1 සාමුවෙල් 10:20-22
1 සාමුවෙල් 10:20-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාමුවෙල්, ඉශ්රායෙල් ගෝත්‍ර වංශ සියල්ල ළං කර වූ කල, බෙන්යමින් ගෝත්‍රය පස ඇටයෙන් ගනු ලැබිණ. ඉන්පසු ඔහු බෙන්යමින් ගෝත්‍රයේ එක් එක් පෙළපත ළං කර වූ කල, මට්රී පෙළපත පස ඇටයෙන් ගනු ලැබිණ. ඉන්පසු කීෂ්ගේ පුත් සාවුල් පස ඇටයෙන් තෝරාගනු ලැබිණ. එහෙත් ඔවුහු ඔහු සෙවූ කල, ඔහු දක්නට නො වී ය. එබැවින් ඔවුහු තවදුරටත් ස්වාමින්වහන්සේ විමසමින්, “ඒ මිනිසා මෙහි අවුත් සිටී දැ?” යි ඇසූහ. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “අන්න! ඔහු බඩු අතරේ සැඟවී සිටිතැ” යි පැවසූ සේක.
1 සාමුවෙල් 10:20-22 Sinhala Revised Old Version (SROV)
මෙසේ සාමුවෙල් සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ළංකෙරෙවු විට බෙන්යමින් ගෝත්‍රය ගන්නාලද්දේය. බෙන්යමින් ගෝත්‍රය පවුල් වශයෙන් ළංකෙරෙවු විට මට්රීගේ පවුල ගන්නා ලද්දේය. කීෂ්ගේ පුත්‍රවූ සාවුල්ද ගන්නාලද්දේය; නුමුත් ඔවුන් ඔහු සෙවූ විට ඔහු සම්බවුණේ නැත. එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.
1 සාමුවෙල් 10:20-22 Sinhala New Revised Version (NRSV)
මෙසේ සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනතාව එක එක ගෝත්‍රය වශයෙන් ඉදිරිපත් කෙළේ ය. සමිඳාණන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රය තෝරාගත් සේක. ඉන්පසු සාමුවෙල් බෙන්ජමින්ගේ ගෝත්‍රයේ අය පවුල් වශයෙන් ඉදිරිපත් කෙළේ ය. ඒවායින් මට්රීගේ පවුල තෝරාගන්නා ලද්දේ ය. ඒ පවුලෙන් කිෂ්ගේ පුත් සාවුල් තෝරාගන්න ලද්දේ ය. එහෙත්, ඔවුන් සාවුල් කොහේ දැ යි සෙවූ නමුත්, ඔහු සොයාගත නොහැකි විය. එබැවින් ඔව්හු, “ඒ මිනිසා මෙහි ඇවිත් සිටී දැ”යි යළිත් සමිඳාණන් වහන්සේගෙන් ඇසුවෝ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔහු භාණ්ඩ අතරේ සැඟවී සිටී”යි වදාළ සේක.
1 සාමුවෙල් 10:20-22 Sinhala New Revised Version 2018 (SNRV)
මෙසේ සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනතාව එක එක ගෝත්‍රය වශයෙන් ඉදිරිපත් කෙළේ ය. සමිඳාණන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රය තෝරාගත් සේක. ඉන්පසු සාමුවෙල් බෙන්ජමින්ගේ ගෝත්‍රයේ අය පවුල් වශයෙන් ඉදිරිපත් කෙළේ ය. ඒවායින් මට්රීගේ පවුල තෝරාගන්නා ලද්දේ ය. ඒ පවුලෙන් කිෂ්ගේ පුත් සාවුල් තෝරාගන්න ලද්දේ ය. එහෙත්, ඔවුන් සාවුල් කොහේ දැ යි සෙවූ නමුත්, ඔහු සොයාගත නොහැකි විය. එබැවින් ඔව්හු, “ඒ මිනිසා මෙහි ඇවිත් සිටී දැ”යි යළිත් සමිඳාණන් වහන්සේගෙන් ඇසුවෝ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔහු භාණ්ඩ අතරේ සැඟවී සිටී”යි වදාළ සේක.
1 සාමුවෙල් 10:20-22 New International Version (NIV)
When Samuel had all Israel come forward by tribes, the tribe of Benjamin was taken by lot. Then he brought forward the tribe of Benjamin, clan by clan, and Matri’s clan was taken. Finally Saul son of Kish was taken. But when they looked for him, he was not to be found. So they inquired further of the LORD, “Has the man come here yet?” And the LORD said, “Yes, he has hidden himself among the supplies.”