතින් අප සිහි කරන බවත්, ඔබ දැකුමට අප මහත් ආශාවෙන් සිටින සේ ම, අප දැකුමට ඔබත් දැඩි ආශාවෙන් සිටින බවත්, ඔහු අපට පැවසී ය.
1 තෙසලෝනික 3:1-6 Sinhala Revised Old Version (SROV)
එහෙයින්, අපට තවත් ඉවසාගන්ට නොහැකිවූ කල, අතීනසෙහි තනියම අත්හරිනු ලැබීමට අපි සතුටුවී, මේ දුක්වලින් කිසිවෙක් චංචල නොවන පිණිස, නුඹලා ස්ථිරකිරීමටත් නුඹලාගේ ඇදහිල්ල ගැන අවවාද කිරීමටත්, අපේ සහෝදරයාද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙහි දෙවියන්වහන්සේගේ සේවකයාද වූ තිමෝතියස් එවීමුව. මක්නිසාද අප දුක් විදීමට නියමව තිබෙන බව නුඹලාම දනිහුය. මක්නිසාද අප දුක් විඳින්ට සිටින බව, නුඹලා සමඟ සිටියදී කලින් නුඹලාට කීවෙමුව; එලෙසම සිදුවුණු බව නුඹලා දන්නහුය. මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි. දැන් තිමෝතියස් නුඹලා වෙතින් අප ළඟට ඇවිත්, නුඹලාගේ ඇදහිල්ලත් ප්‍රේමයත් නිතරම නුඹලා අප හොඳාකාර සිහිපත්කරමින්, අප නුඹලා දකින්ට ආශාවෙන් සිටින්නාක්මෙන්ම අප දකින්ට නුඹලාත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල
1 තෙසලෝනික 3:1-6 Sinhala New Revised Version (NRSV)
අපට එය තවත් ඉවසාගන්නට නොහැකි වූ බැවින් ඇතන්ස්හි නතර වීමට තීරණය කරගෙන, අපි තිමෝතියස් එවීමු. ඔහු වනාහි අපගේ සහෝදරයා ද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කිරීමේ දෙවියන් වහන්සේගේ හවුල් සේවකයා ද වේ. අප ඔහු එවූයේ මේ පීඩාවලින් කිසිවෙකු චංචල නොවන ලෙස, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථිර ව සිටීමට ඔබට ධෛර්ය දෙන පිණිස ය. දුක් විඳීම අපට නියම දෙයක් බව ඔබ ම දන්නහු ය. අපට දුක් විඳින්නට සිදු වන බව අපි ඔබ සමඟ සිටිය දී කල්තියා ඔබට කීවෙමු. එලෙස ම සිදු වූ බව ඔබ දන්නහු ය. මේ කරුණ තවදුරටත් ඉවසාගත නොහැකි ව, පරීක්ෂාකාරයා සමහර විට ඔබ පරීක්ෂා කර, අපගේ සේවය නිෂ්ප්‍රභා කර ඇද්දැ යි බිය වී ඔබගේ ඇදහිල්ල ගැන සොයා බැලීමට ඔහු ඔබ වෙත එවීමි. එහෙත් දැන් තිමෝතියස් පෙරළා අප වෙත පැමිණ ඔබගේ ඇදහිල්ලත් ප්‍රේමයත් ගැන හොඳ ආරංචියක් අපට සැළ කෙළේ ය. ඇරත්, අප ඔබ දැකීමට ආශාවෙන් සිටින්නාක් මෙන් ම ඔබත් අප දැකීමට ආශාවෙන් සිටින බව ද, ඔබ නිතර ම අප ගැන කරුණාවෙන් සිහි කරන බව ද ඔහු අපට දැන්වී ය.
1 තෙසලෝනික 3:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

1 තෙසලෝනික 3:1-6 New International Version (NIV)
So when we could stand it no longer, we thought it best to be left by ourselves in Athens. We sent Timothy, who is our brother and co-worker in God’s service in spreading the gospel of Christ, to strengthen and encourage you in your faith, so that no one would be unsettled by these trials. For you know quite well that we are destined for them. In fact, when we were with you, we kept telling you that we would be persecuted. And it turned out that way, as you well know. For this reason, when I could stand it no longer, I sent to find out about your faith. I was afraid that in some way the tempter had tempted you and that our labors might have been in vain. But Timothy has just now come to us from you and has brought good news about your faith and love. He has told us that you always have pleasant memories of us and that you long to see us, just as we also long to see you.