1 සාමුවෙල් 1:12-15
1 සාමුවෙල් 1:12-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇය ස්වාමින්වහන්සේ අබියස යාච්ඤා කරද්දී, ඒලී ඇගේ මුව දෙස බලා සිටියේ ය. හන්නා යාච්ඤා කළේ ඇගේ හදවතින් ය. ඇගේ තොල් සැලුණා විනා ඇගේ කටහඬ ඇසුණේ නැත. එබැවින් ඇය බීමත් ව සිටිතැයි සිතූ ඒලී, ඇය අමතමින්, “තව කොපමණ වේලා නුඹ බීමත් ව හැසිරෙනවා ද? නුඹේ මිදි යුෂ මතින් මිදෙන්නැ” යි කීවේ ය. හන්නා පිළිතුරු දෙමින්, “එසේ නො වෙයි මා ස්වාමිනි, මා හොඳටෝ ම දුකට පත් ස්ත්‍රියක්; මා මිදි යුෂ හෝ අන් මත්පැනක් බීලා නො වේ. මා කළේ ස්වාමින්වහන්සේ ඉදිරියේ මගේ සිත්සතන් වැගිරවීමයි.
1 සාමුවෙල් 1:12-15 Sinhala Revised Old Version (SROV)
ඈ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤාකරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේය. මක්නිසාද හන්නා තමාගේ සිත තුළේම කථාකළාය. ඇගේ තොල් පමණක් සෙලවුණේය, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඉන්නිසා ඈ බී මත්වෙලායයි ඒලී සිතුවේය. ඒලී ඈට කථාකොට: නුඹ කොපමණ කල් මත්ව සිටිනවාද? නුඹේ මුද්‍රිකපානය නුඹෙන් පහකරන්නැයි කීවේය. හන්නා උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, එසේ නොවේ, මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්ය. මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබීවෙමි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ ආත්මය වැගිරෙවුවෙමි.
1 සාමුවෙල් 1:12-15 Sinhala New Revised Version (NRSV)
හන්නා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤා කරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේ ය. හන්නා නිශ්ශබ්ද ව යාච්ඤා කළා ය. ඇගේ තොල් පමණක් සෙලවුණ නමුත්, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඒ නිසා ඈ බීමත් වී සිටිති යි ඒලී සිතුවේ ය. ඒලී කතා කොට, “ඔබ කොපමණ කල් වෙරි වී සිටින්නෙහි ද? වෙරි මත ඔබෙන් පහ වන තුරු ඉවතට යන්නැ”යි කී ය. හන්නා උත්තර දෙමින්, “මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රික පානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි උන් වහන්සේ ඉදිරියෙහි වැගිර වූයෙමි.
1 සාමුවෙල් 1:12-15 Sinhala New Revised Version 2018 (SNRV)
හන්නා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤා කරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේ ය. හන්නා නිශ්ශබ්ද ව යාච්ඤා කළා ය. ඇගේ තොල් පමණක් සෙලවුණ නමුත්, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඒ නිසා ඈ බීමත් වී සිටිති යි ඒලී සිතුවේ ය. ඒලී කතා කොට, “ඔබ කොපමණ කල් වෙරි වී සිටින්නෙහි ද? වෙරි මත ඔබෙන් පහ වන තුරු ඉවතට යන්නැ”යි කී ය. හන්නා උත්තර දෙමින්, “මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රික පානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි උන් වහන්සේ ඉදිරියෙහි වැගිර වූයෙමි.
1 සාමුවෙල් 1:12-15 New International Version (NIV)
As she kept on praying to the LORD, Eli observed her mouth. Hannah was praying in her heart, and her lips were moving but her voice was not heard. Eli thought she was drunk and said to her, “How long are you going to stay drunk? Put away your wine.” “Not so, my lord,” Hannah replied, “I am a woman who is deeply troubled. I have not been drinking wine or beer; I was pouring out my soul to the LORD.