1 සාමුවෙල් 8:4-21
1 සාමුවෙල් 8:4-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ඉශ්‍රායෙල් සියලු වැඩිමහල්ලෝ එකට එක් රැස් ව, සාමුවෙල් වෙත රාමාට ආහ. ඔවුහු ඔහු අමතමින්, “බලන්න, ඔබ දැන් මහලුයි. ඔබේ පුතුන් ඔබේ මාර්ගවල ගමන් කරන්නේ නෑ. එනිසා අනෙක් හැම ජාතියකට වගේ ම අප විනිශ්චය කරන්නට අපටත් රජකු පත් කර දෙන්නැ” යි ඉල්ලූහ. එහෙත්, “අප විනිශ්චය කරන්නට අපට රජකු දෙන්නැ” යි යන ඔවුන්ගේ කීමට, සාමුවෙල් නො සතුටු විය. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ජනතාව ඔබට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. මන්ද, ඔවුන්, ඔබ ප්‍රතික්ෂේප කරනවා නො වේ. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ, මා ඔවුන්ගේ රජු ව සිටීමයි. ඊජිප්තුවෙන් පිටතට මා ඔවුන් ගෙන ආ දවසේ පටන් මේ අද දවස දක්වා, මා අත්හැර දමමින් ද අන් දෙවිවරුනට සේවය කරමින් ද ඔවුන් ක්‍රියා කළ පරිදි ඔවුහු ඔබටත් කරති. දැන්, ඔවුන්ගේ හඬට සවන් දෙන්න. එහෙත්, ඔවුන් අතරේ ආණ්ඩු කරන රජු තම අයිතිවාසිකම ලෙස කෙලෙස ක්‍රියා කරයි ද යන්න ගැන බැරෑරුම් ව අවවාද කරමින්, ඔවුනට පෙන්වා දෙන්නැ” යි පැවසූ සේක. එබැවින් සාමුවෙල් තමාගෙන් රජකු ඉල්ලූ ජනයාට ස්වාමින්වහන්සේ පැවසූ හැම වදනක් ම පැවසී ය. ඔහු කතා කරමින්, “නුඹලා කෙරේ රජකම් කරන රජු තම අයිතිවාසිකම ලෙස කරනුයේ මෙලෙසයි; ඔහු ඔබේ පුතුන් ගෙන, ඔහුගේ රථවල සේවයට හා ඔහුගේ අසරුවන් වශයෙන් හා ඔහුගේ රථවලට පෙරටුව දුවන්නට පත් කර ගනු ඇත. ඔහු ඇතමකු දහසකට සෙන්පති ලෙසින් ද ඇතමකු පනසකට සෙන්පති ලෙසින් ද පත් කරනු ඇත. ඔහු තමාගේ ඉඩම් අස්වද්දන්නට හා අස්වනු නෙළන්නට ඇතමුන් පත් කරනු ඇත. සෙස්සන් ඔහුගේ යුද-අවි හා රථ උපකරණ තනන්නට ද යොදවනු ඇත. ඔහු ඔබගේ දූවරුන් සුවඳ විලවුන් සාදන්නියන් ද අහර පිසින්නියන් ද පාන් පුලුස්සන්නියන් ද යන වශයෙන් ගනු ඇත. ඔහු ඔබගේ හොඳ ම කෙත් වතු ද මිදි වතු ද ඔලීව උයන් ද ගෙන, තම අධිකාරීන්ට දෙනු ඇත. ඔහු ඔබගේ ධාන්‍යවලින් හා මිදි යුෂවලින් දසයෙන් කොටසක් ගෙන, ඒවා තම නිලධාරීන්ට හා අධිකාරීන්ට දෙනු ඇත. ඔහු ඔබගේ සේවක සේවිකාවන් ද ඔබගේ හොඳ ම ගවයින් ද බූරුවන් ද ස්වකීය ප්‍රයෝජනය සඳහා ගනු ඇත. ඔහු ඔබගේ එළු බැටළු රංචුවලින් දසයෙන් එකක් ගනු ඇත. නුඹලා ඔහුගේ දාසයින් බවට පත් වනු ඇත. එදවස පැමිණි කල, ඔබ ම තෝරාගත් ඔබේ රජු නිසා, ඔබ මොර ගසනු ඇත. එහෙත් ස්වාමින්වහන්සේ ඒ දවසේදී ඔබට උත්තර දෙන්නේ නැතැ” යි පැවසී ය. කෙසේ වුව ද ජනයා සාමුවෙල්ට සවන් දීම ප්‍රතික්ෂේප කළහ. “නැත. අපටත් රජකු ඕනෑ මැ” යි කී ඔවුහු, “එවිට අප විනිශ්චය කරන්නට ද අපට පෙරටුව යන්නට හා අපේ යුද්ධවලදී සටන් වදින්නට ද රජකු ඇති ව අපත් අන් සියලු ජාතීන් මෙන් වනු ඇතැ” යි කීහ. ජනයා කී සියලු වචන ඇසූ සාමුවෙල්, ස්වාමින්වහන්සේගේ සවන් ඉදිරියේ ඒවා යළි පැවසී ය.
1 සාමුවෙල් 8:4-21 Sinhala Revised Old Version (SROV)
එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වී රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කථාකොට: ඔබ මහලුව සිටිනෙහිය, ඔබගේ පුත්‍රයෝ ඔබගේ මාර්ගවල නොහැසිරෙති. ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චයකරන පිණිස අපටත් රජෙකු පත්කළ මැනවැයි කීවෝය. එහෙත්: අප විනිශ්චයකරන්ට අපට රජෙකු දුන මැනවැයි කී කීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය. ස්වාමීන්වහන්සේ ද: සෙනඟ නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය. මා විසින් ඔවුන් මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දවස දක්වා මා අත්හැර වෙන දෙවිවරුන්ට සේවයකරමින් ඔවුන් කළාවූ සියලු ක්‍රියාවල හැටියට ඔව්හු නුඹටත් කරති. දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. එසේවී නුමුත් ඔවුන් කෙරෙහි රජකම් කරන රජුගේ අන්දම ඔවුන්ට දන්වමින් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නැයි කීසේක. එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට ස්වාමීන්වහන්සේගේ සියලු වචන කීවේය. ඔහු කථාකොට: නුඹලා කෙරෙහි රජකම්කරන්නාවූ රජුගේ අන්දම මෙසේ වන්නේය. ඔහු නුඹලාගේ පුත්‍රයන් ගෙන තමාගේ රථාචාර්යයන් හා අසරුවන් කොටද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත්කරගන්නේය. ඔහු ඔවුන් සහස්‍රාධිපතීන් කොටද පනසාධිපතීන් කොටද පත්කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද්ධායුධත් රථායුධත් සාදන්ටද පත්කරගන්නේය. ඔහු නුඹලාගේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිසද කෑම උයන පිණිසද රොටි පුලුස්සන පිණිසද ගන්නේය. ඔහු නුඹලාගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද අතරෙන් ඉතා හොඳ ඒවා අරන් තමාගේ සේවකයන්ට දෙන්නේය. නුඹලාගේ ධාන්‍යවලින්ද මුද්‍රිකඵලයෙන්ද දසයෙන් කොටසක් ගෙන තමාගේ ඇමතියන්ටත් සේවකයන්ටත් දෙන්නේය. නුඹලාගේ වැඩකාරයන්ද වැඩකාරියන්ද නුඹලාගේ ශෝභනවූ තරුණයන්ද නුඹලාගේ කොටළුවන්ද ගෙන තමාගේ වැඩට පත්කරගන්නේය. ඔහු නුඹලාගේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේය. නුඹලා ඔහුගේ සේවකයෝ වන්නහුය. ඒ දවසෙහි නුඹලා තෝරාගත් නුඹලාගේ රජු නිසා නුඹලා කෑගසනවා ඇත; නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී නුඹලාට උත්තරදෙන්නේ නැතැයි කීවේය. එහෙත් සෙනඟ සාමුවෙල්ගේ හඬට කීකරුවෙන්ට කැමති නොවී කථාකොට: නැත; අපත් සෑම ජාතීන්ට සමාන වන පිණිසද අපේ රජ විසින් අප විනිශ්චයකරන පිණිසද අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල් කරන පිණිසද අප කෙරෙහි රජෙක් සිටින්ටම ඕනෑයයි කීවෝය. සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.
1 සාමුවෙල් 8:4-21 Sinhala New Revised Version (NRSV)
එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්, ඔහුට කතා කොට, “ඔබ මහලු ව සිටින්නෙහි ය, ඔබේ පුත්‍රයෝ ඔබේ අඩි පාරෙහි ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවැ”යි කී හ. “අප පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මැනවැ”යි කී කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ, ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස මා ඔවුන් මිසර දේශයෙන් ගෙනා දා පටන් අද දවස දක්වා ඔව්හු මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. ඔව්හු සෑම කල්හි ම මට කළ දේ දැන් නුඹටත් කරති. දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක. එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට සමිඳාණන් වහන්සේ වදාළ සියලු දේ කීවේ ය. ඔහු ඔවුන්ට මෙසේ කීවේ ය: “ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේ ය. ඔහු ඔබේ පුත්‍රයන් ගෙන තමාගේ රියැදුරන් හා අසරුවන් වශයෙන් ද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිස ද පත් කරගන්නේ ය. ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය. ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිස ද කෑම පිසින පිණිස ද රොටි පුළුස්සන පිණිස ද ගන්නේ ය. ඔහු ඔබේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු අතරෙන් ඉතා හොඳ ඒවා ද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේ ය. ඔබේ ධාන්‍යවලින් ද මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජ වාසලේ නිලධාරීන්ටත්, සෙසු නිලධාරීන්ටත් දෙන්නේ ය. ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය. ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය. ඒ කාලය පැමිණි විට ඔබ ම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඔබට උත්තර නොදෙන සේක.” එහෙත්, සෙනඟ සාමුවෙල් කී දේට සවන් නොදී, “නැත. අපටත් රජ කෙනෙකු ඕනෑ ම ය. එවිට අප විනිශ්චය කරන, අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල දී සටන් කරන රජ කෙනෙක් අපට ඇත. අපිත් අන් ජාතීන් මෙන් වන්නෙමු”යි කී හ. සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය.
1 සාමුවෙල් 8:4-21 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 8:4-21 New International Version (NIV)
So all the elders of Israel gathered together and came to Samuel at Ramah. They said to him, “You are old, and your sons do not follow your ways; now appoint a king to lead us, such as all the other nations have.” But when they said, “Give us a king to lead us,” this displeased Samuel; so he prayed to the LORD. And the LORD told him: “Listen to all that the people are saying to you; it is not you they have rejected, but they have rejected me as their king. As they have done from the day I brought them up out of Egypt until this day, forsaking me and serving other gods, so they are doing to you. Now listen to them; but warn them solemnly and let them know what the king who will reign over them will claim as his rights.” Samuel told all the words of the LORD to the people who were asking him for a king. He said, “This is what the king who will reign over you will claim as his rights: He will take your sons and make them serve with his chariots and horses, and they will run in front of his chariots. Some he will assign to be commanders of thousands and commanders of fifties, and others to plow his ground and reap his harvest, and still others to make weapons of war and equipment for his chariots. He will take your daughters to be perfumers and cooks and bakers. He will take the best of your fields and vineyards and olive groves and give them to his attendants. He will take a tenth of your grain and of your vintage and give it to his officials and attendants. Your male and female servants and the best of your cattle and donkeys he will take for his own use. He will take a tenth of your flocks, and you yourselves will become his slaves. When that day comes, you will cry out for relief from the king you have chosen, but the LORD will not answer you in that day.” But the people refused to listen to Samuel. “No!” they said. “We want a king over us. Then we will be like all the other nations, with a king to lead us and to go out before us and fight our battles.” When Samuel heard all that the people said, he repeated it before the LORD.