1 රාජාවලිය 4:24-25
1 රාජාවලිය 4:24-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු ගංගාවට බටහිර දෙසින්, තිෆ්සා සිට ගාසා දක්වා වන පළාතේ සියලු රජවරුන් පාලනය කළේ ය. හැම අතින් ම සාමය පැවතිණි. සාලමොන්ගේ ජීවිත කාලය තුළදී දාන් පටන් බෙයර්ෂෙබා දක්වා යූදාවරු හා ඉශ්රායෙල්වරු සුරක්ෂිත ව වාසය කළහ. හැම කෙනෙක් ම තම තමාගේ මිදි වැල හා අත්තික්කා ගහ යට වාසය කළහ.
1 රාජාවලිය 4:24-25 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔහු තිප්සා පටන් ගාශා දක්වාම ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශයද ගංගාවෙන් මෙගොඩ සියලු රජුන්ද කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔහු අවට සෑම දිශාවලද ඔහුට සමාදානය තිබුණේය. සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඉශ්රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.
1 රාජාවලිය 4:24-25 Sinhala New Revised Version (NRSV)
ඔහු තිප්සා පටන් ගාසා දක්වා ම යුප්රටීස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශය ද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන් ද පාලනය කෙළේ ය. ඔහු අවට සෑම දිශාවල සාමය පැවතිණි. මොහුගේ මුළු කාලය තුළ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද එකිනෙකා තම තමාගේ මිදි වතු හා අත්තික්කා වතුවල අයිතිය භුක්ති විඳිමින් සුව සේ වාසය කළෝ ය.
1 රාජාවලිය 4:24-25 Sinhala New Revised Version 2018 (SNRV)
ඔහු තිප්සා පටන් ගාසා දක්වා ම යුප්රටීස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශය ද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන් ද පාලනය කෙළේ ය. ඔහු අවට සෑම දිශාවල සාමය පැවතිණි. මොහුගේ මුළු කාලය තුළ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද එකිනෙකා තම තමාගේ මිදි වතු හා අත්තික්කා වතුවල අයිතිය භුක්ති විඳිමින් සුව සේ වාසය කළෝ ය.
1 රාජාවලිය 4:24-25 New International Version (NIV)
For he ruled over all the kingdoms west of the Euphrates River, from Tiphsah to Gaza, and had peace on all sides. During Solomon’s lifetime Judah and Israel, from Dan to Beersheba, lived in safety, everyone under their own vine and under their own fig tree.