1 සාමුවෙල් 7:1-2
1 සාමුවෙල් 7:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කිරියත්-යෙයාරීම්හි මිනිස්සු අවුත්, ස්වාමින්වහන්සේගේ කරඬුව ඔසවාගෙන, කඳු ගැටයෙහි වූ අබිනාදාබ්ගේ නිවසට ගෙන ආහ. ස්වාමින්වහන්සේගේ කරඬුවේ භාරකාරත්වය පවරමින්, අබිනාදාබ්ගේ පුත් එලෙයාසර් ඊට කැප කළහ. කරඬුව, කිරියත්-යෙයාරීම්හි ලැගුම් ගත් දවසේ සිට දිගු කලක්, විසි වසරක් ගත විණ. සියලු ඉශ්රායෙල් වංශිකයෝ ස්වාමින්වහන්සේ සොයා වැලපුණහ.
1 සාමුවෙල් 7:1-2 Sinhala Revised Old Version (SROV)
කිරියත්-යෙයාරීම් මනුෂ්‍යයෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන හෙල පිට තිබුණු අබිනාදාබ්ගේ ගෙට ගෙනගොස්, ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රක්ෂාකරන පිණිස ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් පත්කළෝය. තවද පෙට්ටිය කිරියත්-යෙයාරීම්හි තැබූ දවස පටන් දීර්ඝ කාලයක් එනම් විසි අවුරුද්දක් ගතවිය. මුළු ඉශ්රායෙල් වංශය ස්වාමීන්වහන්සේ සොයා වැලපුණෝය.
1 සාමුවෙල් 7:1-2 Sinhala New Revised Version (NRSV)
කිරියත්-ජෙයාරීම් වැසියෝ අවුත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන, කන්ද පිට පිහිටි අබිනාදාබ්ගේ ගෙට ගෙන ගොස්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රක්ෂා කරන පිණිස එලෙයාසර් භාරකරු ලෙස පත් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම්හි තැන්පත් කළ දා පටන් දීර්ඝ කාලයක් එනම්, විසි අවුරුද්දක්, ගත විය. මේ කාලය තුළ දී මුළු ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේගේ උපකාරය සොයා මොරගැසූ හ.
1 සාමුවෙල් 7:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
කිරියත්-ජෙයාරීම් වැසියෝ අවුත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන, කන්ද පිට පිහිටි අබිනාදාබ්ගේ ගෙට ගෙන ගොස්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රක්ෂා කරන පිණිස එලෙයාසර් භාරකරු ලෙස පත් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම්හි තැන්පත් කළ දා පටන් දීර්ඝ කාලයක් එනම්, විසි අවුරුද්දක්, ගත විය. මේ කාලය තුළ දී මුළු ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේගේ උපකාරය සොයා මොරගැසූ හ.
1 සාමුවෙල් 7:1-2 New International Version (NIV)
So the men of Kiriath Jearim came and took up the ark of the LORD. They brought it to Abinadab’s house on the hill and consecrated Eleazar his son to guard the ark of the LORD. The ark remained at Kiriath Jearim a long time—twenty years in all. Then all the people of Israel turned back to the LORD.