1 සාමුවෙල් 8:7-9
1 සාමුවෙල් 8:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ජනතාව ඔබට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. මන්ද, ඔවුන්, ඔබ ප්රතික්ෂේප කරනවා නො වේ. ඔවුන් ප්රතික්ෂේප කර ඇත්තේ, මා ඔවුන්ගේ රජු ව සිටීමයි. ඊජිප්තුවෙන් පිටතට මා ඔවුන් ගෙන ආ දවසේ පටන් මේ අද දවස දක්වා, මා අත්හැර දමමින් ද අන් දෙවිවරුනට සේවය කරමින් ද ඔවුන් ක්රියා කළ පරිදි ඔවුහු ඔබටත් කරති. දැන්, ඔවුන්ගේ හඬට සවන් දෙන්න. එහෙත්, ඔවුන් අතරේ ආණ්ඩු කරන රජු තම අයිතිවාසිකම ලෙස කෙලෙස ක්රියා කරයි ද යන්න ගැන බැරෑරුම් ව අවවාද කරමින්, ඔවුනට පෙන්වා දෙන්නැ” යි පැවසූ සේක.
1 සාමුවෙල් 8:7-9 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ද: සෙනඟ නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය. මා විසින් ඔවුන් මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දවස දක්වා මා අත්හැර වෙන දෙවිවරුන්ට සේවයකරමින් ඔවුන් කළාවූ සියලු ක්රියාවල හැටියට ඔව්හු නුඹටත් කරති. දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. එසේවී නුමුත් ඔවුන් කෙරෙහි රජකම් කරන රජුගේ අන්දම ඔවුන්ට දන්වමින් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නැයි කීසේක.
1 සාමුවෙල් 8:7-9 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ, ඔවුන් ප්රතික්ෂේප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස මා ඔවුන් මිසර දේශයෙන් ගෙනා දා පටන් අද දවස දක්වා ඔව්හු මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. ඔව්හු සෑම කල්හි ම මට කළ දේ දැන් නුඹටත් කරති. දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක.
1 සාමුවෙල් 8:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ, ඔවුන් ප්රතික්ෂේප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස මා ඔවුන් මිසර දේශයෙන් ගෙනා දා පටන් අද දවස දක්වා ඔව්හු මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. ඔව්හු සෑම කල්හි ම මට කළ දේ දැන් නුඹටත් කරති. දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක.
1 සාමුවෙල් 8:7-9 New International Version (NIV)
And the LORD told him: “Listen to all that the people are saying to you; it is not you they have rejected, but they have rejected me as their king. As they have done from the day I brought them up out of Egypt until this day, forsaking me and serving other gods, so they are doing to you. Now listen to them; but warn them solemnly and let them know what the king who will reign over them will claim as his rights.”