1 සාමුවෙල් 17:32-47

1 සාමුවෙල් 17:32-47 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට දාවිත්, සාවුල් අමතමින්, “මේ පිලිස්තීයයා නිසා කිසිවකුත් අධෛර්ය විය යුතු නැහැ. ඔබේ සේවක මා ගොස්, ඔහු සමඟ සටන් කරන්නම්” යයි කීවේ ය. සාවුල්, දාවිත්ට පිළිතුරු දෙමින්, “ඒ පිලිස්තීයයාට විරුද්ධ ව ගොස්, ඔහු හා සටන් කරන්නට ඔබට නුපුළුවන. ඔබ තවමත් ගැටවරයෙකි. ඔහු තරුණ වයසේ පටන් ම සටන් කරුවෙකි” යි කීවේ ය. එහෙත් දාවිත්, සාවුල් අමතමින්, “ඔබේ මේ සේවකයා ඔහුගේ පියාගේ බැටළුවන් රැකබලමින් සිටියදී, සිංහයකු හෝ වලසකු හෝ අවුත්, රංචුවේ බැටළු පැටවකු ඩැහැගත් විටෙක, මා ඌ පසු පස්සේ ගොස්, ඌට පහර දී, උගේ කටින් බැටළුවා මුදා ගත්තා. ඌ මට එරෙහිව නැගිටුණු විට, මා උගේ රැවුලින් අල්ලා, ඌට පහර දී, මරා දැම්මා. ඔබේ සේවකයා සිංහයින් හා වලසුන් යන දෙගොල්ල මරා දැම්මා. මේ චර්ම-අඡේදිත පිලිස්තීයයාත් උන්ගෙන් එකකු මෙන් වනු ඇත. මන්ද ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවන්ට ඔහු කළේ නිග්‍රහයක්. සිංහයාගේ නියපහරින් හා වලසාගේ නියපහරින් මා මිදූ ස්වාමින්වහන්සේ මේ පිලිස්තීයයාගේ අතින් ද මා මුදා ගන්නා සේකැ” යි කීවේ ය. එවිට සාවුල්, “යන්න, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා” යි දාවිත්ට පැවසී ය. ඉන්පසු සාවුල් තම යුද-කබාය දාවිත්ට හඳවා, ඔහුගේ හිස මත ලෝකඩ ආරක්ෂක තොප්පියක් තබා, ඔහු සන්නාහ සන්නද්ධ කළේ ය. දාවිත් ඔහුගේ කඩුව යුද කබායේ බැඳ, ඇවිදින්නට උත්සාහ ගත්ත ද, ඒවා ඔහුට නුහුරු නුපුරුදු බැවින් එසේ කළ නො හැකි විය. එබැවින් දාවිත්, සාවුල්ට කතා කොට, “මට හුරු නැති නිසා මේවා ඇඳගෙන ගිය නො හැකි යැ” යි කීවේ ය. මෙසේ දාවිත් ඒවා ගලවා දැමී ය. ඉන්පසු ඔහු තම කෙවිට තම අතින් ගෙන, සුමුදු ගල් කැට පහක් දිය පහර වෙතින් අහුලා, ඒවා තම එඬේර මලු පසුම්බියේ ලා ගත්තේ ය. තම ගල්-පටිය තම අතින් ගත් ඔහු පිලිස්තීයයා දෙසට ළඟා විය. පිලිස්තීයයා දාවිත්ට ළං වෙමින් සිටියේ ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය. දාවිත් දෙස විපරමින් බැලූ පිලිස්තීයයා, රත් පැහැයෙන් හා කඩවසමින් යුත් දාවිත් තවමත් කොලුවකු වග දැක, ඔහු සුළු කරමින්, දාවිත් අමතා, “නුඹ කෙවිට ගෙන මා දෙසට එන්නේ මා බල්ලෙක් දැ?” යි ඇසී ය. ඉන්පසු පිලිස්තීයයා තම දෙවිවරුන්ගේ නමින් දාවිත්ට ශාප කළේ ය. යළි දාවිත් ඇමතූ පිලිස්තීයයා, “මෙහි එනු! මා නුඹේ මස් අහසේ පක්ෂීන්ටත්, බැද්දේ වන සතුන්ටත් දෙනවා!” යි පාරම්බෑවේ ය. එවිට දාවිත්, පිලිස්තීයයා අමතමින්, “නුඹ කඩු, හෙල්ල, තෝමර දරා, මට එරෙහිව ආවත්, මා නුඹට එරෙහිව එන්නේ, නුඹ විසින් නිග්‍රහ කළ සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන්; ඉශ්‍රායෙල් හමුදාවල දෙවියන්වහන්සේගේ නාමයෙන්. ස්වාමින්වහන්සේ අද දවසේ මගේ අතට නුඹ යටත් කර දෙන සේක. මම නුඹ ගසා හෙළා, නුඹේ හිස ගසා දමනවා; අද දවසේ මා පිලිස්ති හමුදාවල මළ කඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ වන-මෘගයින්ටත් දෙනවා. ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකුන් වැඩ වසන වග එවිට මුළු ලෝකය ම දැන ගනීවි. ස්වාමින්වහන්සේ ගලවන්නේ කඩුවෙන් හෝ හෙල්ලයෙන් නො වන වග මෙහි රැස් ව සිටින සැවොම එවිට දැනගන්නවා ඇති. මන්ද සටන ස්වාමින්වහන්සේගේයි. උන්වහන්සේ අපේ අත්වලට නුඹලා දෙනු ඇතැ” යි පැවසී ය.

1 සාමුවෙල් 17:32-47 Sinhala Revised Old Version (SROV)

දාවිත් සාවුල්ට කථාකොට: කිසිවෙකුගේ සිත ඔහු නිසා ක්ලාන්ත නොවේවා; ඔබගේ මෙහෙකරුවාවූ මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන්කරමියි කීය. සාවුල්ද: මේ පිලිස්තියාට විරුද්ධව ගොස් ඔහු සමඟ සටන්කරන්ට නුඹට බැරිය. මක්නිසාද නුඹ තරුණයෙක්ය, ඔහු වනාහි තරුණ වයස පටන් යුද්ධකාරයෙක්ව සිටින්නෙකැයි දාවිත්ට කීවේය. දාවිත්ද: ඔබගේ මෙහෙකරුවා තමාගේ පියාගේ බැටළුවන් බලාගන සිටිද්දී සිංහයෙකුත් වලසෙකුත් ඇවිත් රැළෙන් බැටළුවෙකු ගත්තෝය. මම ඌ පස්සේ ගොස් ඌට ගසා උගේ කටින් බැටළුවා ගළවාගත්තෙමි. ඌ මට විරුද්ධව නැගිට්ට විට මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවෙමි. ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය. තවද දාවිත්: සිංහයාගේ නියපහරින්ද වලසාගේ නියපහරින්ද මා ගැළවූ ස්වාමීන්වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවනසේකැයි කීවේය. සාවුල් කථාකොට: යන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටින සේක්වයි දාවිත්ට කීවේය. තවද සාවුල් තමාගේ ඇඳුම් දාවිත්ට හඳවා, ඔහුගේ හිසේ පිත්තල තොප්පියක් දමා, යුද්ධ හැට්ටයක් ඔහුට පැළඳෙවුවේය. දාවිත් තමාගේ ඇඳුම පිට කඩුව බැඳගන ඇවිදින්ට උත්සාහකෙළේය; මක්නිසාද ඔහු ඒවා ඇඳලා පුරුදු නැත. එවිට දාවිත් සාවුල්ට කථාකොට: මා මේවා ඇඳලා පුරුදු නැති බැවින් මේවා ඇඳගන යන්ට බැරියයි කියා, ඒවා ගළවා දමා, තමාගේ සැරයටිය අතින්ගෙන, දොළෙන් සිලුටු ගල් පහක් තෝරාගෙන තමා ළඟ තිබුණු එඬේර මල්ලේ එනම් පසුම්බියේ දමාගන, අතින් ගල්පටිය අරන් පිලිස්තියයා දෙසට යන්ට ගියේය. පිලිස්තියයාද පිටත්ව ඇවිත් දාවිත්ට ළංවේගන ආවේය; පලිහ ගෙනයන මනුෂ්‍යයාත් ඔහුට පෙරටුවෙන් ආවේය. පිලිස්තියයා බලා දාවිත් දුටු විට ඔහුට ගර්හාකෙළේය. මක්නිසාද ඔහු රතු පාටවූ, ශෝභමාන පෙනීමක් ඇත්තාවූ තරුණයෙක් පමණක් විය. පිලිස්තියයා දාවිත්ට කථාකොට: තෝ සැරයටි රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක්දැයි කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස්කීවේය. තවද පිලිස්තියයා: මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙන්නෙමියි දාවිත්ට කීවේය. එවිට දාවිත්: තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දාකළ ඉශ්‍රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි; මෙසේ ඉශ්‍රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ කඩුවෙන් හා හෙල්ලයෙන් නොගළවන බව මේ මුළු සමූහයාත් දැනගන්නවා ඇත. මක්නිසාද යුද්ධය ස්වාමීන්වහන්සේගේ ය, උන්වහන්සේද නුඹලා අප අතට පාවාදෙනසේකැයි පිලිස්තියයාට කීවේය.

1 සාමුවෙල් 17:32-47 Sinhala New Revised Version (NRSV)

දාවිත් සාවුල්ට කතා කොට, “රජතුමෙනි, කිසිවෙකු මේ පිලිස්තියයාට බිය නොවිය යුතු යි. ඔබේ මෙහෙකරුවා වන මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන් කරමි”යි කී ය. සාවුල් පිළිතුරු දෙමින්, “මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් ඔහු සමඟ සටන් කරන්නට ඔබට බැරි ය. මන්ද, ඔබ කොලු ගැටයෙකි. එහෙත්, ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකැ”යි දාවිත්ට කී ය. දාවිත් පිළිතුරු දෙමින් සාවුල්ට මෙසේ කී ය: “ඔබේ මෙහෙකරුවා වන මා, මාගේ පියාගේ බැටළුවන් බලාගෙන සිටිය දී සිංහයෙකු හෝ වලසෙකු හෝ අවුත් රැළෙන් බැටළුවෙකු ගත්තොත්, මම ඌ පස්සේ ගොස්, ඌට පහර දී ඌගේ කටින් බැටළුවා ගළවාගන්නෙමි. ඌ මට කඩාපැන්න විට මම ඌ බෙල්ලෙන් අල්ලා ඌට පහර දී මරන්නෙමි. ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි, සිංහයාගේ නිය පහරින් ද වලසාගේ නිය පහරින් ද මා ගැළෙවු සමිඳාණන් වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවන සේක.” සාවුල් කතා කොට, “යන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”යි දාවිත්ට කී ය. තවද, සාවුල් තමාගේ ඇඳුම් දාවිත්ට අඳවා, ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් දමා, යුද්ධ ඇඳුමක් ඔහුට පැළඳෙවුවේ ය. දාවිත් ඒ ඇඳුමේ සාවුල්ගේ කඩුව බැඳගෙන ඇවිදින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, ඔහුට නුපුළුවන් විය. මන්ද, ඔහු ඒවා පැළඳ පුරුදු නැති නිසා ය. එවිට දාවිත් සාවුල්ට කතා කොට, “මට මේවා ඇඳ පුරුදු නැති බැවින් මේවා ඇඳගෙන යන්නට බැරි ය”යි කියා ඒවා ගලවා දමා, තමාගේ සැරයටිය අතින් ගෙන, දොළෙන් සිනිඳු ගල් පහක් තෝරාගෙන, තමා ළඟ තිබුණ පසුම්බියක් වන එඬේර මල්ලේ ඒවා දමාගෙන, අතින් ගල් පටිය රැගෙන පිලිස්තියයා දෙසට යන්නට ගියේ ය. පිලිස්තියයා පිටත් ව අවුත් දාවිත් දෙසට ගමන් කෙළේ ය. පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය. පිලිස්තියයා දාවිත් දුටු විට ඔහුට ගැරහුම් කෙළේ ය. මන්ද, ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද ඇති තරුණයෙකු වූ බැවිනි. පිලිස්තියයා දාවිත්ට කතා කොට, “තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මා බල්ලෙකැ යි සිතා ද” කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස් කීවේ ය. ඔහු තවදුරටත් කතා කරමින්, “මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් දෙන්නෙමි”යි දාවිත්ට කීවේ ය. එවිට දාවිත් පිළිතුරු දෙමින්, “තෝ කඩුවක් ද හෙල්ලයක් ද කුන්තයක් ද රැගෙන මා ළඟට එන්නෙහි ය. මම වනාහි තා නින්දා කළ ඉශ්රායෙල් හමුදාවල සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි. අද දින සමිඳාණන් වහන්සේ තා මා අතට පාවා දෙන සේක; මම තට ගසා, තාගේ හිස කපා දමා, පිලිස්තිවරුන්ගේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයන්ට ද දෙන්නෙමි. මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවි කෙනෙකුන් සිටින බව පොළොවේ සියල්ලන් ම දැනගනු ඇත. ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක් වත්, හෙල්ලයක් වත් වුවමනා නැති බව මුළු සමූහයා දැනගනු ඇත. සටන සමිඳාණන් වහන්සේගේ ය; උන් වහන්සේ ද ඔබ අප අතට පාවා දෙන සේකැ”යි පිලිස්තියයාට කී ය.

1 සාමුවෙල් 17:32-47 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 17:32-47 New International Version (NIV)

David said to Saul, “Let no one lose heart on account of this Philistine; your servant will go and fight him.” Saul replied, “You are not able to go out against this Philistine and fight him; you are only a young man, and he has been a warrior from his youth.” But David said to Saul, “Your servant has been keeping his father’s sheep. When a lion or a bear came and carried off a sheep from the flock, I went after it, struck it and rescued the sheep from its mouth. When it turned on me, I seized it by its hair, struck it and killed it. Your servant has killed both the lion and the bear; this uncircumcised Philistine will be like one of them, because he has defied the armies of the living God. The LORD who rescued me from the paw of the lion and the paw of the bear will rescue me from the hand of this Philistine.” Saul said to David, “Go, and the LORD be with you.” Then Saul dressed David in his own tunic. He put a coat of armor on him and a bronze helmet on his head. David fastened on his sword over the tunic and tried walking around, because he was not used to them. “I cannot go in these,” he said to Saul, “because I am not used to them.” So he took them off. Then he took his staff in his hand, chose five smooth stones from the stream, put them in the pouch of his shepherd’s bag and, with his sling in his hand, approached the Philistine. Meanwhile, the Philistine, with his shield bearer in front of him, kept coming closer to David. He looked David over and saw that he was little more than a boy, glowing with health and handsome, and he despised him. He said to David, “Am I a dog, that you come at me with sticks?” And the Philistine cursed David by his gods. “Come here,” he said, “and I’ll give your flesh to the birds and the wild animals!” David said to the Philistine, “You come against me with sword and spear and javelin, but I come against you in the name of the LORD Almighty, the God of the armies of Israel, whom you have defied. This day the LORD will deliver you into my hands, and I’ll strike you down and cut off your head. This very day I will give the carcasses of the Philistine army to the birds and the wild animals, and the whole world will know that there is a God in Israel. All those gathered here will know that it is not by sword or spear that the LORD saves; for the battle is the LORD’s, and he will give all of you into our hands.”