1 සාමුවෙල් 30:3-5
1 සාමුවෙල් 30:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත් සහ ඔහුගේ මිනිස්සු සික්ලග් වෙත පැමිණි කල, එය ගින්නෙන් විනාශ කර ඇති වග ද තම භාර්යාවන්, පුතුන් හා දූවරුන් අල්ලාගෙන ගොස් ඇති වග ද දුටුවහ. එබැවින් දාවිත් හා ඔහුගේ මිනිස්සු වැලපෙන්නට තමන්ට ශක්තියක් නැති වන තුරු කෑ ගසා හැඬූහ. යෙස්රෙයෙලීය අහිනොවම් හා කර්මෙලීය නාබාල්ගේ වැන්දඹුව වූ අබිගායිල් ද යන දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා ම අල්ලාගෙන ගොස් තිබිණ.
1 සාමුවෙල් 30:3-5 Sinhala Revised Old Version (SROV)
දාවිත්ද ඔහුගේ මිනිස්සුද නුවරට පැමිණි කල, ඒක ගිනිලා තිබෙන බවත් ඔවුන්ගේ භාර්යාවන්ද පුත්රයන්ද දූවරුන්ද වාලට අසුවී ගිය බවත් දුටුවෝය. එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සෙනඟද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැතිවෙන තුරුම ශබ්දනගා ඇඬුවෝය. දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්රෙයෙලිය අහිනොවම් සහ කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටි අබීගායිල්ද වාලට අසුවී ගියෝය.
1 සාමුවෙල් 30:3-5 Sinhala New Revised Version (NRSV)
දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ. එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ. දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ.
1 සාමුවෙල් 30:3-5 Sinhala New Revised Version 2018 (SNRV)
දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ. එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ. දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ.
1 සාමුවෙල් 30:3-5 New International Version (NIV)
When David and his men reached Ziklag, they found it destroyed by fire and their wives and sons and daughters taken captive. So David and his men wept aloud until they had no strength left to weep. David’s two wives had been captured—Ahinoam of Jezreel and Abigail, the widow of Nabal of Carmel.