1 සාමුවෙල් 10:2
1 සාමුවෙල් 10:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අද ඔබ මා වෙතින් ඉවත් ව යන කල, බෙන්යමින් දේශ සීමාවේ සෙල්සාහි, රාඛෙල්ගේ සොහොන අසලදී මිනිසුන් දෙදෙනකු ඔබට හමු වනු ඇත. ඔවුන් ඔබට කතා කොට, ‘ඔබ සොයන්නට ගිය බූරු දෙනුන් හමු වුණා. දැන් ඔබේ පියා බූරු දෙනුන් ගැන කල්පනාව අත්හැර, ඔබ ගැන කනස්සලු වෙමින් සිටී. “මගේ පුතා ගැන මා කුමක් කරන්නේ ද?” කියා ඔහු අසතැ’ යි” කී වග කියනු ඇත.
1 සාමුවෙල් 10:2 Sinhala Revised Old Version (SROV)
නුඹ අද මා ළඟින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ශෙල්ශාහි තිබෙන රාඛෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් නුඹට සම්බවන්නෝය; ඔවුන් නුඹට කථාකොට–නුඹ සොයන්ට ගිය කොටළුවෝ සම්බවුණෝය. නුඹේ පියාණෝ කොටළුවන්ගේ කාරණය අත්හැර: මාගේ පුත්‍රයා ගැන මක්කරම්දැයි කියමින් නුඹලා ගැන ශෝකවන්නේයයි කියනවා ඇත.
1 සාමුවෙල් 10:2 Sinhala New Revised Version (NRSV)
ඔබ අද මා ළඟින් පිටත් ව යන විට, බෙන්ජමින්ගේ දේශ සීමාවේ ශෙල්ශාහි තිබෙන රාකෙල්ගේ සොහොන් පළ ළඟ දී මිනිසුන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන් ඔබට කතා කොට, ඔබ සොයන්නට ගිය කොටළුවන් සම්බ වූ බවත්, ඔබේ පියා කොටළුවන් ගැන නොව ඔබ ගැන කරදර වන බවත්, ‘මාගේ පුත්‍රයා ගැන මම කුමක් කරම් දැ’යි කිය කියා සිටින බවත් ඔබට කියනු ඇත.
1 සාමුවෙල් 10:2 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ අද මා ළඟින් පිටත් ව යන විට, බෙන්ජමින්ගේ දේශ සීමාවේ ශෙල්ශාහි තිබෙන රාකෙල්ගේ සොහොන් පළ ළඟ දී මිනිසුන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන් ඔබට කතා කොට, ඔබ සොයන්නට ගිය කොටළුවන් සම්බ වූ බවත්, ඔබේ පියා කොටළුවන් ගැන නොව ඔබ ගැන කරදර වන බවත්, ‘මාගේ පුත්‍රයා ගැන මම කුමක් කරම් දැ’යි කිය කියා සිටින බවත් ඔබට කියනු ඇත.
1 සාමුවෙල් 10:2 New International Version (NIV)
When you leave me today, you will meet two men near Rachel’s tomb, at Zelzah on the border of Benjamin. They will say to you, ‘The donkeys you set out to look for have been found. And now your father has stopped thinking about them and is worried about you. He is asking, “What shall I do about my son?” ’