1 පේතෘස් 2:7-10

1 පේතෘස් 2:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මේ අනර්ඝ වටිනාකම අදහන්නා වූ ඔබට ය; එහෙත් නො අදහන්නා වූ අයට, “ඉදිකරන්නන් ප්‍රතික්ෂේප කළ ගල, ප්‍රධාන කොනේ ගල බවට පත් විය.” තවද එය, “පැකිළවීමේ ගලකි, බාධාවේ පර්වතයකි.” ඔවුහු වචනයට අකීකරු ව පැකිළෙති. ඒ, ඔවුනට නියම ව ඇති පරිදි ය. එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේ ම භුක්තිය වූ ජනතාවකි. වරක් ඔබ ජනතාවක් ව සිටියේ නැත. එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේගේ ජනතාව ය. වරක් ඔබ දයාව ලද්දේ නැත. එහෙත් දැන් ඔබ දයාව ලැබ සිටිති.

1 පේතෘස් 2:7-10 Sinhala Revised Old Version (SROV)

එබැවින් අදහන්නාවූ නුඹලාට ඒ ගෞරවය ඇත්තේය. නුමුත් නොඅදහන්නන්ට, ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල කරනලද්දේය. තවද, එය පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරනලද්දේය. මක්නිසාද ඔව්හු වචනයට අකීකරුව සිට පැකිලෙති. ඊටද ඔව්හු නියම කරනලද්දෝය. නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය. වරක් නුඹලා සෙනඟක්ව සිටියේ නැත, නුමුත් දැන් දෙවියන්වහන්සේගේ සෙනඟව සිටින්නහුය; දයාව නොලැබ සිටිය නුමුත් දැන් දයාව ලැබ සිටින්නහුය.

1 පේතෘස් 2:7-10 Sinhala New Revised Version (NRSV)

එබැවින් ඒ ගලෙහි වටිනාකමක් ඇත්තේ අදහන ඔබ උදෙසා ය; එහෙත් අදහානොගත් අයට: “ගෙවල් සාදන්නන් ප්‍රතික්ෂේප කළ ගල ම කොණේ ප්‍රධාන ගල වී ඇත.” තවද: “එය පැකිළී වැටෙන පිණිස ගලක් ද, බාධා වන පිණිස පර්වතයක් ද වී ඇත.” මන්ද, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති. එය ඔවුන්ට නියමිත දේ විය. එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය. වරක් ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ ව නොසිටියහ; දැන් ඔබ උන් වහන්සේගේ සෙනඟ ව සිටින්නහු ය. වරක් ඔබ දයාව නොලැබ සිටියහු ය; දැන් ඔබ දයාව ලැබ සිටින්නහු ය.

1 පේතෘස් 2:7-10 Sinhala New Revised Version 2018 (SNRV)