1 සාමුවෙල් 16:11-13
1 සාමුවෙල් 16:11-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාමුවෙල් එබැවින් යෙස්සේ අමතමින්, “ඔබට සිටින පුතුන් හැම මෙපමණ දැ?” යි ඇසී ය. යෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉන්නේ බාලයායි. එහෙත් අන්න! ඔහු සිටින්නේ බැටළුවන් බලා ගනිමින්” යැයි කීවේ ය. “පණිවුඩ යවා, ඔහු ගෙන්වන්න. ඔහු එන තුරු අප වාඩිවන්නේ නැතැ” යි සාමුවෙල් පැවසී ය. එබැවින් ඔහු පණිවුඩ යවා, ඔහු ගෙන්වී ය. ඔහු රත් පැහැයෙන් යුතු, දීප්තිමත් ඇස් ඇති කඩවසම් කෙනකු විය. එවිට ස්වාමින්වහන්සේ, “නැගිට, ඔහු ආලේප කරන්න. පුද්ගලයා ඔහුයි” කී සේක. එබැවින් සාමුවෙල් තෙල්-අඟ ගෙන, ඔහුගේ සහෝදරයින් ඉදිරියෙහි ඔහු ආලේප කළේ ය. ඒ දවසේ පටන් ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ බලයෙන් යුක්ත ව දාවිත් මත පහළ වූ සේක. ඉන්පසු සාමුවෙල්, රාමා බලා පිටත් ව ගියේ ය.
1 සාමුවෙල් 16:11-13 Sinhala Revised Old Version (SROV)
නුඹේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවාදැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කථාකොට: තව ඉතිරිව ඉන්නේ බාලයාය, ඔහු බැටළුවන් බලාගන සිටිනවායයි කීවේය, සාමුවෙල්ද: කෙනෙක් යවා ඔහු ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි කෑමට ඉඳ නොගන්නෙමුයයි යෙස්සේට කීය. එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක. එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේපකෙළේය. එදින පටන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව දාවිත් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය.
1 සාමුවෙල් 16:11-13 Sinhala New Revised Version (NRSV)
එසේ කියා සාමුවෙල්, “ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, “පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය. එවිට ජෙස්සේ පණිවුඩකාරයෙකු යවා ඔහු ගෙන් වී ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙකි, සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නැඟිට මොහු අභිෂේක කරන්න; මොහු ඒ තැනැත්තා ය”යි වදාළ සේක. එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.
1 සාමුවෙල් 16:11-13 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 16:11-13 New International Version (NIV)
So he asked Jesse, “Are these all the sons you have?” “There is still the youngest,” Jesse answered. “He is tending the sheep.” Samuel said, “Send for him; we will not sit down until he arrives.” So he sent for him and had him brought in. He was glowing with health and had a fine appearance and handsome features. Then the LORD said, “Rise and anoint him; this is the one.” So Samuel took the horn of oil and anointed him in the presence of his brothers, and from that day on the Spirit of the LORD came powerfully upon David. Samuel then went to Ramah.