1 සාමුවෙල් 9:1-27
1 සාමුවෙල් 9:1-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කීෂ් නම් වූ බෙන්යමින් මිනිසෙක් සිටියේ ය. බෙන්යමීය මිනිසකුගේ පුත්‍ර වූ අෆියාගේ පුත්‍ර, බෙකෝරත්ගේ පුත්‍ර, සෙරෝර්ගේ පුත්‍ර, අබියෙල්ගේ පුත්‍රයා වූ ඔහු ධනවත් මිනිසෙකි. ඔහුට සාවුල් නම් වූ කඩවසම් තරුණ පුතකු සිටියේ ය. ඔහුට වඩා කඩවසම් කෙනකු ඉශ්‍රායෙල් පුත්‍රයින් අතර නො වී ය. උරහිසේ පටන් ඔහු අන් කවරකුටත් වඩා උසින් යුතු විය. මෙකල සාවුල්ගේ පියා වූ කීෂ්ගේ බූරු දෙනුන් නැති විණි. එබැවින් තම පුත් සාවුල් ඇමතූ කීෂ්, “ඔබගේ තරුණ සේවකයින්ගෙන් කෙනකු ඔබ සමඟ ගෙන, ගොසින් බූරුවන් සොයා බලන්නැ” යි කීවේ ය. ඔහු එප්‍රායිම් කඳුරට හරහා ද ෂාලිෂා අවට පෙදෙස හරහා ද සැරි සැරූ නමුදු, ඔවුන්ට උන් සම්භ වුණේ නැත. ඔවුහු ෂාලීම් පළාත ද පසු කර ගියහ. එහෙත් උන් එහි ද සිටියේ නැත. ඉන්පසු ඔවුහු බෙන්යමින් දේශය හරහා සැරි සැරූහ. එහෙත් ඔවුනට උන් සොයාගත නො හැකි විය. ඔවුන් සූෆ් පළාතට ළඟා වූ කල, තමා හා සිටි සේවකයා ඇමතූ සාවුල්, “එන්න, අපි ආපහු යමු; නැතහොත් මගේ පියා, බූරු දෙනුන් ගැන කල්පනාව අත්හැර අප ගැන කනස්සලු වනු ඇතැ” යි කීවේ ය. එහෙත් ඔහු පිළිතුරු දෙමින්, “දන්නවා ද! දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටී. ඔහු ඉතා ගරු කටයුතු කෙනෙක්. ඔහු කියන හැම දෙයක් ම සැබෑ වෙයි. අපි දැන් එහි යමු. අප යා යුත්තේ කවර මාර්ගයේ දැයි ඇතැම් විට ඔහු අපට කියා දේවි” යි කීවේ ය. එවිට සාවුල් තම සේවකයා අමතමින්, “එහෙත්, අප යනවා නම්, මොනවා ද අප ඒ මනුෂ්‍යයාට ගෙන යන්නේ? අපේ මලුවල ආහාරත් ඉවරයි. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යෑමට තෑග්ගක් කෝ! මොනවද අප ළඟ තියෙන්නේ?” යි පැවසී ය. සේවකයා නැවත සාවුල්ට පිළිතුරු දෙමින්, “මෙන්න, මා ළඟ රිදී ෂෙකෙල් කාලක් තියෙනවා. අප යා යුතු මග අපට කීම සඳහා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට මම එය දෙන්නම්” කීවේ ය. (ඉහතදී ඉශ්‍රායෙල්හි යමෙක්, දෙවියන්වහන්සේගෙන් විමසන්නට ගිය කල, “එමු; අපි පේන කියන්නා වෙත යමු” යි කියයි. මන්ද මෙකල දිවැසිවරයා, එකල හැඳින්වූයේ පේන කියන්නා නමිනි.) එවිට සාවුල්, “අගෙයි. එන්න. අපි යමු” යි තම සේවකයාට පැවසී ය. මෙසේ ඔවුහු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සිටි පුරවරය බලා පිටත් වූහ. ඔවුන් කන්ද නැග, නගරයට යන අතරේ, දිය අදින්නට පිටත් ව එන තරුණියන් කීප දෙනකු ඔවුනට හමු විණ. “පේන කියන්නා මෙහි සිටිනවා දැ?” යි ඔවුහු ඔවුන්ගෙන් ඇසූහ. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔව්, ඔහු සිටී. අන්න; ඔහු ඔබට මදක් ඉදිරියෙන්! ඉක්මන් කරන්න; මන්ද ජනයා අද උස් තැන් පුදසුනේ යාග පූජාවක් කරන නිසා, ඔහු මේ දැන් නගරයට ඇවිල්ලා. ඔබ නගරයට ඇතුළු වූ විගස, ඔහු පූජාව වළඳන්නට උස් තැන් පුදසුනට නැගෙන්නට කලින් ඔහු ඔබට මුණ ගැසෙනු ඇත. ඔහු එන තුරු ජනයා කන්නේ නැත. මන්ද පූජාවට ඔහු ආශිර්වාද කළ යුතු නිසයි. ආරාධිතයින් අහර ගන්නේ ඉන් පසුවයි. දැන් ම නැග යන්න. නොපමාව ඔහු ඔබට හමු වනු ඇතැ” යි කීහ. ඔවුහු කන්ද නැග, පුරවරයට ගියහ. ඔවුන් එහි ඇතුළු වෙද්දී, සාමුවෙල් උස් තැන් පුදසුන වෙත පියමං කරමින්, ඔවුන් දෙසට එමින් සිටියේ ය. සාවුල් පැමිණෙන්නට පෙර දවසේ, ස්වාමින්වහන්සේ සාමුවෙල්ට මෙසේ එළිදරවු කර තිබිණි: “හෙට මේ වෙලාවට පමණ මම බෙන්යමින් දේශයෙන් මිනිසකු ඔබ වෙත එවන්නෙමි. මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන්ගේ අධිපතියා කොට, ඔබ ඔහු ආලේප කළ යුතුයි. ඔහු මගේ ජනයා පිලිස්තිවරුන් අතින් මුදා ගනු ඇත. මම මගේ ජනතාවගේ දුක බැලීමි. මන්ද ඔවුන්ගේ මොරගෑම මා වෙත පැමිණ ඇත.” සාමුවෙල්, සාවුල් දුටු කල, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “මෙන්න! මොහුයි මා ඔබට පැවසූ මිනිසා. ඔහු මගේ ජනතාව පාලනය කරනු ඇතැ” යි කී සේක. දොරටුවේදී සාමුවෙල් වෙත ළං වූ සාවුල්, “පේන කියන්නාගේ ගේ කොහේ ද කියා කරුණාකර මට කිව හැකි දැ?” යි ඇසී ය. සාමුවෙල් සාවුල්ට පිළිතුරු දෙමින්, “පේන කියන්නා මමයි. මට පෙරටුව උස් තැන් පුදසුන වෙත යන්න. මන්ද අද ඔබ මා සමඟ ආහාර ගන්න ඕනේ. හෙට උදයේ ඔබ යන්නට හරින්නම්. ඔබේ හද තුළ ඇති සියල්ල ද මම ඔබට කියන්නම්. තුන් දවසකට උඩදී නැති වූ බූරු දෙනුන් ගැන තවත් සිතන්න ඕනෑ නෑ. උන් සම්භවෙලා. ඉශ්‍රායෙල්හි ප්‍රිය උපදනා සියල්ල කවුරුන්ට ද? ඒවා ඔබටත් ඔබ පියාගේ පවුලේ සැමටත් නො වේ දැ?” යි කීවේ ය. සාවුල් පිළිතුරු දෙමින්, “කුඩා ම ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශය වූ බෙන්යමින්වරයෙක් නො වේ ද මා! බෙන්යමින් ගෝත්‍රයේ සියලු පෙළපත් අතරින් ඉතාම සුළු එක, මා අයත් පෙළපත නො වේ ද? එහෙම නම් ඇයි ඔබ මෙවැනි දෙයක් මට පවසන්නේ?” යි ඇසී ය. සාමුවෙල් ඉන්පසු සාවුල් හා ඔහුගේ සේවකයා ශාලාවට කැඳවාගෙන අවුත්, තිස්දෙනකු පමණ වූ ආරාධිතයින් අතරේ මුල් අසුනේ ඔවුන් හිඳවූයේ ය. ඉන්පසු කෝකියාට කතා කළ සාමුවෙල්, “වෙන් කර තබන්න කියා මා ඔබට දුන් පංගුව ගෙනෙන්නැ” යි කීවේ ය. එවිට කෝකියා මස් ගාතය හා ඒ මත වූ දෑ ද ගෙනවුත්, සාවුල් ඉදිරියේ තැබී ය. එවිට සාමුවෙල් කතා කරමින්, “මෙන්න ඔබට වෙන් කර තැබූ දෑ; කන්න. මන්ද ‘අමුත්තන්ට මම ඇරියුම් කළෙමි’ යි මා කී වේලේ පටන් මේ අවස්ථාව සඳහා ම එය ඔබට වෙන් කර තිබිණැ” යි කීවේ ය. සාවුල් ඒ දවසේ සාමුවෙල් සමඟ අහර ගත්තේ ය. ඔවුන් උස් තැන පුදසුන වෙතින් නගරය වෙත පහළට ආ පසු, සාමුවෙල් තම නිවසේ පියස්ස මතදී සාවුල් හා කතා කළේ ය. දවසේ උදාවත් සමඟ ගෙපියස්ස මතදී සාවුල්ට කතා කළ සාමුවෙල්, “සූදානම් වන්න. මම ඔබ පිටත් කර හරින්නෙමි” යි පැවසී ය. සාවුල් සූදානම් වූ කල, ඔහු ද සාමුවෙල් ද එක් ව පිටතට ගියහ. ඔවුන් නගර සීමාව වෙත යමින් සිටියදී, සාමුවෙල්, සාවුල්ට කතා කොට, “අපට පෙරටුව යන ලෙස සේවකයාට කියන්න. දෙවියන්වහන්සේගේ වචනය මා ඔබට දන්වන පිණිස ඔබ මදකට මෙතැන නවතින්නැ” යි කී ය.
1 සාමුවෙල් 9:1-27 Sinhala Revised Old Version (SROV)
බෙන්යමිය මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ, අපියාගේ පුත්‍රයා වන බෙඛෝරත්ගේ පුත්‍රවූ ශෙරොර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍රවූ කීෂ් නම්වූ බෙන්යමිය මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු මහත් ධනවතෙක්ය. ඔහුට සාවුල් නම්වූ තරුණ ශෝභන පුත්‍රයෙක් සිටියේය. ඔහුට වඩා ශෝභන කෙනෙක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ සිටියේ නැත. ඔහු සෙනඟ අතරේ සියලුදෙනාටම වඩා උරහිස පටන් ඉහළට උස්ව සිටියේය. සාවුල්ගේ පියවූ කීෂ්ගේ කොටළුවෝ නැතිවුණෝය. කීෂ් තමාගේ පුත්‍රවූ සාවුල්ට කථාකොට: නුඹ වැඩකාරයන්ගෙන් එක්කෙනෙකු අඬගහගෙන පිටත්ව ගොස් කොටළුවන් සොයාන්නැයි කීවේය. ඔහු එප්‍රායිම් කඳු රටෙහිද ෂාලිෂා රටෙහිද ඇවිද්ද නුමුත් උන් සම්බවුණේ නැත. ඔව්හු ෂාලීම් රටෙහිත් ඇවිද්දෝය, උන් එහිත් නැති බැවින් ඔහු බෙන්යමින් රටෙහිද ඇවිද්දේය. නුමුත් ඔවුන්ට උන් සම්බවුණේ නැත. ඔවුන් ශූප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි තමාගේ වැඩකාරයාට කථාකොට: අපි හැරී යමු; නැත්නම් මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වෙනවා ඇතැයි කීවේය. ඔහුද: මේ නුවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් සිටී, ඒ මනුෂ්‍යයා ගෞරවණීය කෙනෙක්ය; ඔහු කියන සියල්ල සැබවින් සිදුවෙයි. අපි එහි යමු; සමහරවිට අප යන ගමන ගැන ඔහු අපට දන්වනවා ඇතැයි ඔහුට කීවේය. එවිට සාවුල් තමාගේ වැඩකාරයාට කථාකොට: යනවානම් අපි ඒ මනුෂ්‍යයාට කුමක් ගෙනයමුද? මක්නිසාද අපේ භාජනවල තිබුණ කෑම කම්මුතුවිය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙනයන්ට කිසි තෑග්ගක් නැත්තේය. අප ළඟ කුමක් තිබේදැයි කීවේය. වැඩකාරයා නැවත සාවුල්ට උත්තරදෙමින්: මා අතේ රිදී ෂෙකෙලකින් සතරෙන් පංගුවක් තිබේ. අපේ මාර්ගය අපට දන්වන පිණිස ඒක දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමියි කීවේය. (පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.) එවිට සාවුල්: නුඹ කීවා හොඳයි; එන්න, අපි යමුයයි තමාගේ වැඩකාරයාට කීවේය. මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝය. ඔව්හු නුවර නැගුමේ යන කල, යෞවනියන් වතුර අදින පිණිස පිටතට එනවා ඔවුන්ට සම්බව: දිවස් ඇත්තා මෙහි ඉන්නවාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය. ඔව්හු උත්තරදෙමින්: ඉන්නවාය; ඔහු නුඹ ඉදිරියෙහිය. ඉක්මන්කරන්න, මක්නිසාද උස් තැනදී අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට ඇවිත් සිටියි. නුඹලා නුවරට ඇතුල්වූ වහාම කෑම කන පිණිස උස් තැනට නගින්ට මත්තෙන් ඔහු සම්බවෙයි. මක්නිසාද ඔහු පූජාවට ආශීර්වාදකරන බැවින් ඔහු එනතුරු සෙනඟ කන්නේ නැත; කැඳවනලද්දෝ ඉන් පසුව කති. ඉන්නිසා යන්න; මක්නිසාද මේ වේලාවට ඔහු නුඹලාට සම්බවේයයි කීවෝය. ඔවුන් නුවරට ගොස් නුවර ඇතුළට පැමිණදේදී සාමුවෙල් උස් තැනට යන පිණිස ඔවුන් ඉස්සරහට පිටතට ආවේය. සාවුල් එන්ට දවසකට ප්‍රථම ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු නුඹ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය. සාමුවෙල් සාවුල් දුටු විට ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: මෙන්න, මා නුඹට කී මනුෂ්‍යයා! මොහු මාගේ සෙනඟ කෙරෙහි බලය පවත්වන්නේයයි කීසේක. එවිට සාවුල් දොරටුවේදී සාමුවෙල් ළඟට ඇවිත්: දිවස් ඇත්තාගේ ගෙය තිබෙන්නේ කොතනද කියා මට දැන්නුවමැනවැයි කීවේය. සාමුවෙල්ද සාවුල්ට උත්තර දෙමින්: දිවස් ඇත්තා මමය; මට පෙරටුව උස් තැනට යන්න, මක්නිසාද නුඹලා අද මා සමඟ කෑම කන්ට ඕනෑය. හෙට උදේ නුඹ යන්ට හරින්නෙමි, නුඹේ සිතේ තිබෙන සියල්ලද නුඹට දන්වන්නෙමි. තුන් දවසකට පළමුවෙන් නැතිවූ නුඹේ කොටළුවන්ගේ කාරණය සිතට නොගන්න; උන් සම්බවුණාය. ඉශ්‍රායෙල්හි ආශාවිය යුතු සියල්ල කා උදෙසාද? නුඹ උදෙසාත් නුඹේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේදැයි කීවේය. සාවුල් උත්තර දෙමින්: මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක්ව තිබෙන බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්‍රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවේය. තවද සාමුවෙල් සාවුල් හා ඔහුගේ වැඩකාරයත් කැඳවාගෙන ආගන්තුක ශාලාවට ඇතුල්වී, ගණනින් තිහක් පමණ වූ කැඳවනලද මනුෂ්‍යයින් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන් හින්දෙවුවේය. සාමුවෙල් අරක්කැමියාට කථාකොට: නුඹ ළඟ තබාගන්ට කියා මා නුඹට දුන්නාවූ කොටස මෙහි ගෙනෙන්නැයි කීවේය. අරක්කැමියා ගාතයද ඊ පිට තිබුණු දේද ගෙනැවිත් සාවුල් ඉදිරිපිට තැබුවේය. සාමුවෙල්ද: මෙන්න නුඹ උදෙසා තැබූ ඒවා! මේවා නුඹ ඉදිරිපිට තබාගෙන කන්න; මක්නිසාද මා විසින් සෙනඟ කැඳෙවුවායයි කී වේලාවට මේවා නුඹ උදෙසා වෙන්කොට තබන ලද්දේයයි කීවේය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ කෑයේය. ඔවුන් උස්තැනින් නුවරට බැස ආ කල සාමුවෙල් සාවුල් සමඟ පියස්ස උඩදී කථාකෙළේය. ඔව්හු අලුයම නැගුටුණෝය. තවද පහන්වෙන වේලාව පමණේදී සාමුවෙල් සාවුල්ට පියස්ස උඩට අඬගසා: මා විසින් නුඹ පිටත්කරන පිණිස නැගිටින්නැයි කීවේය. සාවුල් නැගිට්ටේය, ඔවුන් දෙදෙනා එනම් ඔහු සහ සාමුවෙල් පිටතට ගියෝය. ඔවුන් බැස යන කල නුවර කෙළවරදී සාමුවෙල් සාවුල්ට කථාකොට: අපට පෙරටුව යන්ට නුඹේ වැඩකාරයාට කියා, මා විසින් නුඹට දෙවියන්වහන්සේගේ වචනය දන්වන පිණිස නුඹ දැන් නවතින්නැයි කීවේය. වැඩකාරයා ඉස්සරව ගියේය.
1 සාමුවෙල් 9:1-27 Sinhala New Revised Version (NRSV)
බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි. ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය. දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, “ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ”යි කීවේ ය. ඔහු එප්‍රායිම් කඳුකරයෙහි සිට ෂාලීෂා රට දක්වා ඇවිද්ද නමුත්, කොටළුවන් සම්බ වුණේ නැත. ඔවුන් ෂාලීම් රටේත් ඇවිද්ද නමුත්, කොටළුවන් එහි ද නො වූ බැවින්, ඔව්හු බෙන්ජමින්ගේ රටෙහි ද ඇවිද්දෝ ය. එහෙත්, ඔවුන්ට උන් සම්බ වුණේ නැත. ඔව්හු ශුප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි සිය වැඩකාරයාට කතා කොට, “අපි ආපසු හැරී යමු; නැත්නම්, මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වනු ඇතැ”යි කීවේ ය. සේවකයා ඔහුට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටියි; ඔහු ගරු කටයුතු කෙනෙකි; ඔහු කියන සියල්ල නොවරදවා ඉෂ්ට වන්නේ ය. අපි ඔහු වෙත යමු; සමහර විට, අප යා යුත්තේ කොහේ දැ යි ඔහු අපට දන්වනු ඇතැ”යි කීවේ ය. එවිට සාවුල් වැඩකාරයාට කතා කොට, “අපි යන්නෙමු නම්, ඒ මිනිසාට කුමක් ගෙන යමු ද? අපේ භාජනවල තිබුණු කෑම දැන් ඉවර ය; දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යන්නට කිසි තෑග්ගක් නැත. අප ළඟ කුමක් තිබේ දැ”යි ඇසුවේ ය. වැඩකාරයා යළිත් සාවුල්ට පිළිතුරු දෙමින්, “මා අතේ කුඩා රිදී කාසියක් තිබේ. අප යා යුතු මාර්ගය දන්වන පිණිස එය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමි”යි කීවේ ය. පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී අනාගතවක්තෘ යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය. ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, “අනාගතවක්තෘ මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය. ඔව්හු උත්තර දෙමින්, “ඔව්, ඔහු ඉන්නවා; බලන්න, ඔහු ඔබ ඉදිරියෙහි ය. ඉක්මන් කරන්න, මන්ද, කඳු මත පූජාස්ථානයෙහි අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට අවුත් සිටියි. ඔබ නුවරට ඇතුළු වූ වහා ම කෑම කන පිණිස කඳු මත පූජාස්ථානයට ඇතුළු වීමට මත්තෙන් ඔහු සම්බ වනු ඇත. මන්ද, ඔහු පූජාවට ආශීර්වාද කරන බැවින් ඔහු එන තුරු සෙනඟ කන්නේ නැත. කැඳවන ලද්දන් කෑම කන්නේ ඉන්පසු ය. ඒ නිසා යන්න; මේ වේලාවට ඔහු ඔබට සම්බ වනු ඇතැ”යි කීවෝ ය. ඔවුන් නුවරට ගොස්, නුවර ඇතුළට පිවිසෙද්දී සාමුවෙල් කඳු මත පූජාස්ථානයට යන පිණිස ඔවුන් දෙසට පිටත් වී ආවේ ය. සාවුල් පැමිණෙන්නට දවසකට පෙර, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය. සාමුවෙල්, සාවුල් දුටු විට, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “මෙන්න, මා නුඹට කී මිනිසා! මොහු මාගේ සෙනඟ පාලනය කරන්නේ ය”යි වදාළ සේක. එවිට සාවුල් දොරටුව ළඟ සාමුවෙල් වෙත ගොස්, “අනාවැකි කියන්නාගේ ගෙය තිබෙන්නේ කොතැන ද කියා මට දන්වන්නැ”යි කී ය. සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, “අනාවැකි කියන්නා මම ය; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි. තුන් දවසකට පෙර නැති වූ ඔබේ කොටළුවන් ගැන කරදර නොවන්න. උන් සම්බ වී ඇත. ඉශ්රායෙල් ජනයා අතිශයෙන් අපේක්ෂා කරන්නේ කවරෙක් ද? ඔබ උදෙසාත්, ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේ දැ”යි කීවේ ය. සාවුල් පිළිතුරු දෙමින්, “මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙක් නොවෙම් ද? බෙන්ජමින්ගේ සියලු පවුල්වලින් මාගේ පවුල ඉතා සුළු එක නොවේ ද? එසේ නම්, ඔබ මෙලෙස මට කතා කරන්නේ මන්දැ”යි ඇසුවේ ය. එවිට සාමුවෙල්, සාවුල් සහ ඔහුගේ වැඩකාරයා කැඳවාගෙන, කෑම ශාලාවට ඇතුළු වී, ගණනින් තිහක් පමණ වූ ආරාධිතයන් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන්ට අසුන් දුන්නේ ය. සාමුවෙල් අරක්කැමියාට කතා කොට, “මම ඔබට ‘වෙන් කර තබන්නැ’යි දුන් කොටස මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. අරක්කැමියා ගාතය ද ඒ පිට තිබුණු දේ ද ගෙනවුත් සාවුල් ඉදිරිපිට තැබුවේ ය. සාමුවෙල් කතා කොට, “මෙන්න, ඔබ උදෙසා තැබූ කොටස. එය වළඳන්න. මා ආරාධනා කළ සෙනඟ සමඟ එය මේ මොහොතේ දී වළඳන පිණිස ඔබ උදෙසා මම එය වෙන් කොට තැබුවෙමි”යි කීවේ ය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ ආහාර වැළඳුවේ ය. ඔවුන් කඳු මත පූජාස්ථානයෙන් බැස නගරයට ආ කල, ඔව්හු පියස්ස උඩ සාවුල්ට යහනක් සකස් කර දුන්නෝ ය. සාවුල් එහි නිදාගත්තේ ය. පහන් වන වේලාවේ දී සාමුවෙල් පියස්ස උඩ සිටි සාවුල්ට අඬගසා, “නැඟිටින්න, මම ඔබ පිටත් කර යවමි”යි කීවේ ය. සාවුල් නැඟිට්ටේ ය. ඔහු සහ සාමුවෙල් එකට වීදියට ගියේ ය. ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය.
1 සාමුවෙල් 9:1-27 Sinhala New Revised Version 2018 (SNRV)
උපියාගේ පුත්‍රයා වන බෙකෝරත්ගේ පුත්‍ර වූ ශෙරොර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍ර වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් ධනවත් මිනිසෙක් සිටියේ ය. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි. ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය. දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, “ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ”යි කීවේ ය. ඔහු එප්‍රායිම් කඳුකරයෙහි සිට ෂාලීෂා රට දක්වා ඇවිද්ද නමුත්, කොටළුවන් සම්බ වුණේ නැත. ඔවුන් ෂාලීම් රටේත් ඇවිද්ද නමුත්, කොටළුවන් එහි ද නො වූ බැවින්, ඔව්හු බෙන්ජමින්ගේ රටෙහි ද ඇවිද්දෝ ය. එහෙත්, ඔවුන්ට උන් සම්බ වුණේ නැත. ඔව්හු ශුප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි සිය වැඩකාරයාට කතා කොට, “අපි ආපසු හැරී යමු; නැත්නම්, මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වනු ඇතැ”යි කීවේ ය. සේවකයා ඔහුට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටියි; ඔහු ගරු කටයුතු කෙනෙකි; ඔහු කියන සියල්ල නොවරදවා ඉෂ්ට වන්නේ ය. අපි ඔහු වෙත යමු; සමහර විට, අප යා යුත්තේ කොහේ දැ යි ඔහු අපට දන්වනු ඇතැ”යි කීවේ ය. එවිට සාවුල් වැඩකාරයාට කතා කොට, “අපි යන්නෙමු නම්, ඒ මිනිසාට කුමක් ගෙන යමු ද? අපේ භාජනවල තිබුණු කෑම දැන් ඉවර ය; දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යන්නට කිසි තෑග්ගක් නැත. අප ළඟ කුමක් තිබේ දැ”යි ඇසුවේ ය. වැඩකාරයා යළිත් සාවුල්ට පිළිතුරු දෙමින්, “මා අතේ කුඩා රිදී කාසියක් තිබේ. අප යා යුතු මාර්ගය දන්වන පිණිස එය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමි”යි කීවේ ය. පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී දිවැස් ඇත්තා යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය. ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, “දිවැස් ඇත්තා මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය. ඔව්හු උත්තර දෙමින්, “ඔව්, ඔහු ඉන්නවා; බලන්න, ඔහු ඔබ ඉදිරියෙහි ය. ඉක්මන් කරන්න, මන්ද, කඳු මත පූජාස්ථානයෙහි අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට අවුත් සිටියි. ඔබ නුවරට ඇතුළු වූ වහා ම කෑම කන පිණිස කඳු මත පූජාස්ථානයට ඇතුළු වීමට මත්තෙන් ඔහු සම්බ වනු ඇත. මන්ද, ඔහු පූජාවට ආශීර්වාද කරන බැවින් ඔහු එන තුරු සෙනඟ කන්නේ නැත. කැඳවන ලද්දන් කෑම කන්නේ ඉන්පසු ය. ඒ නිසා යන්න; මේ වේලාවට ඔහු ඔබට සම්බ වනු ඇතැ”යි කීවෝ ය. ඔවුන් නුවරට ගොස්, නුවර ඇතුළට පිවිසෙද්දී සාමුවෙල් කඳු මත පූජාස්ථානයට යන පිණිස ඔවුන් දෙසට පිටත් වී ආවේ ය. සාවුල් පැමිණෙන්නට දවසකට පෙර, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය. සාමුවෙල්, සාවුල් දුටු විට, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “මෙන්න, මා නුඹට කී මිනිසා! මොහු මාගේ සෙනඟ පාලනය කරන්නේ ය”යි වදාළ සේක. එවිට සාවුල් දොරටුව ළඟ සාමුවෙල් වෙත ගොස්, “දිවැස් ඇත්තාගේ ගෙය තිබෙන්නේ කොතැන ද කියා මට දන්වන්නැ”යි කී ය. සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, “දිවැස් ඇත්තා මම වෙමි; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි. තුන් දවසකට පෙර නැති වූ ඔබේ කොටළුවන් ගැන කරදර නොවන්න. උන් සම්බ වී ඇත. ඉශ්රායෙල් ජනයා අතිශයෙන් අපේක්ෂා කරන්නේ කවරෙක් ද? ඔබ උදෙසාත්, ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේ දැ”යි කීවේ ය. සාවුල් පිළිතුරු දෙමින්, “මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙක් නොවෙම් ද? බෙන්ජමින්ගේ සියලු පවුල්වලින් මාගේ පවුල ඉතා සුළු එක නොවේ ද? එසේ නම්, ඔබ මෙලෙස මට කතා කරන්නේ මන්දැ”යි ඇසුවේ ය. එවිට සාමුවෙල්, සාවුල් සහ ඔහුගේ වැඩකාරයා කැඳවාගෙන, කෑම ශාලාවට ඇතුළු වී, ගණනින් තිහක් පමණ වූ ආරාධිතයන් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන්ට අසුන් දුන්නේ ය. සාමුවෙල් අරක්කැමියාට කතා කොට, “මම ඔබට ‘වෙන් කර තබන්නැ’යි දුන් කොටස මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. අරක්කැමියා ගාතය ද ඒ පිට තිබුණු දේ ද ගෙනවුත් සාවුල් ඉදිරිපිට තැබුවේ ය. සාමුවෙල් කතා කොට, “මෙන්න, ඔබ උදෙසා තැබූ කොටස. එය වළඳන්න. මා ආරාධනා කළ සෙනඟ සමඟ එය මේ මොහොතේ දී වළඳන පිණිස ඔබ උදෙසා මම එය වෙන් කොට තැබුවෙමි”යි කීවේ ය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ ආහාර වැළඳුවේ ය. ඔවුන් කඳු මත පූජාස්ථානයෙන් බැස නගරයට ආ කල, ඔව්හු පියස්ස උඩ සාවුල්ට යහනක් සකස් කර දුන්නෝ ය. සාවුල් එහි නිදාගත්තේ ය. පහන් වන වේලාවේ දී සාමුවෙල් පියස්ස උඩ සිටි සාවුල්ට අඬගසා, “නැඟිටින්න, මම ඔබ පිටත් කර යවමි”යි කීවේ ය. සාවුල් නැඟිට්ටේ ය. ඔහු සහ සාමුවෙල් එකට වීදියට ගියේ ය. ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය.
1 සාමුවෙල් 9:1-27 New International Version (NIV)
There was a Benjamite, a man of standing, whose name was Kish son of Abiel, the son of Zeror, the son of Bekorath, the son of Aphiah of Benjamin. Kish had a son named Saul, as handsome a young man as could be found anywhere in Israel, and he was a head taller than anyone else. Now the donkeys belonging to Saul’s father Kish were lost, and Kish said to his son Saul, “Take one of the servants with you and go and look for the donkeys.” So he passed through the hill country of Ephraim and through the area around Shalisha, but they did not find them. They went on into the district of Shaalim, but the donkeys were not there. Then he passed through the territory of Benjamin, but they did not find them. When they reached the district of Zuph, Saul said to the servant who was with him, “Come, let’s go back, or my father will stop thinking about the donkeys and start worrying about us.” But the servant replied, “Look, in this town there is a man of God; he is highly respected, and everything he says comes true. Let’s go there now. Perhaps he will tell us what way to take.” Saul said to his servant, “If we go, what can we give the man? The food in our sacks is gone. We have no gift to take to the man of God. What do we have?” The servant answered him again. “Look,” he said, “I have a quarter of a shekel of silver. I will give it to the man of God so that he will tell us what way to take.” (Formerly in Israel, if someone went to inquire of God, they would say, “Come, let us go to the seer,” because the prophet of today used to be called a seer.) “Good,” Saul said to his servant. “Come, let’s go.” So they set out for the town where the man of God was. As they were going up the hill to the town, they met some young women coming out to draw water, and they asked them, “Is the seer here?” “He is,” they answered. “He’s ahead of you. Hurry now; he has just come to our town today, for the people have a sacrifice at the high place. As soon as you enter the town, you will find him before he goes up to the high place to eat. The people will not begin eating until he comes, because he must bless the sacrifice; afterward, those who are invited will eat. Go up now; you should find him about this time.” They went up to the town, and as they were entering it, there was Samuel, coming toward them on his way up to the high place. Now the day before Saul came, the LORD had revealed this to Samuel: “About this time tomorrow I will send you a man from the land of Benjamin. Anoint him ruler over my people Israel; he will deliver them from the hand of the Philistines. I have looked on my people, for their cry has reached me.” When Samuel caught sight of Saul, the LORD said to him, “This is the man I spoke to you about; he will govern my people.” Saul approached Samuel in the gateway and asked, “Would you please tell me where the seer’s house is?” “I am the seer,” Samuel replied. “Go up ahead of me to the high place, for today you are to eat with me, and in the morning I will send you on your way and will tell you all that is in your heart. As for the donkeys you lost three days ago, do not worry about them; they have been found. And to whom is all the desire of Israel turned, if not to you and your whole family line?” Saul answered, “But am I not a Benjamite, from the smallest tribe of Israel, and is not my clan the least of all the clans of the tribe of Benjamin? Why do you say such a thing to me?” Then Samuel brought Saul and his servant into the hall and seated them at the head of those who were invited—about thirty in number. Samuel said to the cook, “Bring the piece of meat I gave you, the one I told you to lay aside.” So the cook took up the thigh with what was on it and set it in front of Saul. Samuel said, “Here is what has been kept for you. Eat, because it was set aside for you for this occasion from the time I said, ‘I have invited guests.’ ” And Saul dined with Samuel that day. After they came down from the high place to the town, Samuel talked with Saul on the roof of his house. They rose about daybreak, and Samuel called to Saul on the roof, “Get ready, and I will send you on your way.” When Saul got ready, he and Samuel went outside together. As they were going down to the edge of the town, Samuel said to Saul, “Tell the servant to go on ahead of us”—and the servant did so—“but you stay here for a while, so that I may give you a message from God.”