1 සාමුවෙල් 16:17-18
1 සාමුවෙල් 16:17-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් සාවුල් සිය සේවකයින් අමතා, “හොඳින් වාදන කරන කෙනකු සොයා, ඔහු මා වෙත කැඳවාගෙන එන්නැ” යි කීවේ ය. එවිට තරුණයින්ගෙන් කෙනෙක් පිළිතුරු දෙමින්, “අන්න! බෙත්ලෙහෙමීය යෙස්සේගේ පුතකු දක්ෂ ලෙස වයනු මා දැක තියෙනවා. ඔහු එඩිතරයි; රණවිරුවෙක්; කතාවට චතුරයෙක්. කඩවසම් මිනිහෙක්. තවද ස්වාමින්වහන්සේ ඔහු සමඟ වන සේකැ” යි කීවේ ය.
1 සාමුවෙල් 16:17-18 Sinhala Revised Old Version (SROV)
සාවුල් කථාකොට: හොඳට ගායනාකරන මනුෂ්‍යයෙකු සොයා ඔහු මා ළඟට ගෙනෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය. එවිට වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් උත්තර දෙමින්: ගායනාකරන්ට දන්නාවූ, බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙකු දුටිමි, ඔහු බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක්ව, යුද්ධකාරයෙක්ව, කථාවෙහි දක්ෂවූ රූපසම්පන්නවූ කෙනෙක්ව සිටියි, ස්වාමීන්වහන්සේ ත් ඔහු සමඟයයි කීවේය.
1 සාමුවෙල් 16:17-18 Sinhala New Revised Version (NRSV)
සාවුල් කතා කොට, “හොඳට වාදනය කරන මිනිසෙකු සොයා ඔහු මා වෙත ගෙනෙන්නැ”යි සේවකයන්ට කීවේ ය. එවිට සේවකයන්ගෙන් එක් කෙනෙක් පිළිතුරු දෙමින්, “දක්ෂ වාදකයෙකු වන පුත්‍රයෙක් බෙත්ලෙහෙමේ වසන ජෙස්සේට සිටියි. ඔහු නිර්භීත කෙනෙකි; දක්ෂ හේවායෙකි; කතාවෙහි දක්ෂ ය; රූපසම්පන්න ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින සේකැ”යි කීවේ ය.
1 සාමුවෙල් 16:17-18 Sinhala New Revised Version 2018 (SNRV)
සාවුල් කතා කොට, “හොඳට වාදනය කරන මිනිසෙකු සොයා ඔහු මා වෙත ගෙනෙන්නැ”යි සේවකයන්ට කීවේ ය. එවිට සේවකයන්ගෙන් එක් කෙනෙක් පිළිතුරු දෙමින්, “දක්ෂ වාදකයෙකු වන පුත්‍රයෙක් බෙත්ලෙහෙමේ වසන ජෙස්සේට සිටියි. ඔහු නිර්භීත කෙනෙකි; දක්ෂ හේවායෙකි; කතාවෙහි දක්ෂ ය; රූපසම්පන්න ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින සේකැ”යි කීවේ ය.
1 සාමුවෙල් 16:17-18 New International Version (NIV)
So Saul said to his attendants, “Find someone who plays well and bring him to me.” One of the servants answered, “I have seen a son of Jesse of Bethlehem who knows how to play the lyre. He is a brave man and a warrior. He speaks well and is a fine-looking man. And the LORD is with him.”