1 සාමුවෙල් 26:1-4
1 සාමුවෙල් 26:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සීෆීවරු ගිබෙයාහි සාවුල් වෙත පැමිණ, “යෙෂීමොන් ඉදිරිපිට හකීලා හෙලේ දාවිත් සැඟවී සිටිනවා නො වේ දැ?” යි කීහ. එබැවින් සාවුල් නැගිට, තෝරාගත් ඉශ්රායෙල් මිනිසුන් තුන්දහසක් ද කැටිව, සීෆ් කාන්තාරයේ දාවිත් සොයන රිසින්, සීෆ් කාන්තාරය බලා ගියේ ය. සාවුල්, යෙෂීමොන්ට මුහුණ ලා හකීලා හෙලේ පාර අද්දර තම කඳවුර ගසා ගත්තේ ය. එහෙත් දාවිත් පාළුකරයේ ම නැවතී සිටියේ ය. සාවුල්, තමා පසු පස පාළුකරයට පැමිණ ඇති වග දුටු දාවිත්, ඔත්තුකරුවන් යවා, සාවුල් නියතයෙන් ම පැමිණ ඇති වග දැනගත්තේ ය.
1 සාමුවෙල් 26:1-4 Sinhala Revised Old Version (SROV)
ශීප්වරු ගිබියාහි සිටි සාවුල් ළඟට ඇවිත්: දාවිත් මරුකතර ඉදිරියේ තිබෙන හකීලා හෙලේ සැඟවී ඉන්නවා නොවේදැයි කීවෝය. එවිට සාවුල් පිටත්වී, ඉශ්‍රායෙල්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් තුන්දහසක් ඇතුව ශීප් කාන්තාරයෙහි දාවිත් සොයන පිණිස ශීප් කාන්තාරයට ගියේය. සාවුල් මරුකතර ඉදිරිපිට මාර්ගය ළඟ තිබෙන හකීලා හෙලේ කූඩාරම් ගසාගත්තේය. එහෙත් දාවිත් කාන්තාරයෙහි සිටියේය, සාවුල් තමා පස්සේ කාන්තාරයට ඇවිත් සිටින බව ඔහු දුටුවේය. ඒ නිසා දාවිත් ඔත්තුකාරයන් යවා සාවුල් ඇවිත් සිටිනවා සැබෑ බව දැනගත්තේය.
1 සාමුවෙල් 26:1-4 Sinhala New Revised Version (NRSV)
ශිප්වරු ගිබියාවේ සිටි සාවුල් වෙත පැමිණ, “දාවිත් මරුකතර ඉදිරියේ හකීලා හෙලේ සැඟවී සිටින්නේ ය”යි දැන්නූ හ. එවිට සාවුල් පිටත් වී, ඉශ්රායෙල් දේශයෙන් තෝරාගත් තුන්දහසක් පිරිවරා ශිප් පාළුකරයෙහි දාවිත් සොයන පිණිස එතැනට ගියේ ය. සාවුල් පාළුකරය ඉදිරිපිට මාර්ගය ළඟ තිබෙන හකීලා හෙලේ කූඩාරම් ගසාගත්තේ ය. දාවිත් පාළුකරයේ සිටියේ ය. සාවුල් තමා සොයමින් පාළුකරයට ඇවිත් සිටින බව දාවිත්ට දැනගන්නට ලැබිණි, ඔහු ඔත්තුකාරයන් යවා සාවුල් ඇත්තට ම ඇවිත් සිටින බව දැනගත්තේ ය.
1 සාමුවෙල් 26:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
ශිප්වරු ගිබියාවේ සිටි සාවුල් වෙත පැමිණ, “දාවිත් මරුකතර ඉදිරියේ හකීලා හෙලේ සැඟවී සිටින්නේ ය”යි දැන්නූ හ. එවිට සාවුල් පිටත් වී, ඉශ්රායෙල් දේශයෙන් තෝරාගත් තුන්දහසක් පිරිවරා ශිප් පාළුකරයෙහි දාවිත් සොයන පිණිස එතැනට ගියේ ය. සාවුල් පාළුකරය ඉදිරිපිට මාර්ගය ළඟ තිබෙන හකීලා හෙලේ කූඩාරම් ගසාගත්තේ ය. දාවිත් පාළුකරයේ සිටියේ ය. සාවුල් තමා සොයමින් පාළුකරයට ඇවිත් සිටින බව දාවිත්ට දැනගන්නට ලැබිණි, ඔහු ඔත්තුකාරයන් යවා සාවුල් ඇත්තට ම ඇවිත් සිටින බව දැනගත්තේ ය.
1 සාමුවෙල් 26:1-4 New International Version (NIV)
The Ziphites went to Saul at Gibeah and said, “Is not David hiding on the hill of Hakilah, which faces Jeshimon?” So Saul went down to the Desert of Ziph, with his three thousand select Israelite troops, to search there for David. Saul made his camp beside the road on the hill of Hakilah facing Jeshimon, but David stayed in the wilderness. When he saw that Saul had followed him there, he sent out scouts and learned that Saul had definitely arrived.