1 රාජාවලිය 2:5-6 - Compare All Versions

1 රාජාවලිය 2:5-6 SROV (Sinhala Revised Old Version)

තවද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් විසින් මට කළ දේ, එසේය, ඉශ්‍රායෙල් සේනාවල අධිපතීන් දෙදෙනාවූ නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ටත් යෙතෙර්ගේ පුත්‍රවූ අමාසාටත් කළ දේ නුඹ දන්නෙහිය; ඔහු ඔවුන් මරා සමාදාන කාලයේදී යුද්ධ ලේ වගුරුවා තමාගේ ඉඟටියෙහි තිබුණු පටිය පිටත් තමාගේ පාදවල තිබුණු වහන් පිටත් යුද්ධ ලේ දමාගත්තේය. එබැවින් ඔහුගේ පැසුණු හිසකේ සමාදානයෙන් මිනීවලට බසින්ට නොදී ප්‍රස්තාවට සුදුසු ලෙස නුවණින් ක්‍රියාකරන්න.

බෙදාගන්න
1 රාජාවලිය 2 SROV

1 රාජාවලිය 2:5-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“තවද සෙරූයාගේ පුත්‍ර යෝවාබ් මට කළ දේ, එනම් ඉශ්‍රායෙල් හමුදාපතීන් දෙදෙනකු වන නේර්ගේ පුත්‍ර අබ්නේර්ට හා යෙතෙර්ගේ පුත්‍ර අමාසාට ඔහු කළ දේ ඔබ දනී. ඔහු ඔවුන් ඝාතන කොට, සාමය ඇති කාලයේදී පවා යුද්ධයකදී මෙන් ඔවුන්ගේ ලේ වගුරුවා, ඔහු ඒ ලේ තම ඉඟ බැඳි බඳ පටියේ හා පයලන වහන්වල තවරාගෙන ඇත; එබැවින් ඔබගේ ප්‍රඥාවට අනුව ඔහු ගැන කටයුතු කරන්න. එහෙත් ඔහුගේ පැසුණු හිස, සාමයෙන් මිනී වළට යන්නට ඉඩ නො හරින්න.

බෙදාගන්න
1 රාජාවලිය 2 SCV

1 රාජාවලිය 2:5-6 NRSV (Sinhala New Revised Version)

“තවද, ශෙරුයාගේ පුත් ජෝවාබ් විසින් මට කරනු ලැබූ දේ එනම්, ඉශ්රායෙල් හමුදාවල සෙන්පතීන් දෙදෙනා වූ නේර්ගේ පුත් අබ්නේර්ටත්, ජෙතෙර්ගේ පුත් අමාසාටත් කළ දේ ඔබ දන්නෙහි ය. ඔහු ඔවුන් මරා, සාමය ඇති කාලයේ දී යුද්ධ ලේ වගුරුවා මාගේ ඉඟපටියෙහිත්, මාගේ පා වහන්වලත් යුද්ධ ලේ තැවරුවේ ය. එබැවින් ඔබ ස්ථානෝචිත ප්‍රඥාව ඇතිව ක්‍රියා කරමින් ඔහුට මහලු වයසේ දී සැනසිල්ලෙන් මැරෙන්න ඉඩ නොදෙන්න.

බෙදාගන්න
1 රාජාවලිය 2 NRSV

1 රාජාවලිය 2:5-6 SNRV (Sinhala New Revised Version 2018)

“තවද, ශෙරුයාගේ පුත් ජෝවාබ් විසින් මට කරනු ලැබූ දේ එනම්, ඉශ්රායෙල් හමුදාවල සෙන්පතීන් දෙදෙනා වූ නේර්ගේ පුත් අබ්නේර්ටත්, ජෙතෙර්ගේ පුත් අමාසාටත් කළ දේ ඔබ දන්නෙහි ය. ඔහු ඔවුන් මරා, සාමය ඇති කාලයේ දී යුද්ධ ලේ වගුරුවා මාගේ ඉඟපටියෙහිත්, මාගේ පා වහන්වලත් යුද්ධ ලේ තැවරුවේ ය. එබැවින් ඔබ ස්ථානෝචිත ප්‍රඥාව ඇතිව ක්‍රියා කරමින් ඔහුට මහලු වයසේ දී සැනසිල්ලෙන් මැරෙන්න ඉඩ නොදෙන්න.

බෙදාගන්න
1 රාජාවලිය 2 SNRV

1 රාජාවලිය 2:5-6 NIV (New International Version)

“Now you yourself know what Joab son of Zeruiah did to me—what he did to the two commanders of Israel’s armies, Abner son of Ner and Amasa son of Jether. He killed them, shedding their blood in peacetime as if in battle, and with that blood he stained the belt around his waist and the sandals on his feet. Deal with him according to your wisdom, but do not let his gray head go down to the grave in peace.

බෙදාගන්න
1 රාජාවලිය 2 NIV