1 සාමුවෙල් 31:1-4

1 සාමුවෙල් 31:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තවද පිලිස්තිවරු, ඉශ්‍රායෙල්ට එරෙහිව සටන් වැදුණහ. ඉශ්‍රායෙල්වරු ඔවුන් ඉදිරියෙන් පලා ගොස්, ගිල්බෝව කන්දේදී මැරුම් කා, වැටුණහ. පිලිස්තිවරු, සාවුල් හා ඔහුගේ පුතුන් පසු පස දැඩි ව ලුහුබැඳ ගොස්, සාවුල්ගේ පුතුන් වූ යොනාතාන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මරා දැමූහ. සටන සාවුල්ට එරෙහිව බිහිසුණු විය. දුනුවායින් ඔහුට හමු විණ. දුනුවායෝ බරපතළ ලෙස ඔහුට තුවාල කළහ. එවිට තම ආයුධ දරන්නාට කතා කළ සාවුල්, “නුඹේ අසිපත ඇද, මා පසාරු කර ගෙන යෑමට මට අනිනු! නැතහොත් මේ චර්ම-අඡේදිතයන් අවුත්, මට ඇන, මට අවනම්බු කරනු ඇතැ” යි පැවසී ය. එහෙත් ආයුධ දරන්නා එසේ කළේ නැත. මන්ද ඔහු අතිශයෙන් භයපත් ව සිටියේ ය. එබැවින් සාවුල් තම අසිපත ගෙන, ඒ මත වැටුණේ ය.

1 සාමුවෙල් 31:1-4 Sinhala Revised Old Version (SROV)

පිලිස්තිවරු වනාහි ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගොස්, ගිල්බෝවා කන්දේදී මැරුම්කා වැටුණෝය. පිලිස්තිවරු සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද පස්සේ එළවාගන ගොස් සාවුල්ගේ පුත්‍රයන්වූ යොනාතාන්ද අබිනාදාබ්ද මල්කී-ෂුවාද මැරුවෝය. සටන සාවුල්ට විරුද්ධව බලවත් විය, දුනුවායෝ ඔහුට ළංවූහ; ඔහු දුනුවායන් නිසා තද අමාරුවට පත්විය. එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස නුඹේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කරන්ට කැමතිවුණේ නැත; මක්නිසාද ඔහු ඉතා භයව සිටියේය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටුණේය.

1 සාමුවෙල් 31:1-4 Sinhala New Revised Version (NRSV)

පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කළහ. එවිට ඉශ්රායෙල් සෙනඟ පිලිස්තිවරුන් වෙතින් පලා ගොස් ගිල්බෝවා කන්දේ දී මැරුම් කා වැටුණෝ ය. පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ ගොස් සාවුල්ගේ පුත්‍රයන් වන ජොනතන් ද අබිනාදාබ් ද මල්කිෂුවා ද මැරූ හ. සටන සාවුල්ට විරුද්ධ ව බලවත් විය; දුනුවායෝ ඔහුටත් ළං වූ හ. ඔහු දුනුවායන්ගෙන් තදින් තුවාළ ලැබුවේ ය. එවිට සාවුල් තම ආයුධ රැගෙන යන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කිරීමට කැමැති නො වී ය. මන්ද, ඔහු ඉතා බිය ව සිටියේ ය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටී මැරුණේ ය.

1 සාමුවෙල් 31:1-4 Sinhala New Revised Version 2018 (SNRV)