1 පේතෘස් 3:2-6

1 පේතෘස් 3:2-6 Sinhala Revised Old Version (SROV)

ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙන්න. නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා. මක්නිසාද පුරාණ කාලයෙහි දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවුණ ශුද්ධවූ ස්ත්‍රීවරු තමුන්ගේ පුරුෂයන්ට යටත්ව මෙලෙස අලංකාරවුණෝය. එලෙස සාරා ආබ්‍රහම්ට ස්වාමියායයි කියමින් කීකරුවුණාය. නුඹලාත් කිසි භීතියක් කරණකොටගෙන භය නොවී යහපත කරන්නහු නම්, ඇගේ දරුවෝව සිටින්නහුය.

1 පේතෘස් 3:2-6 Sinhala New Revised Version (NRSV)

ඔබගේ නිර්මල, විනීත හැසිරීමෙන් ඔවුන් දිනාගැනීමට හැකි වනු ඇත. ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි. එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය. පුරාණ කාලයේ දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබූ භක්තිවන්ත ස්ත්‍රීවරු ස්වකීය ස්වාමි පුරුෂයන්ට යටත් ව මෙලෙස අලංකාරවත් වූ හ. ඒ අයුරින් සාරා ආබ්‍රහම්ට “මාගේ ස්වාමියා” යයි කියමින් කීකරු වූවා ය. ඔබත්, බිය නොවී යහපත කරන්නහු නම් ඇගේ දරුවෝ වන්නහු ය.

1 පේතෘස් 3:2-6 Sinhala New Revised Version 2018 (SNRV)