1 සාමුවෙල් 9:21
1 සාමුවෙල් 9:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාවුල් පිළිතුරු දෙමින්, “කුඩා ම ඉශ්රායෙල් ගෝත්ර වංශය වූ බෙන්යමින්වරයෙක් නො වේ ද මා! බෙන්යමින් ගෝත්රයේ සියලු පෙළපත් අතරින් ඉතාම සුළු එක, මා අයත් පෙළපත නො වේ ද? එහෙම නම් ඇයි ඔබ මෙවැනි දෙයක් මට පවසන්නේ?” යි ඇසී ය.
1 සාමුවෙල් 9:21 Sinhala Revised Old Version (SROV)
සාවුල් උත්තර දෙමින්: මම ඉශ්රායෙල් ගෝත්රවලින් ඉතා කුඩා එකක්ව තිබෙන බෙන්යමින් ගෝත්රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවේය.
1 සාමුවෙල් 9:21 Sinhala New Revised Version (NRSV)
සාවුල් පිළිතුරු දෙමින්, “මම ඉශ්රායෙල් ගෝත්රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්ජමින් ගෝත්රයට අයත් කෙනෙක් නොවෙම් ද? බෙන්ජමින්ගේ සියලු පවුල්වලින් මාගේ පවුල ඉතා සුළු එක නොවේ ද? එසේ නම්, ඔබ මෙලෙස මට කතා කරන්නේ මන්දැ”යි ඇසුවේ ය.
1 සාමුවෙල් 9:21 Sinhala New Revised Version 2018 (SNRV)