1 සාමුවෙල් 7:5-6
1 සාමුවෙල් 7:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල සාමුවෙල් කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් මිස්පා වෙත එක් රැස් කරන්න. ඔබ උදෙසා මම, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නෙමි” යි කීවේ ය. මිස්පාහි එක් රැස් වූ ඔවුහු වතුර ඇද, ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ වැගිරවූහ. ඒ දවසේ ඔවුහු නිරාහාර ශීලය රක්ෂා කළෝ, “ස්වාමින්වහන්සේට එරෙහිව අපි පව් කළෙමු” යි පාපොච්චාරණ කළෝ ය. සාමුවෙල් මිස්පාහි දී ඉශ්රායෙල්වරුන් විනිශ්චය කළේ ය.
1 සාමුවෙල් 7:5-6 Sinhala Revised Old Version (SROV)
සාමුවෙල්ද: මා නුඹලා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් මිශ්පාට රැස්කරන්නැයි කීවේය. ඔව්හු මිශ්පාට රැස්වී වතුර ඇද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට, ඒ දවසේ නිරාහාරව සිට: අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුයයි එහිදී කීවෝය. සාමුවෙල් මිශ්පාහිදී ඉශ්රායෙල් පුත්රයන් විනිශ්චයකෙළේය.
1 සාමුවෙල් 7:5-6 Sinhala New Revised Version (NRSV)
එවිට සාමුවෙල් කතා කොට, “මා ඔබ උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් මිශ්පා නගරයට රැස් කරන්නැ”යි කීවේ ය. ඔව්හු මිශ්පා නගරයට රැස් වී වතුර ඇද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් වශයෙන් වත් කොට, ඒ දවසේ නිරාහාර ව සිට, “අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි එහි දී කී හ. සාමුවෙල් මිශ්පාහි පදිංචි වී සිට ඉශ්රායෙල් ජනයා විනිශ්චය කෙළේ ය.
1 සාමුවෙල් 7:5-6 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට සාමුවෙල් කතා කොට, “මා ඔබ උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් මිශ්පා නගරයට රැස් කරන්නැ”යි කීවේ ය. ඔව්හු මිශ්පා නගරයට රැස් වී වතුර ඇද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් වශයෙන් වත් කොට, ඒ දවසේ නිරාහාර ව සිට, “අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි එහි දී කී හ. සාමුවෙල් මිශ්පාහි පදිංචි වී සිට ඉශ්රායෙල් ජනයා විනිශ්චය කෙළේ ය.
1 සාමුවෙල් 7:5-6 New International Version (NIV)
Then Samuel said, “Assemble all Israel at Mizpah, and I will intercede with the LORD for you.” When they had assembled at Mizpah, they drew water and poured it out before the LORD. On that day they fasted and there they confessed, “We have sinned against the LORD.” Now Samuel was serving as leader of Israel at Mizpah.