1 සාමුවෙල් 19:4-6

1 සාමුවෙල් 19:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යොනාතාන් තම පියා වූ සාවුල්ට දාවිත්ගේ ගුණ කියමින්, “රජතුමා තම සේවක දාවිත්ට නපුරක් නො කෙරේවා. ඔහු ඔබතුමාට වරදක් කර නෑ. ඔහු කර ඇති දෑ ඔබට බෙහෙවින් වැඩදායකයි. ඔහු අර පිලිස්තීයයා මැරූ වේලේ ඔහුගේ ජීවිතයත් පරදුවට තැබුවා. ස්වාමින්වහන්සේ මුළු මහත් ඉශ්‍රායෙල්ට ඉමහත් ජයක් ගෙන දුන්නා. ඔබත් එය දැක සොම්නස් වුණා. එසේ නම්, කිසිදු හේතුවක් නැතිව දාවිත් වැනි මිනිසකු මරා, නිදොස් ලේ ගැන පව් කරන්නේ ඇයි දැ?” යි ඇසී ය. සාවුල්, යොනාතාන්ගේ කටහඬට සවන් දුන්නේ ය. “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, දාවිත් මරනු නො ලබන්නේ යැ” යි සාවුල් දිවුළේ ය.

1 සාමුවෙල් 19:4-6 Sinhala Revised Old Version (SROV)

යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට දාවිත්ගේ ගුණ කියමින්: රජ්ජුරුවෝ තමාගේ සේවකයාවූ දාවිත්ට විරුද්ධව පව් නොකෙරෙත්වා; මක්නිසාද ඔහු ඔබට විරුද්ධව පව් නොකෙළේය, ඔබ පිළිබඳවූ ඔහුගේ ක්‍රියාවලුත් ඔබට ඉතා ප්‍රයෝජනවත්ය. කුමක් හෙයින්ද ඔහු තමාගේ ප්‍රාණය නොසලකා ගොස් පිලිස්තියයා මැරුවේය, එයින් ස්වාමීන්වහන්සේ සියලු ඉශ්‍රායෙල්වරුන්ට මහත් ගැළවීමක් ඉෂ්ටකර දුන්සේක. ඔබ ඒ දැක ප්‍රීතිවූයෙහිය. එබැවින් නිෂ්කාරණයේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව්කරන්ට හදන්නේ මක්නිසාදැයි කීවේය. සාවුල් යොනාතාන්ගේ හඬට ඇහුම්කන්දී: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු මරනු නොලබන්නේයයි දිවුරුවේය.

1 සාමුවෙල් 19:4-6 Sinhala New Revised Version (NRSV)

ජොනතන් තම පිය සාවුල්ට දාවිත්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කී ය: “පිය රජතුමෙනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධ ව පව් නොකරන්න. මන්ද, ඔහු ඔබට විරුද්ධ ව පව් කෙළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක් ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය. ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?” සාවුල් ජොනතන්ගේ බසට ඇහුම්කන් දී, ඔහු දාවිත් නොමරන බව සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කීවේ ය.

1 සාමුවෙල් 19:4-6 Sinhala New Revised Version 2018 (SNRV)