1 සාමුවෙල් 14:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
1 සාමුවෙල් 14:6 SROV (Sinhala Revised Old Version)
යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.
1 සාමුවෙල් 14:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යොනාතාන් තම අවි දැරූ තරුණයා අමතා, “එමු, අපි අර චර්ම-අඡේදිතයන්ගේ මුරපොළ ළඟට ම යමු. ඇතැම් විට ස්වාමින්වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇති. බොහෝ දෙනකු මගින් හෝ ස්වල්ප දෙනකු මගින් ගැලවීම සලසන ස්වාමින්වහන්සේ වැළැක්වීමට කිසිවකටත් බැරි යැ” යි පැවසී ය.
1 සාමුවෙල් 14:6 NRSV (Sinhala New Revised Version)
ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.
1 සාමුවෙල් 14:6 SNRV (Sinhala New Revised Version 2018)
ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.
1 සාමුවෙල් 14:6 NIV (New International Version)
Jonathan said to his young armor-bearer, “Come, let’s go over to the outpost of those uncircumcised men. Perhaps the LORD will act in our behalf. Nothing can hinder the LORD from saving, whether by many or by few.”