1 රාජාවලිය 22:41-42
1 රාජාවලිය 22:41-42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල් රජු වූ ආහාබ්ගේ හතර වන වසරේ ආසාගේ පුත් යෙහෝෂාෆාට්, යූදාහි රජකමට පත් විය. යෙහෝෂාෆාට් රජකමට පත් වන කල ඔහු තිස්පස් වන වියේ පසු විය. ඔහු යෙරුසලමේ වසර විසිපහක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අසූබා ය. ඇය ෂිල්හීගේ දියණියයි.
1 රාජාවලිය 22:41-42 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් රජවූ ආහබ්ගේ සතරවෙනි අවුරුද්දේදී ආසාගේ පුත්රවූ යෙහෝෂාපාට් තෙමේ යූදා කෙරෙහි රජවුණේය. යෙහෝෂාපාට් රජවෙන කල අවුරුදු තිස් පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමේ විසි පස් අවුරුද්දක් රජකම් කෙළේය. ඔහුගේ මවුගේ නම අසූබාය, ඈ ෂිල්හීගේ දුවය.
1 රාජාවලිය 22:41-42 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් රජ වන ආහබ්ගේ සතර වන අවුරුද්දේ දී ආසාගේ පුත් ජෙහෝෂාපාට් තෙමේ ජුදාහි රජ විය. ජෙහෝෂාපාට් රජ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමේ විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය.
1 රාජාවලිය 22:41-42 Sinhala New Revised Version 2018 (SNRV)
ඉශ්රායෙල් රජ වන ආහබ්ගේ සතර වන අවුරුද්දේ දී ආසාගේ පුත් ජෙහෝෂාපාට් තෙමේ ජුදාහි රජ විය. ජෙහෝෂාපාට් රජ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමේ විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය.
1 රාජාවලිය 22:41-42 New International Version (NIV)
Jehoshaphat son of Asa became king of Judah in the fourth year of Ahab king of Israel. Jehoshaphat was thirty-five years old when he became king, and he reigned in Jerusalem twenty-five years. His mother’s name was Azubah daughter of Shilhi.