1 සාමුවෙල් 3:7-9
1 සාමුවෙල් 3:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාමුවෙල් ඒ වන විටත් ස්වාමින්වහන්සේ හැඳින සිටියේ නැත. ස්වාමින්වහන්සේගේ වචනය ඒ වන තුරුත් ඔහුට එළිදරවු කර නො තිබිණ. ස්වාමින්වහන්සේ තුන් වන වරට සාමුවෙල්ට යළි හඬ ගැසූ සේක. සාමුවෙල් නැගිට, ඒලී වෙත ගොස්, “මෙන්න මම, ඔබ මට හඬ ගැසුවා” යි කීවේ ය. එවිට, ස්වාමින්වහන්සේ ළමයාට හඬ ගසන වග ඒලී වටහා ගත්තේ ය. එබැවින් සාමුවෙල් ඇමතූ ඒලී, “ගොසින් නිදා ගන්න. උන්වහන්සේ ඔබට කතා කළොත්, ‘කතා කරනු මැන, ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයා අසා සිටීය’ කියා කියන්නැ” යි කීවේ ය. එබැවින් සාමුවෙල් ගොස්, තමාගේ ස්ථානයේ නිදා ගත්තේ ය.
1 සාමුවෙල් 3:7-9 Sinhala Revised Old Version (SROV)
සාමුවෙල් ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේ නොහැඳින්නේය, ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහුට එළිදරව්නොවීය. ස්වාමීන්වහන්සේ තුන්වෙනි වරත් නැවත සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. එවිට ස්වාමීන්වහන්සේ ළමයාට හඬගසන බව ඒලී දැනගත්තේය. එබැවින් ඒලී සාමුවෙල්ට කථාකොට: නුඹ ගොස් නිදාගන්න. නුඹට හඬගැසුවොත්– ස්වාමීන්වහන්ස, කථාකළමැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවාය කියා කියන්නැයි කීවේය. සාමුවෙල් ගොස් තමාගේ ස්ථානයෙහි නිදාගත්තේය.
1 සාමුවෙල් 3:7-9 Sinhala New Revised Version (NRSV)
සාමුවෙල් ඒ වන තුරු සමිඳාණන් වහන්සේ දැන සිටියේ නැත. ඒ වන තුරු සමිඳාණන් වහන්සේගේ වචන ඔහුට එළිදරව් නො වී ය. සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, “ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය”යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය. එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, “ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, ‘සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා’යි කියන්නැ”යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය.
1 සාමුවෙල් 3:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
සාමුවෙල් ඒ වන තුරු සමිඳාණන් වහන්සේ දැන සිටියේ නැත. ඒ වන තුරු සමිඳාණන් වහන්සේගේ වචන ඔහුට එළිදරව් නො වී ය. සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, “ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය”යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය. එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, “ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, ‘සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා’යි කියන්නැ”යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය.
1 සාමුවෙල් 3:7-9 New International Version (NIV)
Now Samuel did not yet know the LORD: The word of the LORD had not yet been revealed to him. A third time the LORD called, “Samuel!” And Samuel got up and went to Eli and said, “Here I am; you called me.” Then Eli realized that the LORD was calling the boy. So Eli told Samuel, “Go and lie down, and if he calls you, say, ‘Speak, LORD, for your servant is listening.’ ” So Samuel went and lay down in his place.