1 සාමුවෙල් 5:1-7

1 සාමුවෙල් 5:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දෙවියන්වහන්සේගේ කරඬුව අල්ලා ගත් පිලිස්තිවරු එබෙන්-ඒසෙර්හි සිට එය අෂ්දෝද් වෙත ගෙනාහ. ඉන්පසු පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ කරඬුව, දාගෝන්ගේ දෙවොලට ගෙන අවුත්, දාගෝන් පසෙකින් පිහිටූහ. අෂ්දෝද් වාසීන් පසු දා උදෙන් පිබිදුණු කල, මෙන්න! ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස දාගෝන් මුණින් තලා බිම වැටී සිටියේ ය. ඔවුහු දාගෝන් ගෙන, ආපසු ඔහුගේ ස්ථානයේ තැබූහ. එහෙත් පසු දා උදෑසන ඔවුන් පිබිදුණු කල මෙන්න! ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස දාගෝන් මුණින් තලා බිම වැටී සිටියේ ය. දාගෝන්ගේ හිස හා අත් කැඩී, වෙන් වී, එළිපත්ත මත වැටී තිබිණි. ඉතිරි ව තිබුණේ දාගෝන්ගේ කඳ කොටස පමණි. අද දවස දක්වාත්, දාගෝන්ගේ පූජකයින් හෝ සෙසු අය අෂ්දෝද්හි දාගෝන්ගේ දෙවොලට ඇතුළුවීමේදී එළිපත්ත නො පාගන්නේ එබැවිනි. ස්වාමින්වහන්සේගේ හස්තය අෂ්දෝද් වාසීන් පිට බර විය. උන්වහන්සේ අෂ්දෝද් හා එහි භූමි ප්‍රදේශයේ ජනයාට විස ගඩු හට ගැන්වීමෙන්, ඔවුන්ට පීඩා කළ සේක. සිදු වන්නේ කුමක් දැයි දුටු අෂ්දෝද් වාසීහු, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්ගේ කරඬුව මෙහි අප සමඟ නො තිබිය යුතුයි. මන්ද උන්වහන්සේගේ හස්තය අප පිටත්, අපගේ දෙවියන් වන දාගෝන් පිටත් බර වී ඇතැ” යි කීහ.

1 සාමුවෙල් 5:1-7 Sinhala Revised Old Version (SROV)

පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන එබෙන්-එසෙර්හි සිට අෂ්දොද්ට ගෙනාවෝය. පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන ඒක දාගොන්ගේ ගෘහයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූහ. අෂ්දොද්හි මනුෂ්‍යයන් පසුවදා අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී තිබෙනවා දුටුවෝය. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහුගේ ස්ථානයෙහි සිටෙවුවෝය. ඔවුන් පසුවදා උදය අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී, දාගොන්ගේ හිසද අත් දෙකද කපාදමා එළිපත්ත උඩ තිබෙනවා දුටුවෝය; දාගොන්ට ඉතුරුව තිබුණේ කඳ පමණක්ය. ඒ නිසා අද දවස දක්වා දාගොන්ගේ පූජකයෝවත් දාගොන්ගේ ගෘහයට ඇතුල්වෙන්නාවූ වෙන කිසිවෙක්වත් අෂ්දොද්හි තිබෙන දාගොන්ගේ එළිපත්ත නොපාගති. එවිට ස්වාමීන්වහන්සේගේ හස්තය අෂ්දොද් වැසියන් කෙරෙහි බරව තිබුණේය, උන්වහන්සේ ඔවුන්ට එනම් අෂ්දොද්හි සහ එහි දිශාවල වැසියන්ට කලල් ගඩු කරණකොටගෙන පහරදී ඔවුන් නාස්තිකළසේක. අෂ්දොද් මනුෂ්‍යයෝ ඒ බව දැක: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප ළඟ නොතිබිය යුතුය. මක්නිසාද උන්වහන්සේගේ හස්තය අප පිටත් අපේ දෙවිවූ දාගොන් පිටත් තදව තිබේයයි කීවෝය.

1 සාමුවෙල් 5:1-7 Sinhala New Revised Version (NRSV)

පිලිස්තිවරු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන එබෙන්-එශෙර්හි සිට අෂ්දොද් නගරයට එය ගෙනාවෝ ය. ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව, රැගෙන දාගොන් දෙවියාගේ දේවාලයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූ හ. පසු දා අලුයම අෂ්දොද්හි වැසියන් අවදි වූ විට, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට දාගොන් මුණින්තළා වී තිබෙනවා ඔව්හු දුටුහ. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහු කලින් තිබූ ස්ථානයෙහි ම තැබූ හ. ඔව්හු පසු දා අලුයම අවදි වූ විටත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ යළිත් දාගොන් මුණින්තළා වී බිම සිටිනවා දුටුහ; දාගොන්ගේ හිස ද අත් දෙක ද වෙන් වී එළිපත්ත උඩ තිබෙනවා දුටුහ; ඉතිරි ව තිබුණේ කඳ පමණක් ය. අද දවස දක්වා ම දාගොන්ගේ පූජකයන් ද දාගොන්ගේ දේවාලයට ඇතුළු වන අය ද අෂ්දොද්හි තිබෙන දාගොන්ගේ දේවාලයේ එළිපත්ත නොපාගන්නේ එබැවිනි. එකල සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් අෂ්දොද් වැසියන්ට තදින් පහර දුන් සේක. උන් වහන්සේ අෂ්දොද්හි වැසියන්ටත්, එහි දිසාවල වැසියන්ටත් භයානක ගඩු හටගැන්වීමෙන් පහර දුන් සේක. අෂ්දොද් වැසියෝ සිදු වූ දේ දැක, “ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟ නොතිබිය යුතු ය; මන්ද, උන් වහන්සේ සිය බාහු බලයෙන් අපටත්, අපේ දෙවියා වන දාගොන්ටත් තදින් දඬුවම් කරන සේකැ”යි කී හ.

1 සාමුවෙල් 5:1-7 Sinhala New Revised Version 2018 (SNRV)