1 සාමුවෙල් 16:7-12 - Compare All Versions
1 සාමුවෙල් 16:7-12 SROV (Sinhala Revised Old Version)
නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක. එවිට යෙස්සේ අබිනාදාබ්ට හඬගසා සාමුවෙල් ඉදිරිපිටින් යන්ට සැලැස්විය. මොහුවත් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි ඔහු කීය. එවිට යෙස්සේ ෂම්මා ඔහු ළඟින් යන්ට සැලැස්විය. මොහුවත් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි ඔහු කීවේය. මෙසේ යෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙක් සාමුවෙල් ඉදිරිපිටින් යන්ට සැලැස්සුවේය. සාමුවෙල්ද: මොවුන් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි යෙස්සේට කියා, නුඹේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවාදැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කථාකොට: තව ඉතිරිව ඉන්නේ බාලයාය, ඔහු බැටළුවන් බලාගන සිටිනවායයි කීවේය, සාමුවෙල්ද: කෙනෙක් යවා ඔහු ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි කෑමට ඉඳ නොගන්නෙමුයයි යෙස්සේට කීය. එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක.
1 සාමුවෙල් 16:7-12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත්, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “ඔහුගේ පෙනුම ගැන හෝ ඔහුගේ සිරුරේ උස ගැන හෝ සැලකිල්ලට නො ගන්න. මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කළෙමි. ස්වාමින්වහන්සේ බලන්නේ මිනිසා බලන ලෙසින් නො වේ. මිනිසා බලන්නේ පිටස්තර පෙනුම ය. එහෙත් ස්වාමින්වහන්සේ බලන්නේ හදවත යැ” යි පැවසූ සේක. යෙස්සේ ඉන්පසු අබිනාදාබ් කැඳවා, සාමුවෙල් ඉදිරිපිටින් යන්නට සැලැස්වී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. යෙස්සේ ඉන්පසු ෂම්මා යැවී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. යෙස්සේ, මෙසේ තම පුතුන්ගෙන් හත්දෙනකු සාමුවෙල් ඉදිරිපිටින් යැවී ය. එහෙත්, “ස්වාමින්වහන්සේ මොවුන් තෝරා නො ගත් සේකැ” යි ඔහු පැවසී ය. සාමුවෙල් එබැවින් යෙස්සේ අමතමින්, “ඔබට සිටින පුතුන් හැම මෙපමණ දැ?” යි ඇසී ය. යෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉන්නේ බාලයායි. එහෙත් අන්න! ඔහු සිටින්නේ බැටළුවන් බලා ගනිමින්” යැයි කීවේ ය. “පණිවුඩ යවා, ඔහු ගෙන්වන්න. ඔහු එන තුරු අප වාඩිවන්නේ නැතැ” යි සාමුවෙල් පැවසී ය. එබැවින් ඔහු පණිවුඩ යවා, ඔහු ගෙන්වී ය. ඔහු රත් පැහැයෙන් යුතු, දීප්තිමත් ඇස් ඇති කඩවසම් කෙනකු විය. එවිට ස්වාමින්වහන්සේ, “නැගිට, ඔහු ආලේප කරන්න. පුද්ගලයා ඔහුයි” කී සේක.
1 සාමුවෙල් 16:7-12 NRSV (Sinhala New Revised Version)
එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක. එවිට ජෙස්සේ අබිනාදාබ්ට හඬගසා සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්වී ය. “මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය. එවිට ජෙස්සේ ෂම්මා ඔහු ඉදිරිපිටින් එන්නට සැලැස්විය. “මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය. මෙසේ ජෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකු සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්සුවේ ය. සාමුවෙල් ද, “මොවුන් එක් කෙනෙකු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි ජෙස්සේට කී ය. එසේ කියා සාමුවෙල්, “ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, “පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය. එවිට ජෙස්සේ පණිවුඩකාරයෙකු යවා ඔහු ගෙන් වී ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙකි, සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නැඟිට මොහු අභිෂේක කරන්න; මොහු ඒ තැනැත්තා ය”යි වදාළ සේක.
1 සාමුවෙල් 16:7-12 SNRV (Sinhala New Revised Version 2018)

1 සාමුවෙල් 16:7-12 NIV (New International Version)
But the LORD said to Samuel, “Do not consider his appearance or his height, for I have rejected him. The LORD does not look at the things people look at. People look at the outward appearance, but the LORD looks at the heart.” Then Jesse called Abinadab and had him pass in front of Samuel. But Samuel said, “The LORD has not chosen this one either.” Jesse then had Shammah pass by, but Samuel said, “Nor has the LORD chosen this one.” Jesse had seven of his sons pass before Samuel, but Samuel said to him, “The LORD has not chosen these.” So he asked Jesse, “Are these all the sons you have?” “There is still the youngest,” Jesse answered. “He is tending the sheep.” Samuel said, “Send for him; we will not sit down until he arrives.” So he sent for him and had him brought in. He was glowing with health and had a fine appearance and handsome features. Then the LORD said, “Rise and anoint him; this is the one.”