1 සාමුවෙල් 30:3-6

1 සාමුවෙල් 30:3-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දාවිත් සහ ඔහුගේ මිනිස්සු සික්ලග් වෙත පැමිණි කල, එය ගින්නෙන් විනාශ කර ඇති වග ද තම භාර්යාවන්, පුතුන් හා දූවරුන් අල්ලාගෙන ගොස් ඇති වග ද දුටුවහ. එබැවින් දාවිත් හා ඔහුගේ මිනිස්සු වැලපෙන්නට තමන්ට ශක්තියක් නැති වන තුරු කෑ ගසා හැඬූහ. යෙස්රෙයෙලීය අහිනොවම් හා කර්මෙලීය නාබාල්ගේ වැන්දඹුව වූ අබිගායිල් ද යන දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා ම අල්ලාගෙන ගොස් තිබිණ. දාවිත් මහත් අසීරුතාවකට පත් විය. මන්ද ඔහුට ගල් ගැසීමට මිනිසුන් කතා වූ බැවිනි. හැම කෙනෙක් ම තම තමන්ගේ පුතුන් හා දූවරුන් නිසා, වේදනාවට පත් ව සිටියහ. එහෙත් දාවිත් තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ තමා ශක්තිමත් කර ගත්තේ ය.

1 සාමුවෙල් 30:3-6 Sinhala Revised Old Version (SROV)

දාවිත්ද ඔහුගේ මිනිස්සුද නුවරට පැමිණි කල, ඒක ගිනිලා තිබෙන බවත් ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද වාලට අසුවී ගිය බවත් දුටුවෝය. එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සෙනඟද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැතිවෙන තුරුම ශබ්දනගා ඇඬුවෝය. දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටි අබීගායිල්ද වාලට අසුවී ගියෝය. දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.

1 සාමුවෙල් 30:3-6 Sinhala New Revised Version (NRSV)

දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ. එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ. දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ. දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය.

1 සාමුවෙල් 30:3-6 Sinhala New Revised Version 2018 (SNRV)