1 රාජාවලිය 7:13-14
1 රාජාවලිය 7:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාලමොන් රජු පණිවුඩ යවා, තීර් වෙතින් හීරාම් ගෙන්වා ගත්තේ ය. ඔහුගේ වැන්දඹු මව නෆ්තලී ගෝත්‍රික වූ අතර තීර් වැසියකු වූ ඔහුගේ පියා ලෝකඩ ශිල්පියෙක් විය. හීරාම් සකල විධ ලෝකඩ වැඩවලට නිපුණ ශිල්පියෙකි. සාලමොන් රජු වෙත ආ ඔහු තමාට පවරන ලද සියලු කාර්යයන් කර දුන්නේ ය.
1 රාජාවලිය 7:13-14 Sinhala Revised Old Version (SROV)
සාලමොන් රජ තීර්හි සිට හීරාම් ගෙන්වා ගත්තේය. ඔහු නප්තලී ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක්ය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්වූ ලෝකුරුවෙක්ය; ඔහු සියලු ආකාර පිත්තල වැඩකිරීමට ප්‍රඥාවෙන්ද තේරුමෙන්ද දැනගැන්මෙන්ද පූර්ණව සිටියේය. ඔහු සාලමොන් රජු ළඟට ඇවිත් ඔහුගේ සියලු වැඩ කෙළේය.
1 රාජාවලිය 7:13-14 Sinhala New Revised Version (NRSV)
සලමොන් රජ පණිවුඩයක් යවා තීර් නගරයේ සිට හීරාම් නමැත්තෙකු ගෙන්වා ගත්තේ ය. ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.
1 රාජාවලිය 7:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
සලමොන් රජ පණිවුඩයක් යවා තීර් නගරයේ සිට හීරාම් නමැත්තෙකු ගෙන්වා ගත්තේ ය. ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.
1 රාජාවලිය 7:13-14 New International Version (NIV)
King Solomon sent to Tyre and brought Huram, whose mother was a widow from the tribe of Naphtali and whose father was from Tyre and a skilled craftsman in bronze. Huram was filled with wisdom, with understanding and with knowledge to do all kinds of bronze work. He came to King Solomon and did all the work assigned to him.