1 පේතෘස් 2:4-9 - Compare All Versions
1 පේතෘස් 2:4-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුදු දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද, උන්වහන්සේට අනර්ඝ වූ ජීවමාන ගලක් බඳු තැනැත්තාණන් වෙත ඔබ ආ කල, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට පිළිගත මනා ආත්මික යාග පූජා ඔප්පු කරන ශුද්ධ වූ පූජක පන්තියක් වන පිණිස, ඔබත් ආත්මික ගෘහයක් ව ගොඩ නැගෙන ජීවමාන ගල් වැන්න. මන්ද ශුද්ධ ලියවිල්ල දක්වන්නේ මෙසේ ය: “මෙන්න, තෝරාගනු ලැබූ, අනර්ඝ කොනේ ගලක්, මම සියොනෙහි තබමි; උන්වහන්සේ තුළ විශ්වාස කරන කිසිවෙක්, ලජ්ජාවට පත් නො වේ.” මේ අනර්ඝ වටිනාකම අදහන්නා වූ ඔබට ය; එහෙත් නො අදහන්නා වූ අයට, “ඉදිකරන්නන් ප්‍රතික්ෂේප කළ ගල, ප්‍රධාන කොනේ ගල බවට පත් විය.” තවද එය, “පැකිළවීමේ ගලකි, බාධාවේ පර්වතයකි.” ඔවුහු වචනයට අකීකරු ව පැකිළෙති. ඒ, ඔවුනට නියම ව ඇති පරිදි ය. එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේ ම භුක්තිය වූ ජනතාවකි.
1 පේතෘස් 2:4-9 SROV (Sinhala Revised Old Version)
මනුෂ්‍යයන් විසින් එපාකළ නුමුත් දෙවියන්වහන්සේ විසින් තෝරාගත්තාවූ අනර්ඝ ජීවමාන ගලක් වැනි උන්වහන්සේ වෙතට පැමිණ, නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය, ඉන්නිසා: බලව, තෝරාගත්, අනර්ඝ, කොනේ ප්‍රධාන ගලක්, සියොන්හි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ලේ අන්තර්ගතව තිබේ එබැවින් අදහන්නාවූ නුඹලාට ඒ ගෞරවය ඇත්තේය. නුමුත් නොඅදහන්නන්ට, ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල කරනලද්දේය. තවද, එය පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරනලද්දේය. මක්නිසාද ඔව්හු වචනයට අකීකරුව සිට පැකිලෙති. ඊටද ඔව්හු නියම කරනලද්දෝය. නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.
1 පේතෘස් 2:4-9 NRSV (Sinhala New Revised Version)
මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ, අනර්ඝ ජීවමාන ගලක් වැනි, උන් වහන්සේ වෙත පැමිණෙන්න. ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න. එබැවින්: “බලන්න, තෝරාගත් ඉතා අනගි, කොණේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි; උන් වහන්සේ අදහන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේ ය”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත. එබැවින් ඒ ගලෙහි වටිනාකමක් ඇත්තේ අදහන ඔබ උදෙසා ය; එහෙත් අදහානොගත් අයට: “ගෙවල් සාදන්නන් ප්‍රතික්ෂේප කළ ගල ම කොණේ ප්‍රධාන ගල වී ඇත.” තවද: “එය පැකිළී වැටෙන පිණිස ගලක් ද, බාධා වන පිණිස පර්වතයක් ද වී ඇත.” මන්ද, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති. එය ඔවුන්ට නියමිත දේ විය. එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.
1 පේතෘස් 2:4-9 SNRV (Sinhala New Revised Version 2018)

1 පේතෘස් 2:4-9 NIV (New International Version)
As you come to him, the living Stone—rejected by humans but chosen by God and precious to him— you also, like living stones, are being built into a spiritual house to be a holy priesthood, offering spiritual sacrifices acceptable to God through Jesus Christ. For in Scripture it says: “See, I lay a stone in Zion, a chosen and precious cornerstone, and the one who trusts in him will never be put to shame.” Now to you who believe, this stone is precious. But to those who do not believe, “The stone the builders rejected has become the cornerstone,” and, “A stone that causes people to stumble and a rock that makes them fall.” They stumble because they disobey the message—which is also what they were destined for. But you are a chosen people, a royal priesthood, a holy nation, God’s special possession, that you may declare the praises of him who called you out of darkness into his wonderful light.