1 සාමුවෙල් 6:1-19 - Compare All Versions

1 සාමුවෙල් 6:1-19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේගේ කරඬුව, පිලිස්තිවරුන්ගේ රටේ හත් මාසයක් තිබිණි. පූජකයින් ද පේන කියන්නන් ද කැඳවූ පිලිස්තිවරු, ඔවුන් අමතමින්, “ස්වාමින්වහන්සේගේ කරඬුව සම්බන්ධ ව අප විසින් කළ යුත්තේ කුමක් ද? එහි නියමිත ස්ථානයට අප එය යැවිය යුත්තේ කෙසේදැයි අපට කියන්නැ” යි ඉල්ලා සිටියහ. ඔවුහු පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ කරඬුව ඔබ ආපසු යවනවා නම්, එය නිකම්ම නො යවන්න. පව් නසන පූජාවක් නියතින් ම උන්වහන්සේට යවන්න. එවිට ඔබ සුවපත් වේවි; උන්වහන්සේගේ හස්තය, ඔබ වෙතින් ඉවත් නො වූ හේතුවත්, ඔබට දැනගත හැකි වේවි” යි කීහ. ඔවුහු ප්‍රශ්න කරමින්, “අප උන්වහන්සේට යැවිය යුත්තේ වරද සඳහා වන කවර පූජාවක් දැ?” යි ඇසූහ. ඔවුහු පිළිතුරු දෙමින්, “පිලිස්තීය අධිපතීන්ගේ ගණන පරිදි, රනින් කළ විස ගඩු පහක් හා රනින් කළ මීයන් පහකි. මන්ද ඔබටත්, ඔබේ අධිපතීන්ටත් පහර දුන්නේ එක ම උපද්‍රවයකිනි. ඔබගේ විස ගඩුවල හා රට වනසන ඔබගේ මීයන්ගේ අනුරූප සාදා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ගෞරවයට පත් කරන්න. ඇතැම් විට උන්වහන්සේ ඔබ වෙතින් ද ඔබේ දෙවිවරුන් වෙතින් ද ඔබේ දේශය වෙතින් ද ස්වකීය හස්තය සැහැල්ලු කර ගනු ඇත. ඊජිප්තුවරු හා පාරාවෝ රජු තම හදවත් දැඩි කර ගත් සේ ඔබත් ඔබේ හද දැඩි කර ගන්නේ ඇයි? උන්වහන්සේ ඔවුන්ට තද අන්දමින් සැලකූ විට ඔවුන් ඉශ්‍රායෙල් ජනයාට ඔවුන්ගේ ගමන යෑමට ඔවුන් පිටත් කර හැරියේ නැද්ද? “එබැවින් දැන්, අලුත් ගැලක් සූදානම් කර, කිසි දා වියගහ නො දැරූ කිරි දෙන එළදෙනුන් දෙදෙනකු ද ගෙන, එළදෙනුන් ගැලෙහි බැඳ, උන්ගේ පැටවුන් උන්ගෙන් ඉවතට ගෙන, ගාලට ගෙන යන්න. ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙන, ගැල මත තබන්න. පව් නසන පූජාවක් වශයෙන් උන්වහන්සේ වෙත යවන රන් භාණ්ඩ පෙට්ටියක ලා, කරඬුව පසෙකින් තබන්න. ඉන්පසු එය යන්නට හැර, බලා සිටින්න. එය බෙත්-ෂෙමෙෂ් දෙසට, එය අයත් පළාත දෙසට, යන්නේ නම්, මේ මහා විපත්තිය අප පිටට ගෙනවුත් ඇත්තේ, උන්වහන්සේ ය. එහෙත් එය එදෙසට නො යේ නම්, අපට පහර දී ඇත්තේ උන්වහන්සේගේ හස්තය නො වන වග අපි දැනගන්නෙමු. එය අහම්බෙන් සිදු වූවකි” යි කීහ. ඒ මිනිස්සු එසේ කළහ. කිරි දෙන එළදෙනුන් දෙදෙනකු ගෙන, උන් ගැලෙහි බැඳ, උන්ගේ පැටවුන් ගාලෙහි වැසූහ. ස්වාමින්වහන්සේගේ කරඬුව, ගැල මත තැබූ ඔවුහු, රන් මීයන් හා ඔවුන්ගේ විස ගඩුවල අනුරූ බහාලූ පෙට්ටිය ද ඒ පසෙකින් තැබූහ. එවිට එළදෙන්නු සෘජු ව ම බෙත්-ෂෙමෙෂ් දෙසට ගමන් ගත්හ; එක දිගට ම තප්පුලමින් පාර දිගේ ම ගියහ. උන් දකුණටවත්, වමටවත් හැරුණේ නැත. පිලිස්තිවරුන්ගේ අධිපතීහු ද බෙත්-ෂෙමෙෂ් දේශ සීමා තෙක් උන් පසු පස ගියහ. මෙවිට බෙත්-ෂෙමෙෂ් ජනයා සිටියේ මිටියාවතේ තම තිරිඟු අස්වනු නෙළමිනි. ඔවුහු හිස් ඔසවා බැලූ කල, කරඬුව දැක, ඒ දසුනින් සොම්නසින් ඉපිල ගියහ. බෙත්-ෂෙමෙෂ්හි යෝෂුවාගේ කෙතට පැමිණි ගැල, එහි නැවතිණි. එහි විසල් ගලක් තිබිණි. ඔවුහු ගැලෙහි ලී පලා, ස්වාමින්වහන්සේට දවන යාගයක් කොට, එළදෙනුන් පූජා කළෝ ය. ලෙවීවරු ස්වාමින්වහන්සේගේ කරඬුව බා, රන් භාණ්ඩ පෙට්ටිය ද ඒ සමඟ ගෙන, මහ ගල මත තැන්පත් කළහ. ඒ දවසේ බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු ස්වාමින්වහන්සේට දවන යාග හා යාග පූජා ඔප්පු කළහ. පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා මේ සියල්ල දුටුවහ. ඉන්පසු ඒ දවසේ ම ඔවුහු එක්‍රෝන් වෙත ආපසු ගියහ. රනින් කළ මෙම විස ගඩු, පිලිස්තිවරුන් විසින් පාප නසන පූජාවක් වශයෙන් ස්වාමින්වහන්සේට යවන ලද්දේ අෂ්දෝද් උදෙසා එකක් ද ගාසා උදෙසා එකක් ද අෂ්කෙලොන් උදෙසා එකක් ද ගාත් උදෙසා එකක් ද එක්‍රෝන් උදෙසා එකක් ද යන වශයෙනි. රන් මීයන්ගේ ගණන, අධිපතීන් පස්දෙනාට අයත් බළකොටු පුරවර හා පවුරු රහිත ගම්මාන යන පිලිස්තිවරුන්ගේ පුරවර සියල්ලේ මුළු ගණනට අනුව ය. ස්වාමින්වහන්සේගේ කරඬුව පිහිටු වන ලද බෙත්-ෂෙමෙෂ්හි යෝෂුවාගේ කෙතෙහි විශාල ගල අද දවස දක්වා සාක්ෂියකි. එහෙත් උන්වහන්සේ බෙත්-ෂෙමෙෂ්හි ඇතැම් දෙනකු ගසා හෙළූ සේක. ස්වාමින්වහන්සේගේ කරඬුව ඇර බැලූ බැවින්, උන්වහන්සේ ඔවුන් හැත්තෑ දෙනකු මරණයට පත් කළ සේක. ස්වාමින්වහන්සේ ඉතා තද පහරක් දී තිබූ බැවින් ජනයා වැලපුණහ.

බෙදාගන්න
1 සාමුවෙල් 6 SCV

1 සාමුවෙල් 6:1-19 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබුණේය. පිලිස්තිවරු පූජකයන්ද පේනකියන්නන්ද කැඳවා: අප විසින් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ගැන කරන්ට ඕනෑ මොකද? එය ස්වකීය ස්ථානයට මොන දෙයක් සමඟ ඇරිය යුතුද කියා අපට දන්වන්නැයි කීවෝය. ඔව්හු: නුඹලා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය හරින්නහුනම්, එය සිස්ව නෑර උන්වහන්සේට අපරාධ පූජාවක්දී යවන්න. එවිට නුඹලාට සුවවන්නේය, උන්වහන්සේගේ හස්තය නුඹලා කෙරෙන් පහනොවන්නේ මක්නිසාද කියා නුඹලාට දැනගන්ට ලැබේයයි කීවෝය. එවිට ඔව්හු: උන්වහන්සේට මොන අපරාධ පූජාවක්දී හරින්නෙමුදැයි ඇසුවෝය. ඔව්හු කථාකොට: පිලිස්තිවරුන්ගේ අධිපතීන්ගේ ගණන ලෙස රන් ගඩු පසකුත් රන් මීයන් පසකුත්ය. මක්නිසාද නුඹලා සියල්ලන්ද නුඹලාගේ අධිපතීන්ද කෙරෙහි පැමුණුණේ එක පීඩාවක්ය. එබැවින් නුඹලාගේ ගඩුවල රූපද රට නාස්තිකරන නුඹලාගේ මීයන් සමාන රූපද සාදා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. සමහරවිට උන්වහන්සේ ස්වකීය හස්තය නුඹලා කෙරෙන්ද නුඹලාගේ දෙවිවරුන් කෙරෙන්ද නුඹලාගේ දේශය කෙරෙන්ද අහක්කරගන්නවා ඇත. මිසරවරුන් හා ඵාරාවෝ තමුන්ගේ සිත් දැඩිකරගත් ලෙස නුඹලාත් සිත් දැඩිකරගන්නේ මක්නිසාද? උන්වහන්සේ ඔවුන් අතරේ පුදුම ලෙස ක්‍රියාකළ විට ඔවුන් සෙනඟට යන්ට අවකාශ දුන්නා නොවේද? ඔවුන් පිටත්ව ගියා නොවේද? ඉතින් දැන් අලුත් ගැළක් සාදාගන, වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු රැගෙන ගැළට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් අරන් ගෙයි නවත්වා, ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන ගැළ පිට තබා, අපරාධ පූජාවක් පිණිස උන්වහන්සේට දෙන රන් බඩු එහි පැත්තක කුඩා කරඬුවක තබා ඒක යන්ට හැර, බලාසිටින්න. ඉදින් ඒකේ සීමාවට යන මාර්ගයෙන් බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදුකළේ උන්වහන්සේ බව එයින් පෙනෙයි, නැත්නම් අපට පහර දුන්නේ උන්වහන්සේගේ හස්තය නොව ඒක ඉබේම අපට පැමුණුණ බව අපට පෙනෙනවා ඇතැයි කීවෝය. ඒ මනුෂ්‍යයෝ එසේ කරමින් කිරි එළදෙනුන් දෙන්නෙක් අරන් ගැළට බැඳ, උන්ගේ වස්සන් ගෙයි වසා තබා, ස්වාමීන්වහන්සේගේ පෙට්ටියද රන් මීයන් සහ ඔවුන්ගේ ගඩුවල රූප දැමූ කුඩා කරඬුවද ගැළේ තැබුවෝය. එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට කෙළින් යන පාරේ ගියෝය; දකුණටවත් වමටවත් නොහැරී කෑගසගසා ඒ මාවත දිගේම ගියෝය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පස්සේ ගියෝය. බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු මිටියාවතේ තිරිඟු කපමින් සිටියෝය. ඔව්හු ඇස් ඔසවා බලා පෙට්ටිය දැක, ඒක දුටු නිසා ප්‍රීතිවූහ. ගැළද බෙත්-ෂෙමියවූ යෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේය, එහි ලොකු ගලක් තිබුණේය. ඔව්හු ගැළේ ලී පළා, එළදෙනුන් ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට ඔප්පුකළෝය. ලෙවීවරු ස්වාමීන්වහන්සේගේ පෙට්ටියද රන් බඩු දමා තිබුණු කරඬුවද බා මහ ගල පිට තැබුවෝය. බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ ඒ දවසේදී ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු කොට යාගද පිදුවෝය. පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනා ඒ දැක එදාම එක්‍රොන්ට හැරී ගියෝය. පිලිස්තිවරුන් විසින් අපරාධ පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට දුන්නාවූ රන් ගඩු මේවාය: අෂ්දොද් උදෙසා එකක්ය, ගාසා උදෙසා එකක්ය, අෂ්කෙලොන් උදෙසා එකක්ය, ගාත් උදෙසා එකක්ය, එක්‍රොන් උදෙසා එකක්ය. තවද ඔවුන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය තැබුවාවූ බෙත්-ෂෙමිය යෝෂුවාගේ කෙතෙහි අද වන තෙක් පවත්නාවූ මහ ගල දක්වා තිබෙන පවුරු සහිත නුවරවල්ද පිටිසර ගම්ද ඇතුළුව අධිපතීන් පස්දෙනාට අයිතිවූ පිලිස්තිවරුන්ගේ සියලු නුවරවල ගණනේ හැටියට දුන් රන් මීයෝ මේය. බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.

බෙදාගන්න
1 සාමුවෙල් 6 SROV

1 සාමුවෙල් 6:1-19 NRSV (Sinhala New Revised Version)

සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබිණි. පිලිස්තිවරු පූජකයන් ද පේන කියන්නන් ද කැඳවා, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සම්බන්ධයෙන් අප කුමක් කළ යුතු ද? එය ස්වකීය ස්ථානයට කුමන දෙයක් සමඟ යැවිය යුතු ද කියා අපට දන්වන්නැ”යි කී හ. ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ආපසු යවන්නහු නම්, එය හිස් අතින් නෑර, ඔබේ පව් වෙනුවෙන් වන්දි පූජාවක් උන් වහන්සේට යවන්න. එවිට ඔබ සුව වන්නහු ය. උන් වහන්සේගේ බාහු බලයෙන් කෙරෙන පීඩා ඔබ කෙරෙන් පහ ව නොයන්නේ කුමක් නිසා ද කියා ඔබට දැනගන්නට ලැබෙනු ඇතැ”යි කීවෝ ය. “අප කුමන වන්දි පූජාවක් ගෙවිය යුතු දැ”යි ඔව්හු ඇසූ හ. පූජකවරු හා පේන කියන්නෝ පිළිතුරු දෙමින්, “පිලිස්තිවරුන්ගේ අධිපතීන්ගේ ගණන අනුව රනින් කළ ගඩු රූප පහකුත්, රනින් කළ මීයන් පස්දෙනෙකුත් ය. මන්ද, ඔබ සියල්ලන් හා ඔබේ අධිපතීන් කෙරෙහි පැමිණුණේ එක ම පීඩාවක් ය. එබැවින් ගඩු රූප ද රට නාස්ති කරන මී රූප ද සාදා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ගෞරව දෙන්න. එසේ කළොත්, සමහර විට උන් වහන්සේ ස්වකීය බාහු බලයන් ඔබ කෙරෙන් ද ඔබේ දෙවිවරුන් කෙරෙන් ද ඔබේ දේශය කෙරෙන් ද ඉවත් කරනු ඇත. මිසරවරුන් හා පාරාවෝ ඔවුන්ගේ සිත් දැඩි කරගත් ලෙස ඔබත් සිත් දැඩි කරගන්නේ කුමට ද? උන් වහන්සේ ඔවුන් මෝඩයන් කළ විට ඔවුන් සෙනඟට යන්නට අවකාශ දුන්නා නොවේ ද? ඉශ්රයෙල්වරුන් පිටත් ව ගියා නොවේ ද? දැන් ඉතින් අලුත් ගැලක් සාදාගෙන වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් වෙන් කර ගාලේ නවත්වන්න. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගැල මත තබා, වන්දි පූජාව පිණිස උන් වහන්සේට දෙන රන් භාණ්ඩ එහි පැත්තක කුඩා කරඬුවක තබා ගැල යන දෙසක යන්නට එයට ඉඩ හැර බලා සිටින්න. ඉතින්, එය සිය දේශ සීමාවට යන මාර්ගයේ බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදු කෙළේ උන් වහන්සේ බව එයින් පෙනෙයි; එසේ නැත්නම්, අපට පහර දුන්නේ උන් වහන්සේ නොව, එය ඉබේ ම අපට පැමිණි දෙයක් බව අපට පෙනෙනු ඇතැ”යි කීවෝ ය. ඔව්හු එලෙස කරමින්, කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් ගාල් කොට තබා, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් මී රූප සහ ගඩු රූප දැමූ කුඩා කරඬුව ද ගැලෙහි තැබූ හ. එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට යන මාර්ගයේ ගියෝ ය; දකුණට වත්, වමට වත් නොහැරී තපුල්ලමින් එම මාවත දිගේ ම ගියෝ ය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පසුපස ගියහ. බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු මිටියාවතේ තිරිඟු කපමින් සිටියෝ ය. ඔව්හු හිස ඔසවා බලා, ගිවිසුම් කරඬුව දැක ප්‍රීතියෙන් පිනා ගියහ. ගැල ද බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේ ය. එහි ලොකු ගලක් තිබුණේ ය. සෙනඟ ගැලේ ලී පළා, එළදෙනුන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කළෝ ය. ලෙවීවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් භාණ්ඩ දමා තිබුණු කරඬුව ද ගෙන, මහ ගල මත තැබූහ. බෙත්-ෂෙමෙෂ් වැසියෝ ඒ දවසේ දී සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කොට, පඬුරු ද පිදුවෝ ය. පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙන ඒ දැක එදා ම එක්‍රොන්ට හැරී ගියහ. පිලිස්තිවරු වන්දි පූජාවක් වශයෙන්, අෂ්දොද් උදෙසා ද ගාසා උදෙසා ද අෂ්කෙලොන් උදෙසා ද ගාත් උදෙසා ද එක්‍රොන් උදෙසා ද එක එක බැගින් රනින් කළ ගඩු යැවූහ. තවද, ඔව්හු පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා විසින් පාලනය කරන ලද නගර වෙනුවෙන් එකකට එක රූපයක් බැගින් රනින් කළ මී රූප යැවූහ. ඒ නගරවලට පවුරු සහිත නගර ද පිටිසර ගම් ද ඇතුළත් ය. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබූ බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතෙහි විශාල ගල, මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂියක් වශයෙන් අද දක්වා ම තිබේ. බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇර බැලූ නිසා, උන් වහන්සේ සෙනඟගෙන් සැත්තෑදෙනෙකුට පහර දුන් සේක. සමිඳාණන් වහන්සේ සෙනඟ අතරෙහි මේ සා මහත් ඝාතනයක් කළ බැවින් සෙනඟ වැලපුණෝ ය.

බෙදාගන්න
1 සාමුවෙල් 6 NRSV

1 සාමුවෙල් 6:1-19 SNRV (Sinhala New Revised Version 2018)

1 සාමුවෙල් 6 SNRV

1 සාමුවෙල් 6:1-19 NIV (New International Version)

When the ark of the LORD had been in Philistine territory seven months, the Philistines called for the priests and the diviners and said, “What shall we do with the ark of the LORD? Tell us how we should send it back to its place.” They answered, “If you return the ark of the god of Israel, do not send it back to him without a gift; by all means send a guilt offering to him. Then you will be healed, and you will know why his hand has not been lifted from you.” The Philistines asked, “What guilt offering should we send to him?” They replied, “Five gold tumors and five gold rats, according to the number of the Philistine rulers, because the same plague has struck both you and your rulers. Make models of the tumors and of the rats that are destroying the country, and give glory to Israel’s god. Perhaps he will lift his hand from you and your gods and your land. Why do you harden your hearts as the Egyptians and Pharaoh did? When Israel’s god dealt harshly with them, did they not send the Israelites out so they could go on their way? “Now then, get a new cart ready, with two cows that have calved and have never been yoked. Hitch the cows to the cart, but take their calves away and pen them up. Take the ark of the LORD and put it on the cart, and in a chest beside it put the gold objects you are sending back to him as a guilt offering. Send it on its way, but keep watching it. If it goes up to its own territory, toward Beth Shemesh, then the LORD has brought this great disaster on us. But if it does not, then we will know that it was not his hand that struck us but that it happened to us by chance.” So they did this. They took two such cows and hitched them to the cart and penned up their calves. They placed the ark of the LORD on the cart and along with it the chest containing the gold rats and the models of the tumors. Then the cows went straight up toward Beth Shemesh, keeping on the road and lowing all the way; they did not turn to the right or to the left. The rulers of the Philistines followed them as far as the border of Beth Shemesh. Now the people of Beth Shemesh were harvesting their wheat in the valley, and when they looked up and saw the ark, they rejoiced at the sight. The cart came to the field of Joshua of Beth Shemesh, and there it stopped beside a large rock. The people chopped up the wood of the cart and sacrificed the cows as a burnt offering to the LORD. The Levites took down the ark of the LORD, together with the chest containing the gold objects, and placed them on the large rock. On that day the people of Beth Shemesh offered burnt offerings and made sacrifices to the LORD. The five rulers of the Philistines saw all this and then returned that same day to Ekron. These are the gold tumors the Philistines sent as a guilt offering to the LORD—one each for Ashdod, Gaza, Ashkelon, Gath and Ekron. And the number of the gold rats was according to the number of Philistine towns belonging to the five rulers—the fortified towns with their country villages. The large rock on which the Levites set the ark of the LORD is a witness to this day in the field of Joshua of Beth Shemesh. But God struck down some of the inhabitants of Beth Shemesh, putting seventy of them to death because they looked into the ark of the LORD. The people mourned because of the heavy blow the LORD had dealt them.

බෙදාගන්න
1 සාමුවෙල් 6 NIV