1 සාමුවෙල් 30:7-8
1 සාමුවෙල් 30:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත් ඉන්පසු අහිමෙලෙක්ගේ පුත් අබියාතර් පූජකයාට කතා කර, “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් වෙත ගෙනාවේ ය. එවිට දාවිත්, ස්වාමින්වහන්සේගෙන් විමසමින්, “මා මෙම ආක්රමණික කණ්ඩායම ලුහුබඳින්න ද? මට ඔවුන් අල්ලා ගන්නට හැකි වේ දැ?” යි ඇසී ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න. ඔවුන් අල්ලා ගන්නටත්, මුදා ගන්නටත් නියතයෙන් ම ඔබට හැකි වෙතැ” යි පැවසූ සේක.
1 සාමුවෙල් 30:7-8 Sinhala Revised Old Version (SROV)
ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය. මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.
1 සාමුවෙල් 30:7-8 Sinhala New Revised Version (NRSV)
දාවිත් අහිමෙලෙක්ගේ පුත් වූ අබියාතර් පූජකයා අමතා: “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේ ය. දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.
1 සාමුවෙල් 30:7-8 Sinhala New Revised Version 2018 (SNRV)
දාවිත් අහිමෙලෙක්ගේ පුත් වූ අබියාතර් පූජකයා අමතා: “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේ ය. දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.
1 සාමුවෙල් 30:7-8 New International Version (NIV)
Then David said to Abiathar the priest, the son of Ahimelek, “Bring me the ephod.” Abiathar brought it to him, and David inquired of the LORD, “Shall I pursue this raiding party? Will I overtake them?” “Pursue them,” he answered. “You will certainly overtake them and succeed in the rescue.”