1 සාමුවෙල් 8:10-18

1 සාමුවෙල් 8:10-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් සාමුවෙල් තමාගෙන් රජකු ඉල්ලූ ජනයාට ස්වාමින්වහන්සේ පැවසූ හැම වදනක් ම පැවසී ය. ඔහු කතා කරමින්, “නුඹලා කෙරේ රජකම් කරන රජු තම අයිතිවාසිකම ලෙස කරනුයේ මෙලෙසයි; ඔහු ඔබේ පුතුන් ගෙන, ඔහුගේ රථවල සේවයට හා ඔහුගේ අසරුවන් වශයෙන් හා ඔහුගේ රථවලට පෙරටුව දුවන්නට පත් කර ගනු ඇත. ඔහු ඇතමකු දහසකට සෙන්පති ලෙසින් ද ඇතමකු පනසකට සෙන්පති ලෙසින් ද පත් කරනු ඇත. ඔහු තමාගේ ඉඩම් අස්වද්දන්නට හා අස්වනු නෙළන්නට ඇතමුන් පත් කරනු ඇත. සෙස්සන් ඔහුගේ යුද-අවි හා රථ උපකරණ තනන්නට ද යොදවනු ඇත. ඔහු ඔබගේ දූවරුන් සුවඳ විලවුන් සාදන්නියන් ද අහර පිසින්නියන් ද පාන් පුලුස්සන්නියන් ද යන වශයෙන් ගනු ඇත. ඔහු ඔබගේ හොඳ ම කෙත් වතු ද මිදි වතු ද ඔලීව උයන් ද ගෙන, තම අධිකාරීන්ට දෙනු ඇත. ඔහු ඔබගේ ධාන්‍යවලින් හා මිදි යුෂවලින් දසයෙන් කොටසක් ගෙන, ඒවා තම නිලධාරීන්ට හා අධිකාරීන්ට දෙනු ඇත. ඔහු ඔබගේ සේවක සේවිකාවන් ද ඔබගේ හොඳ ම ගවයින් ද බූරුවන් ද ස්වකීය ප්‍රයෝජනය සඳහා ගනු ඇත. ඔහු ඔබගේ එළු බැටළු රංචුවලින් දසයෙන් එකක් ගනු ඇත. නුඹලා ඔහුගේ දාසයින් බවට පත් වනු ඇත. එදවස පැමිණි කල, ඔබ ම තෝරාගත් ඔබේ රජු නිසා, ඔබ මොර ගසනු ඇත. එහෙත් ස්වාමින්වහන්සේ ඒ දවසේදී ඔබට උත්තර දෙන්නේ නැතැ” යි පැවසී ය.

1 සාමුවෙල් 8:10-18 Sinhala Revised Old Version (SROV)

එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට ස්වාමීන්වහන්සේගේ සියලු වචන කීවේය. ඔහු කථාකොට: නුඹලා කෙරෙහි රජකම්කරන්නාවූ රජුගේ අන්දම මෙසේ වන්නේය. ඔහු නුඹලාගේ පුත්‍රයන් ගෙන තමාගේ රථාචාර්යයන් හා අසරුවන් කොටද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත්කරගන්නේය. ඔහු ඔවුන් සහස්‍රාධිපතීන් කොටද පනසාධිපතීන් කොටද පත්කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද්ධායුධත් රථායුධත් සාදන්ටද පත්කරගන්නේය. ඔහු නුඹලාගේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිසද කෑම උයන පිණිසද රොටි පුලුස්සන පිණිසද ගන්නේය. ඔහු නුඹලාගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද අතරෙන් ඉතා හොඳ ඒවා අරන් තමාගේ සේවකයන්ට දෙන්නේය. නුඹලාගේ ධාන්‍යවලින්ද මුද්‍රිකඵලයෙන්ද දසයෙන් කොටසක් ගෙන තමාගේ ඇමතියන්ටත් සේවකයන්ටත් දෙන්නේය. නුඹලාගේ වැඩකාරයන්ද වැඩකාරියන්ද නුඹලාගේ ශෝභනවූ තරුණයන්ද නුඹලාගේ කොටළුවන්ද ගෙන තමාගේ වැඩට පත්කරගන්නේය. ඔහු නුඹලාගේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේය. නුඹලා ඔහුගේ සේවකයෝ වන්නහුය. ඒ දවසෙහි නුඹලා තෝරාගත් නුඹලාගේ රජු නිසා නුඹලා කෑගසනවා ඇත; නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී නුඹලාට උත්තරදෙන්නේ නැතැයි කීවේය.

1 සාමුවෙල් 8:10-18 Sinhala New Revised Version (NRSV)

එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට සමිඳාණන් වහන්සේ වදාළ සියලු දේ කීවේ ය. ඔහු ඔවුන්ට මෙසේ කීවේ ය: “ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේ ය. ඔහු ඔබේ පුත්‍රයන් ගෙන තමාගේ රියැදුරන් හා අසරුවන් වශයෙන් ද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිස ද පත් කරගන්නේ ය. ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය. ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිස ද කෑම පිසින පිණිස ද රොටි පුළුස්සන පිණිස ද ගන්නේ ය. ඔහු ඔබේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු අතරෙන් ඉතා හොඳ ඒවා ද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේ ය. ඔබේ ධාන්‍යවලින් ද මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජ වාසලේ නිලධාරීන්ටත්, සෙසු නිලධාරීන්ටත් දෙන්නේ ය. ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය. ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය. ඒ කාලය පැමිණි විට ඔබ ම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඔබට උත්තර නොදෙන සේක.”

1 සාමුවෙල් 8:10-18 Sinhala New Revised Version 2018 (SNRV)