1 සාමුවෙල් 14:8-10
1 සාමුවෙල් 14:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යොනාතාන්, “ඔන්න, එහෙනම් එන්න, අපි එගොඩ ව යමු ඒ මිනිසුන් දෙසට. ගොසින්, ඔවුනට පෙනෙන්නට සිටිමු. ඔවුන් අප අමතමින්, ‘නුඹලා ළඟට අප එන තුරු ඔතැන නැවතී සිටිනු’ කිවහොත්, අපි සිටිනා තැන නිසොල්මනේ ඔවුන් වෙත නැගී නො ගොස් සිටිමු. එහෙත් ඔවුන් අප අමතා, ‘අප වෙත නැගී එනු’ යි කිවහොත්, අපි උඩට නගිමු. මන්ද ස්වාමින්වහන්සේ අපේ අතට ඔවුන් යටත් කර දී ඇති බවට අපට ඇති ලකුණ එය යැයි” කීවේ ය.
1 සාමුවෙල් 14:8-10 Sinhala Revised Old Version (SROV)
එවිට යොනාතාන්: අපි මේ මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙමුව. එවිට ඔවුන්–නුඹලා ළඟට අප එන කල් නවතින්නැයි අපට කීවොත් අපි ඔවුන් ළඟට නැගී නොගොස් අපේ ස්ථානයෙහිම සිටිමුව. එහෙත් ඔවුන්–අප ළඟට නැගී එන්නැයි කීවොත්, අපි නැගී යමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබේ. ඒක අපට ලකුණ වන්නේයයි කීය.
1 සාමුවෙල් 14:8-10 Sinhala New Revised Version (NRSV)
එවිට ජොනතන් කතා කරමින්, “අපි මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙන්නට සිටිමු. ඔවුන් අප ළඟට එන තෙක් අපට නතර වී සිටින්නට යයි කීවොත්, ඔවුන් අප ළඟට එන තෙක් අපි මේ ස්ථානයෙහි ම නැවතී සිටිමු. ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.”
1 සාමුවෙල් 14:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ජොනතන් කතා කරමින්, “අපි මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙන්නට සිටිමු. ඔවුන් අප ළඟට එන තෙක් අපට නතර වී සිටින්නට යයි කීවොත්, ඔවුන් අප ළඟට එන තෙක් අපි මේ ස්ථානයෙහි ම නැවතී සිටිමු. ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.”
1 සාමුවෙල් 14:8-10 New International Version (NIV)
Jonathan said, “Come on, then; we will cross over toward them and let them see us. If they say to us, ‘Wait there until we come to you,’ we will stay where we are and not go up to them. But if they say, ‘Come up to us,’ we will climb up, because that will be our sign that the LORD has given them into our hands.”