1 සාමුවෙල් 1:9-11
1 සාමුවෙල් 1:9-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ෂීලෝහි දී ඔවුන් කෑ-බී පසු, හන්නා නැගිට්ටා ය. ඒ අතර පූජක ඒලී ස්වාමින්වහන්සේගේ මාලිගයේ උළුවස්ස පසෙක අසුනක හිඳගෙන සිටියේ ය. අධික සිත් තැවුලෙන් හොඳට ම හැඬූ හන්නා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළා ය. ඈ බාරයක් වෙමින්, “අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, ඔබගේ සේවිකාවගේ දුක්ඛිතකම දෙස බලා, මා මතක් කර, ඔබගේ සේවිකාව අමතක නො කර, ඔබවහන්සේ ඇයට පුතකු ලබා දෙන්නේ නම්, ඔහුගේ මුළු ජීවිත කාලයට ම මම ස්වාමින්වහන්සේට ඔහු දෙන්නෙමි. දැළි පිහියක් කිසි දින ඔහුගේ හිසට තබනු නැතැ” යි කීවා ය.
1 සාමුවෙල් 1:9-11 Sinhala Revised Old Version (SROV)
ෂීලෝහිදී ඔවුන් කා බී පසුව හන්නා නැගිට ගියාය. ඒලී පූජකයා ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ උළුවහුකණුව ළඟ තිබුණ තමාගේ ආසනයේ ඉඳගන උන්නේය. ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය. ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.
1 සාමුවෙල් 1:9-11 Sinhala New Revised Version (NRSV)
වරක් ෂිලෝහි දී ඔවුන් කා බී හමාර වූ පසු හන්නා නැඟිට සිටියා ය. ඒලී නම් පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උළුවහු කණුව ළඟ තිබුණු සිය ආසනේ හිඳගෙන සිටියේ ය. හන්නාගේ සිත ශෝකයෙන් පිරී තිබිණි. ඈ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් අඬ අඬා සිටියා ය. ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.
1 සාමුවෙල් 1:9-11 Sinhala New Revised Version 2018 (SNRV)
වරක් ෂිලෝහි දී ඔවුන් කා බී හමාර වූ පසු හන්නා නැඟිට සිටියා ය. ඒලී නම් පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උළුවහු කණුව ළඟ තිබුණු සිය ආසනේ හිඳගෙන සිටියේ ය. හන්නාගේ සිත ශෝකයෙන් පිරී තිබිණි. ඈ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් අඬ අඬා සිටියා ය. ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.
1 සාමුවෙල් 1:9-11 New International Version (NIV)
Once when they had finished eating and drinking in Shiloh, Hannah stood up. Now Eli the priest was sitting on his chair by the doorpost of the LORD’s house. In her deep anguish Hannah prayed to the LORD, weeping bitterly. And she made a vow, saying, “LORD Almighty, if you will only look on your servant’s misery and remember me, and not forget your servant but give her a son, then I will give him to the LORD for all the days of his life, and no razor will ever be used on his head.”